• ප්‍රවර්ග
    ප්‍රවර්ග ප්‍රවර්ග සියල්ල ලැයිස්තුවක් ලෙස පෙන්වයි.
  • ප්‍රවර්ග
    ප්‍රවර්ග සම්බන්ධිත ප්‍රවර්ග ලැයිස්තුවක් ලෙස පෙන්වයි.

මෑත කාලීන

මෑත කාලීන

දෙරණ නාලිකාවෙන් ප්‍රචාරය කරනු ලබන හෙළ වංශය වැඩසටනේ සිව්වන වැඩසටහන.

"Helawanshaya" "හෙළවංශය"

ඔබෙන් වසන්ව ගිය එසේත් නැත්නම් ඔබෙන් හිතා මතා වසන් කළ ඒ මහා හෙළ ශිෂ්ඨාචාරය, ඓතිහාසික කාරනය යලිත් මතු කරන්නට අපට අවසරයි...

 
වැදුම්: 2661
0

කොග්ගල - සිරි ගාර්දියගේ

උතුරුකරයේ ඩෙල්ෆ් දූපතෙහි පිහිටි පැරැණිම ඓතිහාසික සලපතළ මළුවෙහි තිබී ගෙවී ගිය දෙදහස් දහය වසරේ ප්‍රථම වරට හඳුනාගත් සෙල්ලිපියක අන්තර්ගතය හෙළි කළ රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා කථිකාචාර්ය චන්දිම අඹන්වල මහතා ක්‍රිස්තු පූර්ව යුගයේදී පවා ආදි සිංහලයන් උතුරුකරයේ සිටි බවට මේ හුනු ගල් සෙල්ලිපියෙන් අනාවරණය වන්නේ යැයි පවසයි.

දෙදහස් දහය වසරේ යුද්ධයෙන් පසු උතුරේ සංචාරයක යෙදුණු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ පාලිත වීරසිංහ, මුහුදු පුරාවිද්‍යා ඒකකයේ පුරාවිද්‍යාඥ රසික මුතුකුමාරණ හා කොටස් වෙළෙඳපොළ කළමනාකාරවරයකු වන තුසිත මීගස්කුඹුර යන පිරිස ප්‍රථමවරට මේ විහාරයේ සලපතළ මළුවට අල්ලා තිබූ හුනුගල්වල ලියන ලද සෙල්ලිපි තුන හඳුනා ගනු ලැබ ඇත. පසුගියදා මුහුදු පුරාවිද්‍යා ඒකකය උතුරේ කළ ගවේෂණයක්ද නැවත මේ සෙල්ලිපි දැකබලා එය පින්තූරයට ගෙන ආචාර්ය අඹන්වල මහතාට ඉදිරිපත් කිරීමෙන් පසු එකී සෙල්ලිපිවල අන්තර්ගතය ඔහු විසින් දැඩි වෙහෙසක් ගෙන පරිවර්තනය කර ඇත.

මේ සම්බන්ධයෙන් 'මව්බිම' විමසුමකට පිළිතුරු දුන් අඹන්වල මහතා පින්තූරවලින් පෙනෙන පරිදි සෙල්ලිපි ලෙස පිළිගත හැකි ලිපි තුනක් පෙනෙන්නට ඇතැයි කීය.

මෙයින් එකක් දමිළ භාෂාවෙන් කොටා ඇති අතර එහි එන අකුරු දෙස බලන කල එය දහහතර, පහළොව (14-15) සියවස්වලට අයත් එකක් බවත් තව එකක අන්තිම අකුරු දෙක (අ.ල) වශයෙන් හැඳින්විය හැකි බවත් කීය. අනෙක් සෙල්ලිපිය ඉතා වැදගත් ඓතිහාසික එකක් බවත් එහි ඇති අකුරු දෙකක් හඳුනාගත් බවත් පවසන අඹන්වල මහතා එය (ය-හ) වශයෙන් හඳුනාගත හැකි බවද කියයි.

