Image Caption

රාම රාවණා යුද්ධයේ සිතුවමක්

Image Caption

සක්වල චක්‍රයේ අභිරහස

Image Caption

යුද්ධය පිළිබිඹු කරන පැරණි කැටයමක්

  • ප්‍රවර්ග
    ප්‍රවර්ග ප්‍රවර්ග සියල්ල ලැයිස්තුවක් ලෙස පෙන්වයි.
  • ප්‍රවර්ග
    ප්‍රවර්ග සම්බන්ධිත ප්‍රවර්ග ලැයිස්තුවක් ලෙස පෙන්වයි.

රාවණා රජු පිළිබඳව විවිධ වූ කථා ඈත ගම්වල ජනතාව අතර තවමත් ඇත්තේය. මේ ඇතැම් පුරාවෘත්ත එම ගම්වල යම් යම් ස්ථාන හා බැඳී පවතී. මේ කියන්නට යන කතාවද එසේමය. මෙහි කොතරම් දුරට සත්‍යතාවක් ඇද්ද යන්න අපි නොදනිමු. එහෙත් මේ ස්ථානයේ ඇති අරුම පුදුම බවත්, සුන්දරත්වයත්, නිසාම මෙතැන ආරක්ෂා කරගත යුතුය යන්න පිළිබඳව වගකිවයුත්තන්ට කියන්නටත්, දෙස් විදෙස් සංචාරකයන්ගේ නෙත සිත මේ කෙරෙහි යොමු කරවීමේ අරමුණ ඇතිව අපි මෙය ඔබට කියන්නෙමු.

මේ අතීත කතාවයි, ඒ කතාව අපට කීවේ පණ්ඩිතයාකුඹුර ගමේ ධර්මසේන,

රාවණා රජ්ජුරුවෝ සීතා කුමරිය පැහැරගෙන ඇවිත් ලංකාවේ තැනින් තැන සඟවා තබාගෙන ඉඳලා තියෙනවා. රාවණා රජු සොරා ගෙන ආ සීතා කුමරිය සොයන්නට ලංකාවට ආවේ 'හනුමාන්' නම් වානර රජු. ඔහු දවසක් සීතා කුමරිය සොයමින් යන අතරේ රාවණා රජු ඔහු දුටුවා. ඒ වනවිට සීතා කුමරිය හිටියේ දියපහරක් අද්දර. රාවණා රජු කල්පනා කළා හනුමාන් සීතා දුටුවොත් ඔහුට ඇය දෙන්නට සිදුවන බව. ඒ නිසා ඔහු කපටි කමක් කරන්නට සිතා සීතා රෙදිකඩකින් වසා දැමුවා.

ඉන්පසුව රාවණා රජු හනුමාන්ට කිව්වලු සීතා කුමරියට බෝවන කුෂ්ට රෝගයක් තියෙනවා. ඒ රෝගය සුවකිරීමට නම් දඹදිව ඇති ගරුඬ පාෂාණයෙන් කෑල්ලක් ගෙනැල්ලා දෙන්න කියලා. හනුමාන් එසැනින්ම ඉන්දියාවට ගිහින් තිබෙනවා. නමුත් ඔහු ගරුඩ පාෂාණය ගෙනෙන විට සීතා හෝ රාවණා රජු එහි දකින්නට ඉඳලා නැහැ. හනුමාන් ගරුඬ පාෂාණය ඒ දියපහර අද්දරම දමලා ගිහින් තියෙනවා.

ඔය අතර රාවණා රජු ඊට ඈතින් පෙනෙන කඳු උඩ තිබෙන ගල්ලෙන් පංචයේ (ගල්ලෙන් පහක) සීතා කුමරිය සඟවා තබා තිබෙනවා. අදටත් මේ ගමේ අය අතර තිබෙන විශ්වාසයක් තමයි සුව නොවන කුෂ්ට රෝගයක් තිබුණොත් ඊට ප්‍රතිකාරයක් ලෙස ගරුඩ ගල් කෑල්ලක් දෙහි ඇඹුලෙන් උරච්චි කර ගෑවහම රෝගය සුවවෙනවා කියන එක.

මේ කතාව බොහෝ පැරැණිය. එහෙත් අතීතයේ සිට පැවත එන ගරුඩ පාෂාණය සහිත දියපාර නම් තවමත් නිරුපද්‍රිතව අපට දැකගැනීමට හැකිය.

කොහේද මේ ගරුඩ පාෂාණය හෙවත් ගරුඬගල තිබෙන්නේ? ඔබේ හිතට කුතුහලයක් ගෙනෙනු ඇත.

