• ප්‍රවර්ග
    ප්‍රවර්ග ප්‍රවර්ග සියල්ල ලැයිස්තුවක් ලෙස පෙන්වයි.
  • ප්‍රවර්ග
    ප්‍රවර්ග සම්බන්ධිත ප්‍රවර්ග ලැයිස්තුවක් ලෙස පෙන්වයි.

ප්‍රාග් ඓතිහාසික යුගය

ඊස්ටර් අයිලන්ඩ් දූපත ලොව පුරා ප්‍රසිද්ධ වූයේ වසර දහස් ගණනකට පෙර නිර්මානය කළ ගුප්ත මිනිස් මුහුණු සහිත ශෛලමය මූර්ති නිසාය. ඒවා කවරෙකු විසින් කවර අරමුණක් සඳහා නිර්මාණය කලාදැයි තවමත් කිසිවෙකුත් නොදනී.

එබැවින් ඒ පිළිබඳව මත රාශියක් තිබේ. ඈත අහස දෙස ඒවායේ මුහුණු හරවා තිබෙන්නේ පිටසක්වල පැමිණෙන පිරිසක් බලාපොරොත්තුවෙන් බවටද මතයක් පවතී.

මේ අතර හල්දුම්මුල්ල කළුපහන නිදන්ගොඩ කන්දේ හුදකලාව පැවති ගලපිටගල පාෂාන සැකැස්මද මීට වසර දහස් ගණනකට පෙර දඩයම් යුගයේ මිනිසුන් විසින් මිනිස් හිසක් සහිත මූර්තියක් නිර්මාණය කිරීමට ගත් උත්සාහයක් බවට නවතම මතයක් ඉදිරිපත්වී තිබේ.

ඒ බව පවසන්නේ හල්දුම්මුල්ල වෑ එළිය හුළුතලාවේ හුණුගල් ගුහාවකින් වසර දහස් ගනනකට පෙර පුරාවස්තු සොයාගත් පුරාවිද්‍යා ගවේශක රාජ් සෝමදේව මහත් ප්‍රමුඛ කණ්ඩායම විසිනි. ස්වභාවිකව තැන්පත්වී ඇති අඩි 30ක් පමණ උස ගලක් මත රැඳුණු මෙම පර්වතය කුට්ටිය ප්‍රදේශවාසීන් හැඳින්වුයේ ගලපිටගල යන නමිනි. එම මූර්තියේ මුහුණ තිබෙන්නේ උතුරු කඳුකරය දෙස බලාගන සිටින අයුරිනි.

දඩයම් යුගයේ ජීවත් වූ ශ්‍රී ලාංකිකයින් කෘෂිකාර්මික යුගයට ජීවත්වීම පිළිබිඹු වන සාක්ෂි සහිත ලෙනක් පසුගියදා හල්දුම්මුල්ල, වෑ එළිය ග්‍රාමසේවා වසමේ, වල්මීතලාව ප්‍රදේශයේ පිහිටි හුණුතලාගල ගුහාවේ තිබී සොයාගත් අතර එහි තිබී සොයාගත් පුරාවස්තූන් වසර 4,500-5,000ක් අතර කාලයේ භාවිතා කළ ඒවාය.

එම ගල්ගුහාවෙන් හමුවූ ස්ත්‍රී උඩුකය අනුව එය යාතුකර්ම සිදුකල ගුහාවක් යැයි විශ්වාස කරන අතර එම ස්ථානයේදී ස්ත්‍රීන්ට දරු උපත් ලබාදීම හා ගැබිනියන් ආරක්ෂාව සඳහා කල යාතු සිදුකරන්නට ඇතැයි ද ඔවුන් විශ්වාස කරයි.

එම ලෙනෙක් හමුවූ හුණු මූර්තියේත් ගලපිටගල පාෂාන සැකැස්මෙත් සමාන ලක්ෂන පෙන්නුම් කරන බවත් පර්වත කුට්ටිය මිනිස් මුහුනක් ලෙසින් හඩ ගැන්වීමට වෑයම් කර ඇති බවත් මහාචාර්යවරයා පවසයි.