මේ අකුරු පැරැණිම බ්‍රාහ්මී අක්ෂර බවත් බොහෝවිට එය (ක්‍රි.පූ.) හෝ පළමු වැනි සියවසෙහි ලියූවක් බවත් කීය. පැරැණි අභිලේඛන සලකා බලන කල මෙවැනිම ලිපියක් (අකුරු) ඇති සෙල්ලිපියක් මල්ලිආර හා කදුරුගොඩදී හමුවී ඇති බවත් එය වසභ රජු සමයේ බවත් කියයි.

පරණවිතානයන් පවා අර්ථ දක්වා ඇති පරිදි මේ අකුරු දෙකෙන් සංඥාභාවයක් (ය) හා අයිතියක් (ගේ) යන්න අර්ථ දක්වන (හ) අකුර බවත් පෙන්නා දෙයි. මෙහි බොහෝ කොටස් මැකී හෝ විනාශ වී ගොස් ඇති බව පවසන ඒ මහතා එහෙත් ඉතා හොඳින් හඳුනාගත හැකි කුඩා සෙල්ලිපිය අනුව එය (ක්‍රි.ව.) පළමු සියවසට අයත් පැරැණිම බ්‍රාහ්මී අක්ෂරවලින් කොටා ඇති බවත් ඉතා පැහැදිලි යැයිද කීය.

අපේ රටේ වෙනත් තැන්වලින් දැනට සොයාගෙන ඇති සෙල්ලිපි හා සසඳන විට මේ සෙල්ලිපි තුනෙන් දෙකක් 14-15 සියවස්වලට අයත් (දමිළ) බවත් කුඩා සෙල්ලිපිය පළමු සියවසට අයත් ඉතා පැරැණි සිංහල අක්ෂරවලින් එය කොටා ඇති බවත් කීය. තමන් ළඟදීම මේ ලිපි තුන නැරැඹීමට යන බව අවධාරණය කළ අඹන්වල මහතා එයට පසුව මෙයට වඩා කරුණු අනාවරණය කිරීමට හැකි වෙතැයිද කීය.

උපුටා ගැනීම - http://www.mawbima.lk/34-37354-news-detail.html

 

වැදුම්: 1836
0

මෑත කාලීන

නිවැරැදි ස්වස්තිකය

වාස්තු ශිල්පය මුළුමනින්ම සොබාදහම හා බද්ධ වූ ශිල්ප ක්‍රමයකි. මිනිසා ද සොබාදහමේ එක් කොටසක් බැවින් වාස්තු ශිල්පයේ පූර්ණ බලපෑමට මිනිසා ලක්වේ. ඉර, හඳ, පොළොව, ජලය, වාතය, වෘක්ෂලතාවන් හා මිහිමත වාසය කරන්නාවූ සියලු සත්වයෝ සොබාදහමේ අංගයෝය. මීට අමතරව පංච භූතයන්ගේ ඝට්ටනයෙන් නිපදවන්නා වූ විවිධ ශක්තීන්ද අයත් වන්නේ සොබාදහම තුළටයි. මේවා අතර "විෂ්ව ශක්තිය" ප්‍රධාන කොට ගත්තා වූ විවිධ ශක්තීන් සමූහයක් මේ මිහිමත ක්‍රියාත්මක වෙමින් පවතිනවා. නූතන මිනිසාට හඳුනාගත හැකි වූ එවැනි ශක්තීන් අතර චුම්බක ශක්තිය, ගුරුත්ව ශක්තිය ආදිය හඳුනා ගත හැකි වුවද එවැනි වූ තවත් සුවිශේෂී ශක්තීන් ගණනාවක් පෘථිවිය කේන්ද්‍රකොට ගෙන පවතින බව වාස්තු ශිල්පය තුළ පෙන්වා දී තිබෙනවා.

