Image Caption

රාම රාවණා යුද්ධයේ සිතුවමක්

Image Caption

සක්වල චක්‍රයේ අභිරහස

Image Caption

යුද්ධය පිළිබිඹු කරන පැරණි කැටයමක්

  • ප්‍රවර්ග
    ප්‍රවර්ග ප්‍රවර්ග සියල්ල ලැයිස්තුවක් ලෙස පෙන්වයි.
  • ප්‍රවර්ග
    ප්‍රවර්ග සම්බන්ධිත ප්‍රවර්ග ලැයිස්තුවක් ලෙස පෙන්වයි.

හල්දුම්මුල්ලෙන් හමුවූයේ Easter Island වල වැනි නිර්මාණයක්ද?

ප්‍රාග් ඓතිහාසික යුගය
  • වැදුම්: 1867
  • අදහස් 0

ඊස්ටර් අයිලන්ඩ් දූපත ලොව පුරා ප්‍රසිද්ධ වූයේ වසර දහස් ගණනකට පෙර නිර්මානය කළ ගුප්ත මිනිස් මුහුණු සහිත ශෛලමය මූර්ති නිසාය. ඒවා කවරෙකු විසින් කවර අරමුණක් සඳහා නිර්මාණය කලාදැයි තවමත් කිසිවෙකුත් නොදනී.

එබැවින් ඒ පිළිබඳව මත රාශියක් තිබේ. ඈත අහස දෙස ඒවායේ මුහුණු හරවා තිබෙන්නේ පිටසක්වල පැමිණෙන පිරිසක් බලාපොරොත්තුවෙන් බවටද මතයක් පවතී.

මේ අතර හල්දුම්මුල්ල කළුපහන නිදන්ගොඩ කන්දේ හුදකලාව පැවති ගලපිටගල පාෂාන සැකැස්මද මීට වසර දහස් ගණනකට පෙර දඩයම් යුගයේ මිනිසුන් විසින් මිනිස් හිසක් සහිත මූර්තියක් නිර්මාණය කිරීමට ගත් උත්සාහයක් බවට නවතම මතයක් ඉදිරිපත්වී තිබේ.

ඒ බව පවසන්නේ හල්දුම්මුල්ල වෑ එළිය හුළුතලාවේ හුණුගල් ගුහාවකින් වසර දහස් ගනනකට පෙර පුරාවස්තු සොයාගත් පුරාවිද්‍යා ගවේශක රාජ් සෝමදේව මහත් ප්‍රමුඛ කණ්ඩායම විසිනි. ස්වභාවිකව තැන්පත්වී ඇති අඩි 30ක් පමණ උස ගලක් මත රැඳුණු මෙම පර්වතය කුට්ටිය ප්‍රදේශවාසීන් හැඳින්වුයේ ගලපිටගල යන නමිනි. එම මූර්තියේ මුහුණ තිබෙන්නේ උතුරු කඳුකරය දෙස බලාගන සිටින අයුරිනි.

දඩයම් යුගයේ ජීවත් වූ ශ්‍රී ලාංකිකයින් කෘෂිකාර්මික යුගයට ජීවත්වීම පිළිබිඹු වන සාක්ෂි සහිත ලෙනක් පසුගියදා හල්දුම්මුල්ල, වෑ එළිය ග්‍රාමසේවා වසමේ, වල්මීතලාව ප්‍රදේශයේ පිහිටි හුණුතලාගල ගුහාවේ තිබී සොයාගත් අතර එහි තිබී සොයාගත් පුරාවස්තූන් වසර 4,500-5,000ක් අතර කාලයේ භාවිතා කළ ඒවාය.

එම ගල්ගුහාවෙන් හමුවූ ස්ත්‍රී උඩුකය අනුව එය යාතුකර්ම සිදුකල ගුහාවක් යැයි විශ්වාස කරන අතර එම ස්ථානයේදී ස්ත්‍රීන්ට දරු උපත් ලබාදීම හා ගැබිනියන් ආරක්ෂාව සඳහා කල යාතු සිදුකරන්නට ඇතැයි ද ඔවුන් විශ්වාස කරයි.

එම ලෙනෙක් හමුවූ හුණු මූර්තියේත් ගලපිටගල පාෂාන සැකැස්මෙත් සමාන ලක්ෂන පෙන්නුම් කරන බවත් පර්වත කුට්ටිය මිනිස් මුහුනක් ලෙසින් හඩ ගැන්වීමට වෑයම් කර ඇති බවත් මහාචාර්යවරයා පවසයි.

"මුහුනේ අංග ඉස්මතුකර දැක්වීම සඳහා ඉතාමත් ඕනෑකමින් කළ වෑයමක් ගැන සිතන්නට පුළුවන්. මෙය ස්වභාවික හේතූන් නිසා යම් වෙනස්වීම් වලට භාජනය වී තිබෙනවා. එහෙත් මුඛය ඉස්මතුකිරීම සඳහා කළ වෑයම ඉතාමත් හොඳින් මූර්තිමත් වෙනවා. එහි තොල් පිළිබඳ සලකුණක් ආරක්ෂා වී තිබනවා. මෙම මූර්තියේ නලල මධ්‍යයේ යමක් රඳවා තැබීමට උත්සාහ කල බව විශ්වාස කල හැකි කුහරයක් දක්නට ලැබෙනවා. මෙම හිස නිර්මාණය කර තිබෙන්නේ උතුරු කඳුකරය දෙස බලාගන සිටින ලෙසටයි. රටේ ප්‍රධාන ඉතිහාස ධාරවන්ගෙන් පිටත වූ පරාසයකට අයත් මෙවැනි වැදගත් ස්මාරක කෙරෙහි කඩිනම් අවධානය යොමුවිය යුතුයි"

ඇඟිල්ලෙන් මෙම ගල සෙලවිය හැකි මුත් අත ගසා මෙම ගල සෙලවීමට උත්සාහ කලහොත් සෙලවීමට නොහැකි බවද ප්‍රදේශවාසී පවසයි.