"මුහුනේ අංග ඉස්මතුකර දැක්වීම සඳහා ඉතාමත් ඕනෑකමින් කළ වෑයමක් ගැන සිතන්නට පුළුවන්. මෙය ස්වභාවික හේතූන් නිසා යම් වෙනස්වීම් වලට භාජනය වී තිබෙනවා. එහෙත් මුඛය ඉස්මතුකිරීම සඳහා කළ වෑයම ඉතාමත් හොඳින් මූර්තිමත් වෙනවා. එහි තොල් පිළිබඳ සලකුණක් ආරක්ෂා වී තිබනවා. මෙම මූර්තියේ නලල මධ්‍යයේ යමක් රඳවා තැබීමට උත්සාහ කල බව විශ්වාස කල හැකි කුහරයක් දක්නට ලැබෙනවා. මෙම හිස නිර්මාණය කර තිබෙන්නේ උතුරු කඳුකරය දෙස බලාගන සිටින ලෙසටයි. රටේ ප්‍රධාන ඉතිහාස ධාරවන්ගෙන් පිටත වූ පරාසයකට අයත් මෙවැනි වැදගත් ස්මාරක කෙරෙහි කඩිනම් අවධානය යොමුවිය යුතුයි"

ඇඟිල්ලෙන් මෙම ගල සෙලවිය හැකි මුත් අත ගසා මෙම ගල සෙලවීමට උත්සාහ කලහොත් සෙලවීමට නොහැකි බවද ප්‍රදේශවාසී පවසයි.

හල්දුම්මුල්ල ගුහාවෙන් හමුවූ හුණු මූර්තිය

Easter Island ලෙස හඳුන්වන දූපතේ පිහිටවා ඇති මූර්තියක්

'ගලපිට ගල' නමින් හැදින්වෙන වසර දහස් ගණනක් තිස්සේ හල්දුම්මුල්ල කළුපහන, නිදන්ගොඩ කන්දේ හුදෙකලාව පැවති පාෂාණ සැකැස්ම මිනිස් නිර්මාණයක් බව පුරාවිද්‍යා මහාචාර්ය රාජ් සෝමදේව පවසයි. එය වසර 5000ක් පැරණි මිනිසුන් මිනිස් හිසක් නිර්මාණය කිරීමට දැරූ ප්‍රයත්නයක් බවට රාජ් සෝමදේව මහතා හදුන්වා දෙයි.

මහාචාර්යවරයා මේ බව හදුනාගත්තේ ඉකුත් දින මේ සම්බන්ධයෙන් කළ ක්ෂේත‍්‍ර ගවේෂණයකදීය. විශාල ගල් පර්වතයක් මතවූ කුඩා ගල් කීපයක් මත සිරස් අතට පිහිටි ඇති පුදුම සහගත ලෙස නොපෙරළී තිබෙන විශාල ගල් පර්වතය මනුෂ්‍ය මුහුණක් ලෙස හැඩගැන්වීමට අතීතයේ කවර හෝ දිනක මිනිසා විසින් වෑයම් කර ඇති බව මහාචාර්ය රාජ් සෝමදේව මහතා පවසයි.

මහාචාර්ය රාජ් සෝමදේව මහතා මෙසේද ප‍්‍රකාශ කළේය.

'අප කළ ක්ෂේත‍්‍ර ගවේෂණයේදී' මනුෂ්‍ය හැඩරුව ඇති හුදකලාව පිහිටි මෙම ගල නිරීක්ෂණය කළා. ස්භාවිකව ගල් කුට්ටි කීපයක් මත ස්භාවිකවම තැන්පත් වී ඇති අඩි 30ක පමණ උසින් යුත් මෙම පර්වත කුටිය මිනිස් මුහුණක් ලෙස හැඩගැන්වීමට වෑයම් කර තිබෙනවා. මුහුණේ අංග ඉස්මතු කර දැක්වීම සදහා ඉතා ඕනෑකමින් කළ වෑයමක් ගැන හිතන්න පිළිවන්.