මේ අතර දිශා ශක්ති න්‍යාය ඉතා වැදගත් වෙනවා. වාස්තු ශිල්පයට අනුව නිවාස සෑදීමේදී දිශා ශක්ති න්‍යාය ප්‍රබලව යොදා ගැනීමෙන් නිවෙසට කාන්දු වන විශ්ව ශක්තිය ප්‍රබල කරගත හැකි වෙනවා. එසේම වාස්තු ශිල්පය තුළ භෞතිකව අපට පෙනෙන දැනෙන දේට අමතරව පාරිභෞතික පැතිකඩක් පවතින බව මතක තබා ගත යුතුයි. මිනිසාගේ ප්‍රඥාව නොදියුණු කාලවලදී පාරිභෝගික පැතිකඩ පිළිබඳ කෙරෙහි ද විශේෂ අවධානයක් යොමු නොවන අතර ඇසට පෙනෙන, කනට ඇසෙන, නාසයට දැනෙන, දිවට දැනෙන හා කයට ගැටෙන දේවල් පිළිබඳ පමණක් අවධානය යොමුවේ. එසේ වුවද මිනිස් ශිෂ්ටාචාරයේ ස්වර්ණමය යුගය වූ බුදුවරුන් පහළ වුණු ඒ යුගය තුළ මිනිසාගේ භෞතික පැතිකඩ මෙන්ම අධ්‍යාත්මික පැතිකඩ උපරිම වශයෙන් දියුණුවීම කැපී පෙනෙනවා. මේ නිසා මේ ලෝකය තේරුම් ගැනීමට නම් භෞතික සහ අධ්‍යාත්මික යන කෝණ දෙක පිළිබඳ අවධානය යොමු කළ යුතු බව වාස්තු ශිල්පය මිනිසාට පෙන්වා දී තිබෙනවා. අද මා ඔබගේ අවධානය යොමු කරවීමට උත්සාහ ගන්නේ වාස්තු විද්‍යාවේ පාරභෞතික ශක්ති විශේෂයන් මිනිසාගේ කටයුතු කෙරෙහි බලපානු ලබන සුවිශේෂී අවස්ථාවන් පිළිබඳ පැහැදිලි කර දීමටයි.

දුක - සැප, නින්දා - ප්‍රශංසා, ලාභ - අලාභ, යස - අයස ආදී ලෙස ක්‍රියාත්මක වීමද විශ්ව දහමට අයත් දේවල් ලෙස පෙන්වා දිය හැකියි. මේ ආකාරයට ඔබගේ ගෘහයට වාසනාව සහ අවාසනාව මෙන්ම සශ්‍රී කභාවය හෝ විනාශය ගෙන දෙන්නටම සමත් විෂ්වීය සංකේත පවතින බව දන්නේ කීයෙන් කී දෙනාද. මෙපමණ බලගතු විෂ්වීය සංකේත පිළිබඳ ඔබව දැනුම්වත් කිරීමට අදහස් කළේ ඒ තුළින් මිනිසාට සහ සමාජයට සිදුවන බලපෑම් තරම මනාව දන්නා නිසාමයි.

ස්වස්තිකය

"ස්වස්තිකය" යන වචනය ඔබ මීට පෙර අසා ඇතිවාට සැකයක් නැහැ. ඇත්තට ඔබ එම වචනය අසා තිබුණාට එම වචනයෙන් හඳුන්වන විෂ්ව සංකේතය දැක තිබෙනවාද? ඔබ එයටත් "ඔව්" යැයි පිළිතුරු දීමට පුළුවන්. එසේ වුවද බොහෝ විට "ස්වස්තිකය" යන නාමයෙන් ඔබගේ නෙත ගැටී ඇත්තේ නියම ස්වස්තිකය ද යන්න පිළිබඳ විමසා බැලිය යුතුයි. ස්වස්තිකය යනු විශ්වීය ලාංඡනයකි. එනම් විෂ්වීය හැඩතලයකි. ස්වස්තික ලාංඡනය යනු "විෂ්වයේ විෂ්ව පින පාදන විශ්ව ලාංඡනය" ලෙස හඳුන්වා දිය හැකියි. මෙම විශ්වීය ලාංඡනය ලෝකයාට දෘශ්‍යමාන වන්නේ සුවිශේෂී අවස්ථාවන්වල පමණි. එක් අවස්ථාවක් වන්නේ සක්විති රජ පදවියයි. අනෙක් අවස්ථාව වන්නේ සම්මා සම්බුදු පදවියයි. මේ ලෝකයට කල්ප ගණනකින් පහළ වන සක්විති රජදරුවන් සහ ඊටත් වඩා දුර්ලභ වූ සම්මා සම්බුදුවරුන්ගේ ශ්‍රී පාදයේ පතුලේ සනිටුහන් වන මංගල ලකුණු අතර ස්වස්තිකය ප්‍රබල සලකුණක් ලෙස සටහන් වී තිබෙනවා.

