• ප්‍රවර්ග
    ප්‍රවර්ග ප්‍රවර්ග සියල්ල ලැයිස්තුවක් ලෙස පෙන්වයි.
  • ප්‍රවර්ග
    ප්‍රවර්ග සම්බන්ධිත ප්‍රවර්ග ලැයිස්තුවක් ලෙස පෙන්වයි.

ඓතිහාසික සාධක

"Helawanshaya" "හෙළවංශය" තෙවන වැඩසටහන

දෙරණ නාලිකාවෙන් ප්‍රචාරය කරනු ලබන හෙළ වංශය වැඩසටහනේ තෙවන වැඩසටහන.

ඔබෙන් වසන්ව ගිය එසේත් නැත්නම් ඔබෙන් හිතා මතා වසන් කළ ඒ මහා හෙළ ශිෂ්ඨාචාරය, ඓතිහාසික කාරනය යලිත් මතු කරන්නට අපට අවසරයි..

වැදුම්: 1847
0

ඓතිහාසික සාධක

"Helawanshaya" "හෙළවංශය" දෙවන වැඩසටහන.

දෙරණ නාලිකාවෙන් ප්‍රචාරය කරනු ලබන හෙළ වංශය වැඩසටහනේ දෙවන වැඩසටහන.

ඔබෙන් වසන්ව ගිය එසේත් නැත්නම් ඔබෙන් හිතා මතා වසන් කළ ඒ මහා හෙළ ශිෂ්ඨාචාරය, ඓතිහාසික කාරනය යලිත් මතු කරන්නට අපට අවසරයි...

වැදුම්: 1870
0

ඓතිහාසික සාධක

දෙරණ නාලිකාවෙන් ප්‍රචාරය කරනු ලබන හෙළ වංශය වැඩසටහනේ පළමු වැඩසටහන.

"Helawanshaya" "හෙළවංශය"

ඔබෙන් වසන්ව ගිය එසේත් නැත්නම් ඔබෙන් හිතා මතා වසන් කළ ඒ මහා හෙළ ශිෂ්ඨාචාරය, ඓතිහාසික කාරනය යලිත් මතු කරන්නට අපට අවසරයි...

වැදුම්: 2107
0

ඓතිහාසික සාධක
වැදුම්: 1913
0

ඓතිහාසික සාධක

ITN වෙනස වැඩසටහන රාවණ රජු හා රාවණ ගුහාව අලලා සකස් කල වාර්තාමය වැඩසටහන.

වැදුම්: 3857
0

ලෝකයේ පැරැණිම තත් භාණ්ඩය වන රාවණහස්ත්‍රම් වයන - දිනේෂ් සුබසිංහ මහතා.

වාල්මිකී නමැති ඍෂිවරයා විසින් ක්‍රි.පු. 4 වන සියවසෙහි දී පමණ රචනා කළ 'රාමායනය' වීර කාව්‍ය සඳහා පාදක වී ඇත්තේ රාම - රාවණ පුවතයි. සංස්කෘත ශ්ලෝක 24, 000 කින් සමන්විත රාමායනය භාරත දේශයේ රචිත ප්‍රථම පද්‍ය කාව්‍ය ලෙස සැලැකේ. වාල්මිකී හැඳින්වීම පිණිස 'ආදි කවි' නමැති විශේෂණය යොදා ගැනීමට හේතුව ද 'රාමායනය' භාරත දේශයේ ප්‍රථම පද්‍ය කාව්‍යය වීමය.

සත්‍ය හා මිත්‍යාව සංකලනය වූ මේ වීර කාව්‍යයෙහි වීරයා රාමය. රාම යනු විෂ්ණු අවතාරය ලෙස ද සැලැකේ. පිවිතුරු පතිවතෙහි සංකේතය සීතාය. රාවණ යනු දුෂ්ටත්වයේ සංකේතයයි.

රාවණා විසින් සීතා පැහැරගෙන ඒම සිදු වූයේ ඔහුගේ සහෝදරියට කළ නින්දාවකට පළිගැනීමක් වශයෙනි. රාමායනයේ දුෂ්ටයා ලෙස නිරූපණය කළ ද රාවණ, සීතාවන්ට කිසිදු අතවරයක් නොකළේය.

රාවණ රජ ඉන්දියාවේ ප්‍රදේශ කිහිපයක් ද ජය ගෙන සිය අණසක ඒ ප්‍රදේශයන්හිද පැතිර වූයේය. සීතා කුමරිය පැහැර ගෙන ඒම නිසා රාවණ රජු හා රාම කුමාරයා අතර යුද්ධයක් ඇති විය. දොළොස් වසරක් පුරා පැවැති ඒ යුද්ධයේ දී රාම කුමාරයාට ජය ලැබිණ. එහිදී රාම කුමාරයාට දෙවියන්ගේ උපකාරය ලැබුණු බව හින්දූන්ගේ විශ්වාසයයි. නා නා විද්‍යාවන්හි හසළ බුද්ධිමතකු වූ රාවණ රජතුමා "අර්ක ප්‍රකාශ" නමැති වෛද්‍ය ග්‍රන්ථයක් සම්පාදනය කැර තිබේ.