මෙය ස්වාභාවික හේතූන් නිසා යම් යම් වෙනස්කම් වලට භාජනය වී තිබෙනවා. එහෙත් මුඛය ඉස්මතු කිරීම සදහා දක්වන ලද වෑයම තවමත් හොදින් මුර්තිමත් කරනවා. එහි තොල් පිළිබද සලකුණු තවමත් සුරැකී තිබෙනවා. මෙම මූර්තියේ නළල මධ්‍යයේ තරමක විශාලත්වයෙන් යුත් කුහරයක් දක්නට ලැබීමෙන් පැහැදිලි වන්නේ එහි යමක් රදවා තබන්නට ඇති බවයි.

මෙම මිනිස් හිස උතුරු කදුකරය දෙස බලාගෙන සිටි ආකාරය නිර්මාණය කර තිබෙනවා. මෑතදී හල්දුම්මුල්ල වෑඑළිය හුණුගලාගල ගුහාවෙන් සොයාගත් වසර 5000ක් පමණ පැරණි බව කිව හැකි ගලින් කළ මිනිස් හිස දැක්වෙන මූර්තිය සහ නිදන්ගොඩ මිනිස් හිස මූර්තිය අතර කිසියම් සමානකමක් දක්නට තිබෙනවා. යැයිද මහාචාර්යවරයා සදහන් කළේය.

මෙම ස්ථානය සම්බන්ධයෙන් නිදන්ගොඩ ගම්වැසියන් අතර නොයෙකුත් ජනප‍්‍රවාද පවතී. මෙම මතුපිට ගල ඇගිල්ලෙන් සෙලවුවහොත් සෙලවිය හැකි වුවත් අතගා සෙලවීමට ගියහොත් සෙලවීමට නොහැකි බව එක් ජනප‍්‍රවාදයකි.

උපුටා ගැනීම - http://www.33000.lk/2013/09/Galapitagala-AncientRock.html

වැදුම්: 1731
0

අද සිංහල කතා කරන සමාජය තුල බහුතරය යයි කියන බෞද්ධයන් ඉන්දියාවේ සිටි බුද්ධ කෙනෙකු ගැන අනේක වාරයක් කියනු ඇසුව ද, හිරු දෙවියන් ගැන කියනු නොඇසෙන තරම්ය. හිරු යයි කියන්නේ සූර්යයාට යයි කියන කතාව නම් දස දෙසින් ඇසේ. එහෙත් මම කියන්නේ හිරු නමැති ආදි සිංහලයන් කී සූර්යයාට සම කල කෙනෙකු හෙවත් දෙවියකු ගැනයි. කෙසේ වෙතත් හිරුට වන්දනාමාන කරන අය විවිධ ජන කොටස් අතර සිටින බව දනිමු.