විෂ්වයේ විෂ්ව පින පාදන විෂ්වීය ලාංඡනය අති ප්‍රබල හැඩතලයක් වන අතර මේ තුළින් විෂ්ව ශක්තිය ඇද ගැනීමේ හැකියාව පවතින අතර එය සියලු සත්වයන්ට වාසනාව ගෙන දීමට සමත් වෙනවා. ස්වස්තික ලාංඡනය තුළින් අපගේ සාංසාරික පින් මතුකර ගැනීමට හැකියාව ඇති අතර එය භාවිත කිරීම සහ එයින් පිහිට ලබා ගැනීමට පෙර කුසල් තිබිය යුතුයි. ස්වස්තික ලාංඡනය ගෘහයේ හෝ සශ්‍රික භාවය උදෙසා භාවිත කරනු ලබන ආකාරය පිළිබඳ "සෘෂි" උතුමන් කරුණු කියා දී තිබෙනවා. අපගේ ආදී මුතුන්මිත්තන් ස්වස්තික ලාංඡනයේත් අපමණ පිහිට ලබාගත් අතර හෙළ රජවරු තමන්ගේ සියලු ජයග්‍රහණ උදෙසා භාවිත කළේ ස්වස්තික ලාංඡනයයි.

වර්තමානයේ ශ්‍රී ලාංකික ජනතාවට "ස්වස්තික" ලාංඡනයේ නාමයෙන් බොහෝ විට ලැබෙන්නේ "විනාශම් ලකුණයි." ස්වස්තික ලාංඡනයේ හැඩතලයටම සමානකමක් දක්වන විනාශම් ලකුණ අපේ රටට නොමසුරුව දායාද කොට තිබෙන්නේ ද වාස්තු ශිල්පය ඇතුළුව විශ්වීය ශිල්ප අපට දායාද කළ ඉන්දියාවම වීම අභාග්‍යයකි. මෙය දැනුම්වත්ව සිදුවනවාද නොදැනුම්වත්ව සිදුවනවාද කියා වෙන්ව හඳුනා ගැනීම ඔබටම භාර කරමි. කෙසේ වුවද ශ්‍රී ලංකාව තුළ "ස්වස්තිකය" කියා "විනාශම්" ලකුණ ජයටම භාවිත කරන බවනම් නොරහසකි.

විනාශම් ලකුණ

ස්වස්තිකය යනු විෂ්වයේ විෂ්වීය පින ප්‍රධාන විෂ්ව ලාංඡනය මෙන්ම විනාශම් ලකුණ විෂ්වීය අකුසල් බලවත් කරවන විෂ්ව ලාංඡනයක් ලෙස ඔබට අවාසනාව ගෙන ඒමට සමත් වනු ඇත. විනාශම් ලකුණ ඔබට නිශ්චිතවම හඳුනා ගැනීමට හැකි හොඳම තැනක් තිබෙනවා. එනම් ජර්මනියේ හිට්ලර්ගේ යුද සලකුණ ලෙස භාවිත කළ ලාංඡනය ඔබට මතකද? එය ස්වස්තික ලාංඡනය ලෙස හඳුන්වා තිබුණද එය "විනාශම් ලකුණ" බව හිට්ලර් පවා දැන හිටියේ නැහැ. ඉන්දියාවේ වාස්තු ශිල්පය ජර්මනියට ගෙන ගිය හිට්ලර් තමන්ගේ යුද්ධය ජයග්‍රහණය සඳහා ස්වස්තික ලාංඡනය වාස්තු ශිල්පීන්ගෙන් ඉල්ලූ විට ඔවුන් හිට්ලර්ට ලබාදුන්නේ මෙම විනාශම් ලකුණයි. එහි ප්‍රතිඵලය වූයේ මුළු මහත් ජර්මන් ජාතියම විනාශයට පත්වීම බව ඉතිහාසය කියා දෙනවා.