රාම - සීතා කතා පුවත සමඟ බැඳී ඇති ස්ථාන නාම ආදිය අදටත් ශ්‍රී ලංකාවේ දකින්නට තිබේ. නුවරඑළිය ප්‍රදේශයේ ඇති සීතා ඇල්ල, සීතා එළිය හා සීතා කොණ්ඩ එවැනි ස්ථාන තුනකි . සීතා නැවතී සිටි ප්‍රදේශය සීතා එළියයි. සීතා දිය නෑ ස්ථානය සීතා ඇල්ල නම් වේ. සීතා කොණ්ඩය පීරූ ස්ථානය සීතා කොණ්ඩ නම් වන බව ජනප්‍රවාදයේ කියැවේ.

උඩුරාවණ හා යටිරාවණ යැයි හඳුන්වනු ලබන මහනුවර ප්‍රදේශයේ ගම් දෙක රාවණ රජුගේ වනෝද්‍යානයනය. රාවණ රජු දිය නෑ ඇල්ල රාවණ ඇල්ලය. ගාල්ලේ රූමස්සල කන්ද පිහිටි උණවටුනට ඒ නම ලැබී ඇත්තේ යුද බිමෙහි දී තුවාල ලත් වානරයන් සුවපත් කිරීම සඳහා හනුමාන් රැගෙන ආ ඖෂධ පර්වතය උණා වැටුණු ස්ථානය නිසා යැයි ජනවහරේ එයි.

මෙසේ රාමායණය හා රාම - සීතා අන්දරය සමඟ බැඳී පවත්නා ජනප්‍රවාද ආදිය ගැන කතා කිරීමට විශේෂ හේතුවක් තිබේ. ඒ ගැන කතා කිරීමට අප පොළඹවාලූ පුද්ගලයා දිනේෂ් සුබසිංහය. තරුණ සංගීතඥයකු වන ඔහු ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ නිර්මාණ චාරිකාවට එක් වූයේ 2002 වසරේ දීය. ගීත හයසියයකට අධික ප්‍රමාණයකට, ටෙලිනාට්‍ය හැත්තෑවකට හා චිත්‍ර පට විස්සකට ඔහු වාදකයකු ලෙස දායක වී ඇත. රාවණ පුවත ඔස්සේ අපගේ ජාතික අනන්‍යතාව සොයා යන මේ තරුණ සංගීතඥයාට සවන්දීම අප සැමගේ යුතුකමය. මේ ඔහු ගේ හඬයි. "අළුවකින්" (BOW) වැයූ ලොව ප්‍රථම සංගීත භාණ්ඩය පිළිබඳව රාමායනයේ සඳහන් වෙනවා.

එය රාවණා රජු වැයූ වාද්‍ය භාණ්ඩයයි. රාවණා හත්ත යැයි කියන ඒ සංගීත භාණ්ඩය දකුණු ඉන්දියාවේ දී රාවණාහස්ත්‍රම් ලෙස හඳුන්වනවා.

ඉන්දියාවේ විවිධ ගෝත්‍රික ජන කොට්ඨාස එය අදටත් නිපදවනවා. ඉන්දියාවේ මහාරාෂ්ඨ හා රාජාස්ථාන් යන ප්‍රදේශ වල මෙය බොහෝ ජනප්‍රියයි. 'රාවණා යනු ලාංකික රජ කෙනෙක්'. ඉතිහාසයේ ඔහු හැඳින්වෙන්නේ හිස් දහයක් සහිත රාක්ෂයකු ලෙසයි. එසේ හැඳින්වුවත් ඔහු ශ්‍රේෂ්ඨ මිනිසෙක් බවට සැකයක් නැහැ. සීතාට අතවර නොකළ රාවණා, මිය යන විට සීතා හඬන්නේ ද ඔහු යහපත් මිනිසකු නිසයි.

"මිසරයේ පිරමිඩ නිර්මාණය කිරීම සඳහා ඉංජිනේරු ඥානය දෙනු ලැබුවේ රාවණා රජු යැයි ද මතයක් තිබේ. ඔහු හිස් දහයකින් යුත් පුද්ගලයකු යැයි හඳුන්වන්නේ ඔහු සතුව තිබූ එම විශිෂ්ට ඥානය ගැන කීමට මිස යක්ෂයකු නිසා නොවිය යුතුයි. අළුවකින් වැයූ පැරණිම සංගීත භාණ්ඩය රාවණා හත්ත නම්, එය වයලීන පවුලේ ආරම්භකයා වේ. අප අද භාවිතා කරන බටහිර වයලීනය ක්‍රි.ව. 15 - 16 සියවස් අතර කාලයේ දී ඉතාලි ජාතික ඇන්ඩෘ අමාටි පවුල විසින් ලොවට හඳුන්වා දුන් එකක්. එසේ නම් මේ සංගීත භාණ්ඩ පවුලේ ආරම්භක භාණ්ඩය රාවණා නමැති ලාංකිකයා වයා තිබීම අපට ආඩම්බරයක් නොවේද?"