හිරු දෙවියන් සිංහල ජාතිය බිහිකල බවත්, දැනුම හිරු දෙවියන්ගේ බවත් බොහෝ අතීතයේ සිට පැවතුන බවට තොරතුරු අදත් ඇත. මම කලින් සඳහන් කල, (ක්‍රි.ව. 1815) දී සිංහල රට අල්ලාගත් ඉංග්‍රීසීන්ගේ ඇවසිතා සපුරාලීමට ලියූ - History of Ceylon from the Earliest Period to the Year 1815: With By Philalethes - (http://books.google.com.au/books?id=OkxFuKoEzBcC&printsec=frontcover&source=gbs_ge_summary_r&cad=0#v=onepage&q&f=false) නමැති පොතේ, හිරු ගැන ද ඉතාමත් වැදගත් තොරතුරු දක්වා ඇත්තේ, ලියන්නා කිසිදු දැනුමකින් තොරව ලියූ නිසා බව පෙනේ. හිරු ගැන මතකය, හිරුගේ ලක්ෂණ ආරූඪ කර තැනූ නොයෙකුත් පසුකාලීන නාමධාරීන් නිසා ගිලිහී ගිය බවක් පෙනේ. අද මිනිසුන් කියන්නේ, තමන්ගේ දේ අතහැර අනුන්ගේ දේ බදාගෙන, එය තමන්ගේ යයි කීමට කරුණු මවන, නන්නත්තාරයේ යන සත්ව විශේෂයක් නිසා, වාචික තොරතුරු හීන වුවද, ඉතිරි වී ඇති සූර්ය වන්දනාවේ නටබුන් ගත් කල, සූර්යයා වැඳීම නොකල මිනිස් සමාජයක් නොතිබූ තරම්ය. එසේ නොතිබුනා නම් ඒ සිංහල සමාජය තුල පමණි. එනයින් ඔවුන් හිරු යයි හැඳින්නුවේ සූර්යයා නොව පුද්ගලයකු බව තහවුරු වේ. හිරු යන වචනය හා බැඳි හූරා, හේ, ඔහේ, ඔහු වැනි වචන මේ බව තහවුරු කරන්නේ, එවැනි වචන බිහිවීමේ රටාවක් සිංහල සමාජය තුල පවතින නිසාය.

හිරු යනු පියා ලෙසත් සඳු යනු මව ලෙසත් ගෙන ඇති ජීවිත (ජෝතිෂ්‍ය) දැනුමේ, ඉහත කී හිරු ගේ නම ඇතත්, අනෙක් අතට සඳු යයි කතක් සිටිය බව සඳහන් නොවේ. කුජ, බුධ, ගුරු වැනි නම් මිනිස් සමාජය නිරූපනය කිරීමට අණුකූලව පුද්ගලයන් හිටියත්, සඳු නියෝජනය කරන විශේෂ නාමධාරියක නැති බව පසක් වේ. ගැහැණු පිරිමි භේදයකින් තොරව මේ ආරූඪ නාම නියෝජනය වීම නිසා, ගැහැණුන් සඳු පමණක් නියෝජනය නොකරන බව ප්‍රත්‍යක්ෂවේ. දෙමව්පියන් දරුඵල ගැන්වීම තුලින් ගැහැණු හා පිරිමි දරුවන් සියල්ලන්ම බිහිවීම නිසා, ගැහැණු පිරිමි වෙනස දැඩි ශාරීරික වෙනසකට වඩා අවතාරය (සිත ඇතුළත් කොටස) මත රැඳෙන බව කිව හැක. තාරයේ (ශරීරයේ) හා අවතාරයේ වෙනස් කම් ජීවිතය බිහි කිරීමටත් පැවැත්ම රැකීමටත් ඇති අවශ්‍යතාවය සපුරාලීමට ගැහැණු හා පිරිමින් බිහි කරවන බව පෙන්විය හැක. ගැහැණු හා පිරිමින් පෙන්වන අසමාන හා පරස්පර හැසිරීම් මිනිස් වර්ගයාගෙ යහපතට දරණ වගකීමේ ඉමහත් බව කියා පානවා. එය දරුවාගේ පැවැත්මට කෙතරම් වැදගත් දැයි කියනවා නම්, ජීවත්වීමේ වරම දෙවරක් දෙන විදියක් යයි කිව හැක.

ගැහැණු හා පිරිමින් නියෝජනය කරන වගකීම් ගැන කීමට අවස්ථාව මෙය නොවූවද, හිරු හා සඳු (පියා සහ මව) යනු ජීවිත (ජෝතිෂ්‍ය) දැනුමේ ඒකීය නිරූපණයන් නිසා සුවිශේෂ කොටසක් බවත්, මේ දෙදෙනාම ජීවය නියෝජනය කරන නිසා, හිරුගේ ගතිගුණ බෙදාගෙන නියෝජනය කරනවා යයි කීම ස්වභාවයට ගැලපේ යයි සිතමු. දරුවන් වැඩීමේදී තනි තනිව හෝ එකතු වී රැකීම දෙදෙනා වෙන් කල නොහැකි බැඳීම් ඇත්තන් සේ පෙන්විය හැක. එසේ නම් හිරු දෙවියන් දෙමව්පියන් නියෝජනය කරනවා යයි කිව හැක.