ස්වස්තිකය හා විනාශම් අතර වෙනස

ස්වස්තික ලාංඡනය සහ විනාශම් ලාංඡනය අතර වෙනස එක එල්ලේ හඳුනාගන්න අපහසුයි. සෞභාග්‍ය හා විනාශය කැන්දන මෙම ලාංඡනයේ එක පැත්තක් අයත් වන්නේ ස්වස්තිකයට වන අතර අනෙක් පැත්ත විනාශම් ලකුණට අයත් වේ. ඒ නිසා මෙය අප නිශ්චිතවම හඳුනාගත යුතු වෙනවා.

ස්වස්තික ලාංඡනය දෝලනය වන්නේ දක්ෂිවණාවර්තවයි. දක්ෂිවණාවර්තව දෝලනය වෙනවා යනු සොබාදහමේ දිශාවට චලනය වීම යනුයි. සොබාදහමේ දිශාව වන්නේ දකුණු දිශාවයි. මේ නිසා නියම ස්වස්තික ලාංඡනයකට සුළං වැදුණු විට දක්ෂිවණාවර්තව කැරකැවීම සිදුවේ. එසේ වුවද විනාශම් ලකුණ කැරකෙන්නේ වාමාවර්තවයි. එය සොබාදහමට විරුද්ධ දිශාවයි. වමාවර්තව දෝලනය වන සෑම දෙයක්ම ගමන් කරන්නේ ආපස්සට බව මතක තබා ගන්න. මේ නිසා ඔබගේ පෙර සංසාර අකුසල් බලවත් වී ඔබට අයහපතම ඇතිවේ.

විනාශම් ලකුණ ඔබට හමුවන ප්‍රබල ස්ථාන

අද ශ්‍රී ලංකාවේ දේව රූප භාවිතය බහුලව දක්නට ලැබෙනවා. මේ අතරින් ගණ දෙවියන්, ලක්ෂ්මි දේවිය සහ සරස්වතී දේව රූප ප්‍රබල වෙනවා. විශේෂයෙන් ගණ දෙවියන් අපගේ කුඩා ළමුයින්ට අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට යොදා ගන්නවා. එසේ වුවද එම ගණ දෙවි රූපයේ "විනාශම් ලකුණ" ඇතුළත් කර තිබෙන බව ඔබ දන්නේ නැහැ. ඔබේ දරුවාට එයින් යහපතක් සිදුනොවන බව ඔබට තේරෙන්නේ කල්ගත වූ පසුවයි. එසේම ශ්‍රී ලංකාවේ ව්‍යාපාරවල ලක්ෂ්මී හා ගණ දෙවි රූප භාවිත කරනවා. ඒවා තුළද විනාශම් ලකුණ ඇතුළත් කොට තිබෙනවා. බොහෝ විට ව්‍යාපාර විනාශ වීමට මෙම කරුණු ඉවහල් වී තිබෙන බව පෙනී යනවා.

ශ්‍රී ලංකාව තුළ විනාශම් ලකුණ බහුල වීමට පටන් ගත්තේ 1970 දශකයෙන් පසුවයි. ඔබගේ නිවෙසේ ඇති පැරැණි දේව රූපවල මෙම ලාංඡනය ඇතුළත් නොවන බවද කිව යුතුයි. ඔබට දෙවියන් ඇදහීමට අවශ්‍යම නම් විනාශම් ලකුණ නොපෙනෙන සේ වසා හෝ එම ලාංඡනය ඉවත් කොට දේවරූප භාවිත කිරීම වරදක් නොවේ. එසේම ශ්‍රී ලංකාවේ සමහර දෛවඥයන්ද තමන්ගේ ලාංඡනය ලෙස මෙම විනාශම් ලකුණ නොදැනුවත්කමෙන් භාවිත කරන බව පෙනී යනවා. විශේෂයෙන් ඔවුන්ගේ ජන්ම පත්‍ර සටහන්වල සහ ලිපි ශීර්ෂවල මෙන්ම නාමපුවරුවේද විනාශම් ලකුණ සටහන් කොට තිබෙනවා. මීටත් වඩා භයානක අවස්ථාවන් තිබෙන බව ඔබ වෙත පෙන්වා දෙන්නම්. සමහර "යන්ත්‍ර" වල මෙම විනාශම් ලකුණ එක්කොට තිබෙනවා. මේවා නොදැනුවත්කමින් සිදුවන දේවල් වුවද එම යන්ත්‍ර ළඟ තබා ගන්නා අයවලුන්ට සිදුවන අයහපත සුළු පටු නොවේ. ඔබ කිසියම් යන්ත්‍රයක් භාවිත කිරීමේදී එහි ඇති විශ්ව සලකුණු ගැනද අවධානය යොමු කිරීම වැදගත් වෙනවා.