"මේ වාදන භාණ්ඩයේ රූප මෙරට මාධ්‍යයන්ට මුලින්ම හඳුන්වා දුන්නේ මාය. රාවණා හත්ත හා මහා භාරතය නම් මහා කාව්‍යයේ සඳහන් කිංගිරි නමැති වයලීන පවුලේ සංගීත භාණ්ඩය යොදා ගෙන මා කළ නිර්මාණ ඇතුළත් සංයුක්ත තැටියක් දැනටමත් නිකුත් කැර ඇත්තෙමි. කිංගිරි නම් සංගීත භාණ්ඩය පොල්කටුවක්, බට හා එළු හමක් යොදා ගෙන සාදා ගනු ලබන්නකි. එය ඉතිහාසයේ සඳහන් වයලීන පවුලේ දෙවන පැරණිම භාණ්ඩයයි. වයලීනයේ ඉතිහාසය ගැන අන්තර්ජාලයේ හා සෙසු සියලු වාර්තාවල සඳහන් වන්නේ බටහිර මතය පමණයි. පළමු තත් භාණ්ඩය වන රාවණාහත්ත රාවණ රජුගේ නිර්මාණයක් බව ලොවට හඬ ගා කියන්නට මා උත්සාහ කරන්නේ එය ශ්‍රී ලාංකිකයන්ට විශාල අභිමාණයක් නිසයි. මෙය අපගේ අනන්‍යතාව ලෝකයට පෙන්විය හැකි එක් සාධකයක්. ඒ නිසා අපට හිමි ඒ උදාර අතීතය ලෝකය හමුවට රැගෙන යෑමට, මට සහය දෙන ලෙස සියලු ශ්‍රී ලාංකිකයන් ගෙන් මා ඉල්ලා සිටිනවා".

සැබවින්ම දිනේෂ් සුබසිංහගේ හඬට සවන් දී ඔහුගේ උදාර පරමාර්ථය ඉටු කැර ගැනීම සඳහා සහයෝගය දීම අප සියලු දෙනාගේ යුතුකමකි.

උපුටා ගැනීම - http://www.lakehouse.lk/budusarana/2008/04/05/PrintPage.asp?REF=fea02

නෙල්සන් එස්. පෙරේරා

ආශ්‍රිත ප්‍රවර්ග: ඓතිහාසික සාධක
වැදුම්: 1745
0

මහා රාවණ ඉතිහාසයේ එන පුලතිසිපුරය හෙවත් දෙමළ බසින් පුලත්නරු නම් වන පුලතිසි සෘෂිවරයාගේ නගරය මෙරට ස්වර්ණමය යුගයකට උරුමකම් කියන භූමියකි. එහි ඇති පුලතිසි ප්‍රතිමාව ලංකා ඉතිහාසයේ අනාදිමත් කාලයක් නිරූපණය කරන ප්‍රබල පුරාවිද්‍යා සාධකයකි. කිසිදු රාජ්‍ය ආභරණයක් නොපළඳින උතුම් යෝගිවරයකු ගේ ස්වරූපය පිළිබිඹු වන මෙම ප්‍රතිමාව පරාක්‍රමබාහු රජුගේ යෑයි පැවසීම ලක් වැසියන් මුළා කිරීමක් වන අතර එම නගරය පොළොන්නරුව යනුවෙන් ව්‍යවහාරයට හුරු කිරීම මෙරට ඉතිහාසය වසන් කිරීමේ තවත් වෑයමකි. වර්තමාන පරාක්‍රම සමුද්‍රය පිහිටි භූමිය අතීතයේ පුලතිසි සෘෂිවරයාගේ තපෝවනය වේ.

පරාක්‍රමබාහු මහා අධිරාජ්‍යයා පවා මෙම ප්‍රතිමාවට පුද සත්කාර කළ රාජ්‍ය පාලකයෙකි. වර්තමාන පොත්ගුල් විහාරය අතීතයේ මෙරට බෞද්ධ, වෛද්‍ය ග්‍රන්ථ හා යන්ත්‍ර මන්ත්‍ර රැස් කළ ප්‍රධාන පුස්තකාලයව පැවැති අතර කාලිංග මාඝගේ ආක්‍රමණයෙන් මෙහි පැවැති රාවණ යුගයට අයත් ශ්‍රී රාවණ, පුලතිසි මහා සෘෂිවරුන්ගේ අත් අකුරු සහිත ග්‍රන්ථ කොටස් පවා විනාශයට පත්විය.

ආශ්‍රිත ප්‍රවර්ග: ඓතිහාසික සාධක රාමායනය
වැදුම්: 2250
0

ලිපි


විද්‍යුත් ලිපි මගින් සම්බන්ද වෙන්න

327875
යාවත්කාලීනය: 05-09-2014