හිරු දෙවියන් ගැන කතා නොකල ද, සිංහලයන්ට ලොව ළඟින්ම සිටින්නේ දෙමව්පියන් බව නොරහසකි. අපේ දෙමව්පියන් ළඟ සුවිශේෂත්වයක් අපි දකිමු. ඒ සුවිශේෂත්වය අපේ දෙමව්පියන් ළඟ පමණක් නොව සියලු ජීවීන්ගේම දෙමව්පියන් පෙන්වන බව, ස්වාභාවික දත්ත මනාව පැහැදිලි කරනවා. වෙනසකට තියෙන්නෙ, ජීව පරාසය තුල පහලම ද නැත්නම් උපරිමයෙ ද නැත්නම් අතරමැද ද කියන එකයි. (මෙහිදී අතරමැද යනු මැද යන අරුතම නොදේ). සිංහල දෙමව්පියන් කොතරම් මෙම හැසිරීම් රටාවට නතුද කියනවා නම්, තමන් කරන දේ ගැනවත් අවබෝධයකින් තොර බව කිව යුතුයි.

ඇත්තටම මේ හැසිරීම කාගෙ වුවමනාවට වෙන දෙයක්ද? හොඳට බැලූ විට, මේවා දෙමව්පියන් ඉබේ වඩාගත් දෑ නොවන බව සහතිකය. මම දෙමව්පියන් ගැන කිව්වේ ඔවුන් දෙන්නා අපට ළඟින්ම ඇති හිරුගේ ප්‍රබලම අවතාර දෙක නියෝජනය කරන බව කීමටයි. මෙතන දී, හිරුට අවතාර දහයක් ඇති බව කියන්නෙ කිව යුතුම නිසයි. බාහිර තොරතුරු ගොඩක් ලොව ඉදිරියේ තියෙන්නෙ මනුගේ සමයේ නිසා, ඒ අවතාර දහය මනුගෙ ලෙස කියවෙනවා. මනුට අමතරව තව මත්ස්‍ය, මනු කියල කෙනෙක් සතුවත් අවතාර දහයක් ඇති බව කියවෙන කතා තවමත් තියෙනවා. බොහෝ දැනුම මනුගේ කාලයේ ලැබීම නිසා ඒවා අහපු අය මනු තුලින් අතීතයට ගිය බව පෙනෙනවා.

මම කලින් අප සතු අවතාරය ගැන කිව්වා. එසේම හැම ජීවයක්ම පෙන්වන එකට බැඳුනු ඒකීය ආරම්භය ඇති බිහිවීම අපට වෙනස්කල නොහැකි ස්වාභාවික ඇත්තක්. ඒ නිසා අපේ අවතාර හැදූ හිරු කෙනෙකුයි, මෑතකදී කියපු මනුයි දෙදෙනකු විය නොහැක. එසේ අඩු තරමින් දෙදෙනෙක් සිටී නම්, මුල් දෙක නියෝජනය කරන පැවැත්මක් තිබිය යුතුය. එක යනු තෝරාගැනීමට වෙන අවස්ථාවක් නැත්තකි. දෙකක් ඇති විට එක වරක් දෙකෙන්ද තව දෙවරක් දෙක වෙන වෙනමද ගෙන බිහිවිය යුතුය. මෙය සහතික කරන කිසිදු ස්වාභාවික ජීවයක් නැති නිසා, විවිධ නම් වලින් කීවද ඒ එක් අයකු බව පිළිගැනීමට සිදු වේ. එසේ නම් හිරු යනු ඒකීය ස්වරූපයක් ඇත්තෙකි.