ලෝකයේ විෂ්ව තරංග හා විෂ්ව හැඩතල මිනිසා වෙත අති ප්‍රබල බලපෑමක් සිදුකරන බව සක්සුදක්සේ පැහැදිලියි. මෙවැනි දෑ පිළිබඳ ඔබ අවධානය යොමු කළාද? අවධානය යොමු නොකළද? එයින් දැනෙන ප්‍රතිඵලය වෙනස් නොවේ. මේ නිසා ඔබගේ නිවෙසේ සහ ව්‍යාපාරයේ සෞභාග්‍ය සහ දියුණුව අපේක්ෂා කරන්නේ නම් විෂ්වයේ විෂ්වීය හැඩතල සහ ලාංඡන පිළිබඳ විමිසිලිමත් වන්න. විශේෂයෙන් ස්වස්තිකය යනු පිනෙහි අර්ථය වන අතර විනාශම් යනු පවෙහි අර්ථය ප්‍රබල කරන විශ්ව හැඩතල වේ.

ස්වස්තිකයෙන් ලබාගත හැකි ප්‍රයෝජන

  • නිවෙසේ හා ව්‍යාපාරයේ විෂ්ව ශක්තිය උරා ගැනීම ප්‍රබල කරයි. මේ නිසා වාස්තු දෝෂ දුරුවේ.
  • ස්වස්තිකය දර්ශනය වීමෙන් මනස සැහැල්ලු වේ. ලේ ධාතුව පිරිසුදු වේ.
  • ස්වස්තිකය මත දක්ෂිණාවර්තව දෑත චලනය කිරීම තුළින් තමන්ගේ අරමුණ ඉටුවේ.
  • ඔබගේ ගෘහයට දෙවියන්ට ආරාධනා කරන ලාංඡනය වේ.
  • දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වීම සිදුවේ.
  • සතුරු උවදුරු දුරුවේ.
  • ධනය වැඩේ. රෝග මැ‍ඩේ.
  • සියලු යහපත් දෑ සිදුවේ.

විනාශම් ලකුණේ විපාක

  • නිවෙසේ සහ ව්‍යාපාරයේ විශ්ව ශක්ති දුර්වල වේ. වාස්තු දෝෂ බලවත් වේ.
  • විනාශම් ලකුණ දර්ශනය වීමෙන් මනස අවුල් වේ. ලේ ධාතුව අපිරිසිදු වේ.
  • ඔබගේ ගෘහය අමනුෂ්‍යයන්ට ප්‍රිය වේ.
  • දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අසාර්ථක වේ.
  • සතුරු කරදර බහුලවේ.
  • දිළිඳු වේ. රෝග වැඩේ.
  • ස්වාමි-භාර්යා අසමගිය වැඩි වේ.
  • සියලු අයහපත් දෑ සිදුවේ.

වාස්තු ශිල්පයේ පිහිට, පිළිසරණ පතන සියලු ලොව වැසියන්ගේ හිත සුව පිණිස සෘෂි උතුමන් ලොවට පෙන්වා දුන් මා හැඟි වාස්තු ශිල්පයේ සිසිලස සියලු සත්වයන්ට මෙත් සිතිනි.

වාස්තු විද්‍යාවේ විශාරද ශාස්ත්‍රවේදී පේරාදෙණියේ - ඩී. යූ. සෙනරත් මහතා
+94 714402574

උපුටා ගැනීම - http://www.mawbima.lk/84-34817-news-detail.html

ආශ්‍රිත ප්‍රවර්ග: මෑත කාලීන සිව් හෙලය සුර අසුර
වැදුම්: 3322
0

ලිපි


විද්‍යුත් ලිපි මගින් සම්බන්ද වෙන්න

344070
යාවත්කාලීනය: 05-09-2014