හල්දුම්මුල්ල ගුහාවෙන් හමුවූ හුණු මූර්තිය

Easter Island ලෙස හඳුන්වන දූපතේ පිහිටවා ඇති මූර්තියක්

'ගලපිට ගල' නමින් හැදින්වෙන වසර දහස් ගණනක් තිස්සේ හල්දුම්මුල්ල කළුපහන, නිදන්ගොඩ කන්දේ හුදෙකලාව පැවති පාෂාණ සැකැස්ම මිනිස් නිර්මාණයක් බව පුරාවිද්‍යා මහාචාර්ය රාජ් සෝමදේව පවසයි. එය වසර 5000ක් පැරණි මිනිසුන් මිනිස් හිසක් නිර්මාණය කිරීමට දැරූ ප්‍රයත්නයක් බවට රාජ් සෝමදේව මහතා හදුන්වා දෙයි.

මහාචාර්යවරයා මේ බව හදුනාගත්තේ ඉකුත් දින මේ සම්බන්ධයෙන් කළ ක්ෂේත‍්‍ර ගවේෂණයකදීය. විශාල ගල් පර්වතයක් මතවූ කුඩා ගල් කීපයක් මත සිරස් අතට පිහිටි ඇති පුදුම සහගත ලෙස නොපෙරළී තිබෙන විශාල ගල් පර්වතය මනුෂ්‍ය මුහුණක් ලෙස හැඩගැන්වීමට අතීතයේ කවර හෝ දිනක මිනිසා විසින් වෑයම් කර ඇති බව මහාචාර්ය රාජ් සෝමදේව මහතා පවසයි.

මහාචාර්ය රාජ් සෝමදේව මහතා මෙසේද ප‍්‍රකාශ කළේය.

'අප කළ ක්ෂේත‍්‍ර ගවේෂණයේදී' මනුෂ්‍ය හැඩරුව ඇති හුදකලාව පිහිටි මෙම ගල නිරීක්ෂණය කළා. ස්භාවිකව ගල් කුට්ටි කීපයක් මත ස්භාවිකවම තැන්පත් වී ඇති අඩි 30ක පමණ උසින් යුත් මෙම පර්වත කුටිය මිනිස් මුහුණක් ලෙස හැඩගැන්වීමට වෑයම් කර තිබෙනවා. මුහුණේ අංග ඉස්මතු කර දැක්වීම සදහා ඉතා ඕනෑකමින් කළ වෑයමක් ගැන හිතන්න පිළිවන්.

මෙය ස්වාභාවික හේතූන් නිසා යම් යම් වෙනස්කම් වලට භාජනය වී තිබෙනවා. එහෙත් මුඛය ඉස්මතු කිරීම සදහා දක්වන ලද වෑයම තවමත් හොදින් මුර්තිමත් කරනවා. එහි තොල් පිළිබද සලකුණු තවමත් සුරැකී තිබෙනවා. මෙම මූර්තියේ නළල මධ්‍යයේ තරමක විශාලත්වයෙන් යුත් කුහරයක් දක්නට ලැබීමෙන් පැහැදිලි වන්නේ එහි යමක් රදවා තබන්නට ඇති බවයි.

මෙම මිනිස් හිස උතුරු කදුකරය දෙස බලාගෙන සිටි ආකාරය නිර්මාණය කර තිබෙනවා. මෑතදී හල්දුම්මුල්ල වෑඑළිය හුණුගලාගල ගුහාවෙන් සොයාගත් වසර 5000ක් පමණ පැරණි බව කිව හැකි ගලින් කළ මිනිස් හිස දැක්වෙන මූර්තිය සහ නිදන්ගොඩ මිනිස් හිස මූර්තිය අතර කිසියම් සමානකමක් දක්නට තිබෙනවා. යැයිද මහාචාර්යවරයා සදහන් කළේය.

මෙම ස්ථානය සම්බන්ධයෙන් නිදන්ගොඩ ගම්වැසියන් අතර නොයෙකුත් ජනප‍්‍රවාද පවතී. මෙම මතුපිට ගල ඇගිල්ලෙන් සෙලවුවහොත් සෙලවිය හැකි වුවත් අතගා සෙලවීමට ගියහොත් සෙලවීමට නොහැකි බව එක් ජනප‍්‍රවාදයකි.

උපුටා ගැනීම - http://www.33000.lk/2013/09/Galapitagala-AncientRock.html

0

අදහස්

  • කිසිදු අදහසක් ලැබී නොමැත. පළමු අදහස ලබා දෙන්න.

ඔබේ අදහස ලබා දෙන්න

සෙනසුරාදා, 16 දෙසැම්බර් 2017

ලිපි


විද්‍යුත් ලිපි මගින් සම්බන්ද වෙන්න

344097
යාවත්කාලීනය: 05-09-2014