මම හිරුට අවතාර දහයක් ඇතැයි කීවෙමි. ඉන් එක අවතාරයක් වන මත්ස්‍ය අවතාරය හෙවත් ජීවය බිහිකිරීමේ හැකියාව තවෙකෙකුට නොලැබෙන දෙයක් බව කිසිදු ජීවියකුට වෙනස් ආකාරයක ජීවියකු බිහි කිරීමට නොහැකි බව පෙන්වයි. අනෙක් අවතාර නවය සැබැවින්ම අපට උරුම වූ ගතිගුණ පිළිබිඹු කරන අපේ අවතාරයට බෙදී ආ කොටස් නියෝජනය කරනවා. අපට ඇත්තේ එක අවතාරයක් බව ස්වාභාවික දත්ත තහවුරු කරයි. එසේ නම් නවයකින් එකක් හදන විට, හදන්න ගත් ප්‍රමාණය අනුව, වැඩියෙන් ගත් අවතාරයට අනුව අපේ අවතාරයේ ලක්ෂණ පිළිබිඹු කරනවා. හිරු හා සඳු අවතාර වලින් දෙමව්පිය ගති ලැබෙනවා වගේම බුධ අවතාරයෙන් දැනුම ද, ගුරු අවතාරයෙන් හැකියාවන්ද, කුජගෙන් යුධකාමී බවද, සිකුරුගෙන් මනමාලකමද, යනාදී පුද්ගල ලක්ෂණ නිරූපනය වෙනවා යයි සරලව කියමි. ඇත්ත මීට වඩා ඉතා සංකීර්ණ බව ස්වාභාවික හැසිරීම හැදෑරූ විට පෙනේ.

අද්භූත මානසික තත්වයක් ඇතිවීම වැලැක්වීමටත්, සැබෑ ලොව සමඟ බැඳීමටත් මා අවතාරය යනු කුමක්දැයි නැවත කිවයුතු වෙනවා. මිනිසුන්ගේ දරු උපතේ දී, දෙමව්පියන් ගත හැදීමට දායක වුවත්, හිත නොහදන බව තෙවැන්නා වන දරුවා හැම අතින්ම පෙන්වනවා. එසේම හිත යනු සංකීර්ණ, එමෙන්ම නිශ්චිත අංඟ ඇති ජීවි කොටසක් ලෙස ස්වාභාවික දත්ත හෙළි කරනවා. එම නිසා අප දන්නා සරල ස්වාභාවික ක්‍රියා වලින් එවැන්නක් වත්, එවැනිම සංකීර්ණ හා නිෂ්චිත පැවතුමක් ඇති ගත වත් නොසෑදෙන බව ස්වාභවය පෙන්වනවා. මේ අනුව තෙවන පාර්ශවයක් ඇති බව පෙන්වනවා. එම තෙවන පාර්ශවය හිරු ලෙස මා හැඳින්වූවේ සිංහලයන් ද එම මගම ගොස් ඒකම කියපු නිසයි.

එසේ නම් ජීවය බිහි කිරීමට මුල් වූ හිරු, අපේ දෙමව්පියන් නියෝජනය කරනවා යයි කීම නිවැරදිය. හිරු දෙවියන් ගැන අමතක කල ද, අප දෙමව්පියන්ට දක්වන ගරු සරු ව්‍යාංගයෙන් හිරුට දක්වන ගරු සරු කිරීමක් නොවේද? අනෙක් අතට අප හිරුගේ බිහි කිරීම් නොවේ ද? හිරු හා අප අතර නිරන්තර සබඳකමක් තිබේද? සැබැවින්ම එවැනි දෙදිසාවට යන හුවමාරුවන විදියක් ඇතැත් ඒ ගැන කතාකිරීමට සුදුසු තත්වයක් නැත. ඇත්ත ඇති සැටියෙන් අවබෝධ කර නොගෙන, උපමා අණුසාරයෙන් කී විට, කනාට කිරේ පාට කී විට එය කුමක්දැයි සිදු වූ අකරතැබ්බය නැවත වනු ඇත. දැනටම එවැනි ප්‍රථිඵල හිරු හා බැඳී ඇත. හිරු හා සූර්යයා උපමාවකින් සම කිරීමට පොදු විශේෂ ගතියක් තිබුන ද, අන්තිමට කෙළවර වූයේ හිරු යනු සූර්යයා යයි කියමින් සූර්යයාට වැඳීමය. හිරු හා අප අතර ඇති සබඳතාවය සූර්යයාගෙ රැස් වලට උපමා කල විට, අන්ධ උන් රාවණ හෙවත් සූර්යයාගෙන් පැවතෙන බහුභූත කතාවක් ගොතා ඇත. අප සූර්යයාගෙන් පැවතේ නම්, අපට කිව යුතු වන්නේ මිනිසුන් නොව ආලෝක ධාරා යයි කියා නොවේද?