නුවරඑළියේ සිට රාගලට ගිය අපි රාගලින් මන්ත්‍රිතැන්න හරහා වැටී ඇති මාවතේ ගමන් කළෙමු. කැරට්, බීට්, අල, ගෝවා ආදී වගාබිම් මැදින් ද තේ වතු, මැදින් ද යන ගමන බෙහෙවින් සොඳුරුය. මධ්‍යහනයේ වුවද සීතලෙන් ආරක්ෂා වීමට උඩු කබා හැඳගනිමින් එළවළු පාත්තිවල යුහුසුළුව වැඩ කරන ගැහැනුන් පිරිමින්ගේ දසුන අපූරු ය. අපි රාගල සිට කිලෝමීටර් තුනක් පමණ ගියෙමු.

"මෙතැනින් එහා නම් යන්න බැහැ. පේනවනේ පාරේ හැටි"

අපට මඟ පෙන්වන්නට ගිය මන්ත්‍රීතැන්නේ මේනක ධර්මප්‍රිය හා ධර්මදාස මැසිවිලි නඟති.

එතැන් සිට කිලෝමීටර් එක හමාරක් පමණ අප ගියේ ත්‍රිරෝද රියකිනි.

"මේ ගමේ කෙනෙක්ට ලෙඩක්, හැදුණොත් තිබෙන ලොකුම ප්‍රශ්නය තමයි රෝහලකට රැගෙන යන එක. පාර අබලන් නිසා යන්න අමාරුයි. ත්‍රිරෝද රථවල යට ගල්වල වදිනවා. ඒත් අමාරු ලෙඩෙක් ගෙනියන කොට පුළුවන් තරම් ඉක්මනට රෝහලට යන්නයි බලන්නේ."

අසීරු මඟේ ත්‍රිරෝද රථය ධාවනය කරමින් සඳරුවන් පවසයි. අපි ඔහු හා කිලෝමීටර් එකහමාරක් පමණ ඔබ්බට ගියෙමු.

ගරුඬ පාෂාණය නැරඹිමට පැමිණි අය එයට හානිකරන අයුරු

එතැන් සිට අපි ගරුඩගල සොයා පා ගමනින් ගමන ඇරැඹුවෙමු. දුර්ලභ ඖෂධ වර්ග මෙන්ම වටිනා දැව ශාඛයන්ගෙන් හෙවණ වූ මඟ ඇත්තේ නිසොල්මන් බවකි. පරිසරය බෙහෙවින් නිහඬය. පාළුය. පල්ලම් බසිමින් ගිය අපි එක්තැනකදී මඟ නතර වුනෙමු. එතැන බෙහෙවින් ලිස්සන සුළුය. රූස්ස ගසක අත්තක එල්ලී පහළට බසින්නට අපි උත්සාහ දැරුවෙමු. වේලාව සවස තුනහමාරට හතරට පමණ ඇත. එහෙත් ඒ අවට පරිසරය බෙහෙවින් අන්ධකාරය. ඈතින් හඹා වැටෙන දියඇල්ලේ හඬත් රැහැයියන්ගේ හඬත් පරිසරයේ ඇති නිසලතාව බිඳ දමයි. බිඳී යන ඒ නිසලතාව මැදින් ඇසෙන්නේ ගලකින් ගලකට ගසන හඬකි.

තෙතබරිත පාරේ ගිය අපි ගරුඩ පාෂාණය සහිත දියපහරට ළංවුණෙමු. ගමනේ දුෂ්කරතාව එතැනින් නිමා විය. නෙතට හසුවූයේ අපූරු පාෂාණ තලාවක සොඳුරු බවකි. එහෙත් එහි සුන්දරත්වය බිඳිමින් සිතට ආවේ සියුම් කනගාටුවකි.

"ඕක තමයි වෙලා තියෙන දේ. මේක බලන්න යන එන අය ගල කඩාගෙන යනවා. කාලෙකට කලින් හාමුදුරුවෝ කෙනෙකුත් මෙතන මහා පරිමාණයෙන් ගල කැඩුවා. ඒත් කවුරුවත් ඒ ගැන අවධානයක් යොමු කළේ නැහැ. පත්තරවල මේ ගරුඩගල ගැන ගියාට පස්සේ ක්‍රමයෙන් මෙතැනට එන පිරිස වැඩිවෙලා තියෙනවා."

මන්ත්‍රීතැන්න ගමේ මේනක පවසන්නේ කනගාටුවෙනි. ගරුඩ පාෂාණය ඔවුන්ගේ ගමට ආඩම්බරයකි. ශ්‍රී ලංකාවේ හැරුණ විට මෙවැනි නිල් ගරුඩ පාෂාණයක් දැකිය හැක්කේ ඉන්දියාවේදී පමණක් බව ඔවුන්ගේ මතයයි.