හිරු ගැන මා කී කරුණු මත ආදි සිංහලයන් හිරුට ගරු සරු කලේ අන්ධ විශ්වාසයකින් නොව ඇත්ත දැනගෙනය. එය අද ද දෙමව්පියන්ට දක්වන ගරු සරු වලින් පිළිබිඹු වේ.

හිරු ගැන කතා කරේ හිරු කෙසේ අපේ පැවැත්ම හා බැඳේ ද කීමටයි. එය නිරන්තර බැඳීමක් යයි ද, ඉතාමත් කාර්යක්ෂම විදියක් බවද ස්වාභාවික දත්ත තහවුරු කරයි. අති විශේෂ කාර්යයක් වන්නේ පැවැත්මේ සන්ධිස්තාන වල දී, ගතකින් බිහි වී මග පෙන්වීමයි. මෙය සිදුවීම වර්ෂ තිස් දහසකට පමණ වරක් සිදු වූ බවත්, ඒ හැම විටම යන දිසාව ජීවත්වීම හා පැවැත්ම රැකීම සඳහා මුල පිරීමක් ද වූ බව පෙනේ. උදාහරණ ලෙස, මීට වර්ෂ තිස් දහසකට පමණ පෙර මනු ලෙස ඉපිද අළුත්ම ජීවන රටාවක් දුන් බව ද, වසර හැට දාහකට පමණ පෙර වඳවීමට ගිය විට බේරා ගත් බව ද පෙනේ. මීට චක්‍ර හතරකට පෙර, එනම් වසර 120,000කට පෙර අද දක්වා දිවෙන ගුරුකම් (තොවිල් පවිල්) වලට මුල පුරා අතිවිශේෂ වෙනසක් කල බව මම දැනගත්තේ අපූරු විදියකටය. කෙසේ වෙතත් වෙන කෙනෙක් ඒ සඳහා යොදා ගත් සිංහල බෙරය මීට වසර 120,000කට පෙරද ගැසූ බව යූ ටියුබේ කියා තිබින. අද සමහර බෞද්ධයන් මෙම සිරිත් විරිත් සිංහලයන්ට අහිමි කරලීමට කොතරම් වෙර දරනවා ද? ඒ සිරිත් විරිත් සිංහලයන්ගෙ යහපතට කොතරම් හේතු වී දැයි වෙන ලිපියකින් දක්වමි. ඒවා නොවන්නට, අදත් අප අංඟෝපාංඟ සෙලවිය නොහැකි තිරිසනුන් වනු ඇත.