අප එහි යනවිටද දේශීය සංචාරක දෙපිරිසක්ම එහි පැමිණ සිටියහ. ගරුඩ පාෂාණය තෙමාගෙන වැටෙන දියපහර බෙහෙවින් සීතලය. එමෙන්ම පරිසරයද සිහිලැල්ය. අපේ ගමේ පවුල් එකසිය විස්සක් විතර ජීවත් වෙනවා. රාගල ඉඳලා ගරුඬ ගල ගාවට කිලෝමීටර් දහයක් විතර එන්න ඕන. මන්ත්‍රීතැන්න ගම පහුකරලා ආවට පස්සේ පණ්ඩිතයාකුඹුර ගමට තමයි මේ නිල්ගරුඬ ගල අයිතිය තිබෙන්නේ. මෙතැනට එන්න තවත් පාරවල් දෙකක් තියෙනවා. එකක් තියෙන්නේ වලපනේ, රුපහා පාර හරහා. අනෙක් පාර තියෙන්නේ උඩුපුස්සැල්ලෑව හරහා. කොහොම වුණත් එතැනට යන්න ළඟම පාර තමයි රාගල මන්ත්‍රීතැන්න හරහා පාර. මේ දියපාර පටන් ගන්නේ පණ්ඩිතයා කුඹුර ඉහළ කොටසින්. දියපහර ගලාගෙන යන්නේ රූපහා ඔය හරහා මහවැලි ගඟට. මේ පාෂාණයේ විවිධ පාට වර්ග තිබෙනවා. අපිට පැහැදිලිවම දකින්න පුළුවන් පාට වර්ග කිහිපයක් ම තිබෙනවා. කිරිපාට, සුදුපාට, තදකොළ පාට, කළු පාට හා රෝස පාට ඒ අතර වෙනවා. මේක ගැන තවමත් හරියට සොයා බැලීම් කෙරිලා නැහැ. නමුත් මේ කලාපය රක්ෂිත කලාපයක්. මේවගේ දුර්ලභ ගනයේ පාෂාණයක් අපේ ගම ආශ්‍රිතව තිබෙන එක අපිට ලොකු ආඩම්බරයක්. නුවරඑළියට බොහෝ සංචාරකයෝ එනවා. ඒ එන අයට මෙතැන බලන්න එන්න පුළුවන්. ඒත් තිබෙන ලොකුම ප්‍රශ්නය තමයි හරිහමන් මාර්ගයක් නැතිකම.

පණ්ඩිතයාකුඹුර ගමේ ආරියපාල පවසන්නේය.

ගම්මුන්ට ඇති ලොකුම අඩුපාඩුව ගමට හරිහමන් පාරක් නොමැතිකමය. එහෙත් ගරුඬ පාෂාණය බැලීමට කැමැත්තෝ ඒ දුෂ්කර ගමන කෙසේ හෝ පැමිණෙති. එසේ පැමිණි කෙනෙකි. එස්.එම්. නයනා.

"මම දැන් පදිංචිවෙලා ඉන්නේ නුවර. අපේ අම්මගෙ ගම කරඳගොල්ල. මම පුංචි කාලේ මෙතැනට ඇවිත් තියෙනවා. එතකොට මගෙ වයස අවුරුදු නවයයි. දැන් මගෙ වයස අවුරුදු තිස් අටයි. ඉස්සර මෙතැනට එන්න හරිම අමාරුයි. අඩිපාරක් විතරයි තිබුණේ. අපි පොඩි කාලේ එනකොටත් එක එක්කෙනා මේක කඩාගෙන යනවා. ඒ කාලේ මීට වඩා ගරුඬ ගල තිබුණා. මම නව වතාවක් විතර මෙතැනට ඇවිත් තියෙනවා. මගෙ දුවට අවුරුදු නවයයි. මේ පාර මගෙ දුවත් ආවා. මේ පරිසරය හරිම සිහිලැල් මං මෙතැනට හරිම ආසයි. ඒ හින්දමයි ගමන අමාරු වුණත් ගමට ආවහම මෙතැනට ගොඩවෙලා යන්නේ."

ගරුඬගල බලන්නට යන කවුරුත් පාහේ නිතර දෙවේලේ එහි යාමට කැමැතිය. විශේෂයෙන්ම ප්‍රදේශයේ කොලු කුරුට්ටන් නිතර එහි ගැවසෙති. ඔවුහු තම ගමේ සම්පත රැක ගැනීමට මෙන් ගරුඬගල බැලීමට යන අයගේ පසුපසම යති. මේ නිසා සීතල ජලයේ වුවද දවසට දෙවරක් තුන් වරක් පැන නෑමට ඔවුහු මැලි නොවෙති. අපත් සමඟම ගඟ පෙන්වන්නට ගිය අසංක, උෂින්, ඉසුරු තිදෙනාද එසේමය.