දැනට ලියූ ටික ඇති යයි සිතුන ද, හිරු ගැන සිංහලයන් සතු දැනුම පැහැරගත් උන්, වෙන නාම වලින් හෝ වැරදි උච්චාරණයෙන් හෝ අවැඩට යෙදීමෙන් විනාශ කර ඇති බව කිව යුතුය. තුන්ලොවට අධිපති, එහෙත් මිනිස්බව නසන බුදුන් කෙනෙකුටද මේ ගති විකෘති කර ආරෝපනය කර ඇත. තවත් අය මිනිසුන් වෙනුවෙන් සියලු දේ මැව් සර්වබලධාරි දෙවියකු ගොඩ නඟා, තිරිසනුන් වත් නොකරන අපරාධ සියලු සතුන්ට කිරීමට පිටුවහලක් කරගෙන ඇත. තවත් කොටසක් තවත් සර්වබලධාරි දෙවියකු ගොඩ නඟා, අනුන්ගෙ දේවල් පැහැර ගැනීමට, මිනිසුන් මරා ගැහැණුන් උදුරා ගැනීමට පිටුවහලක් කරගෙන ඇත. එහෙත් මධ්‍යස්ථව බැලූ විට, හිරු තමන්ගෙ හැකියාවන් උන්ට පෙන්වා දිය යුතු දඬුවම් ද දී ඇත. එහි නිමාවක් ද නැත. තවත් කොටසක් නානාප්‍රකාර නම් දාගෙන මුදල් උපයාගන්න යාග හෝම වලට බැඳ විකුණාගෙන කති. උදා: නාථ (නායක). අනෙක් නම් මනු ඈඳා ගෙන ගොතා ඇත. හිරුගේ නැවත ආරම්භයක් දීම ගැන මායා වරුන්ද කියා ඇත. සිංහලයන් ඊටත් වඩා තියුණු ලෙස පැමිණීම ගැන කියා ඇත. මේවා ගැන පසුවට විචාරය කරමු. මනුෂ්‍යයකු ලෙස ජීවිත් වී පැවැත්ම රැකීමට, නොඑසේනම් දරුවන් රැක බලාගැනීමට කැප වීම, හිරු හා සම්බන්ධ වීම ලෙස දකිමි.

උපුටා ගැනීම - http://sinha-ali.blogspot.com.au/2013/01/blog-post_7876.html

වැදුම්: 1835
0

ගොඩවාය ආසන්න මුහුදෙන් හමුවූ පැරණි නෞකාව මෙතෙක් ඉන්දියන් සාගරයෙන් හමුවූ පැරණිතම නෞකාව බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා පවසයි. ගොඩවාය සිට කිලෝ මීටර 3.5 ක් ඈත මුහුදේ අඩි 110 ක් ගැඹුරින් දැව කොටස්, වළං කැබලි කිහිපයක් හා ගල් බංකු දෙකක් හමුවූ බව ද ඒවා පැරණි රුවල් නැවක කොටස් බව ද පුරාවිද්‍යාඥයෝ පවසති. ප්‍රංශය හා ඇමෙරිකාව සමග එක්ව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත්, මධ්‍යම සංස්කෘතික අරමුදලේ ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකයත් මෙහි ගවේෂණ හා සංරක්ෂණ කටයුතු ආරම්භ කර තිබේ.

ප්‍රංශයේ සෝබෝන් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඔස්මන්ඩ් බෝපේආරච්චි මහතා පවසන්නේ නැවක අවශේෂ ලෙස හඳුනාගත් දැව කොටස් කිහිපයක් පරීක්ෂා කිරීමේදී ඒවා (ක්‍රි.පූ. 1වන හා 2වන) සියවස් වලට අයත් බව තහවුරු වූ බවයි. මෙතෙක් කරන ලද පර්යේෂණ වලට අනුව ගොඩවායේ ගිලී ඇත්තේ අදින් වසර 2200 ට පමණ පෙරාතුව දැවයෙන් නිර්මාණය කළ නෞකාවක් බවද පුරාවිද්‍යාඥයෝ පවසති. මෙහි සංරක්ෂණ කටයුතු සඳහා තවත් වසර හතරක පමණ කාලයක් ගතවනු ඇත.

උපුටා ගැනීම - http://www.lankadeepa.lk/index.php/articles/92908

 

වැදුම්: 1712
0

ලිපි


විද්‍යුත් ලිපි මගින් සම්බන්ද වෙන්න

327908
යාවත්කාලීනය: 05-09-2014