ගමේ අය කවුරුත් එක හඬින් කරන්නේ එකම ඉල්ලීමකි. හැත්තෑ හැවිරිදි ආර්.එම්. ධර්මසේනගේ ද ඉල්ලීම ඒකය.

"මම පුංචි කාලේ ඉඳලම ඔතැනට යනවා. පුංචි කාලේ අපි යද්දී අඩි පාරක් තිබුණේ. මේ ගරුඬ පාෂාණය ආරක්ෂා කරගන්න, ඒක තමයි වැදගත්ම දේ. අපේ ගමට ඒක ආඩම්බරයක්.

සවස පහ හය වන විට පරිසරය අන්ධකාරයට හැරෙයි. ඈත නම නොදන්නා කඳු පේලි මීදුමින් වැසී ගොස්ය. කාලයක් තිස්සේ කැලයෙන් වැසී තිබූ පණ්ඩිතයාකුඹුර ගම හා ඒ අවට ගම්මාන හඳුනාගෙන තිබූ නිල් ගරුඬ ගල ක්‍රමයෙන් ජනාකීර්ණ වන්නට පටන් ගෙන ඇත. හෙට අනිද්දා වනවිට එහි යන එන පිරිස වැඩිවේවි. ඉතින් කරන්නට එක ඉල්ලීමක් ඇත. මේ දුර්ලභ පාෂාණය හා ඒ ආශ්‍රිත දියපහර බොහෝ වටින්නේය. එය සුරැකීම එහි යන එන හැමගේම වගකීමයි.

"විශේෂ ස්තුතිය" රාගල මේනක ධර්මප්‍රිය, කුරුවිට නිහාල් වික්‍රමරත්න හා රත්නපුර කමල් ගුණරත්න සොයුරන්ට.

ඡායාරූප - විමල් කරුණාතිලක

උපුටා ගැනීම - http://www.silumina.lk/2012/03/18/_art.asp?fn=as1203183

වැදුම්: 3214
0

ලංකේෂ්වර රාවණයන් පිළිබඳ කතිකාවතක් නැවත සමාජය පුරා මතුවී තිබේ. එම කතන්දරවල සත්‍ය අසත්‍යතාවය සොයන්නට අපි උත්සාහ නොකරන්නේ එසේ හෝ රාවණ පිළිබඳ නැවත කියවාබැලීමක් සිදුවිය යුතුම නිසාය. අතීතයේ වැළලී තිබූ ශ්‍රේෂ්ඨ මිනිසකුගේ මළසිරුර යළිත් ගොඩගෙන පශ්චාත් මරණ පරීක්ෂණයක් කිරීමට අපි උත්සාහ දරමු. එයට හේතුව මෙම මරණය අභිරහසක් වූ නිසා පමණක් නොව ශ්‍රේෂ්ඨ ජාතියක අභිමානය එමගින් යළිත් ලෝකයට හඬගා පවසන හෙයිනි. අදින් වසර 6000කට පමණ පෙර මෙරට විසූ මෙම ශ්‍රේෂ්ඨ මිනිසා නමින් මහා රාවණය. රාවණගේ යුගය පිළිබඳව මෙරට ලිඛිත ඉතිහාසයේ වැඩි යමක් සඳහන්ව නැතත් ඉන්දියානු ඉතිහාසයේ ඔහු පිළිබඳව දීර්ඝ විස්තරයක් කිරීමට තරම් වාල්මිකී කරුණාවන්ත වීම එක්තරා භාග්‍යයකි. එහෙත් වාල්මිකී විසින් ලියන ලද රාමායනයේ රාවණ ඉදිරියේ කළු පැල්ලමක් තබන්නට ඔහු උත්සාහ දරා ඇත්තේ ඇතැම් විට එවකට ඉන්දියානු පාලකයන්ගේ බලපෑම නිසා වන්නට ඇත. එනිසාම රාවණගේ සැබෑ කතන්දරය කුමක් දැයි අද වනවිට බොහෝ දෙනෙකු ගවේෂණය කිරීමට උත්සාහ දැරීම යහපත් ප්‍රවණතාවයකි.

සැබැවින්ම රාවණ යනු විශ්වීය මෙන්ම විශ්මීය මිනිසකු යැයි අපට සිතෙන්නේ ඔහු ඉන්දියාවේ කොටසක් හා සමස්ත ලංකාවම පාලනය කළ නිසා පමණක් නොව ඔහු සතුව තිබූ අධිතාක්ෂණික ක්‍රමවේදයන් පිළිබඳ ඥානය නිසාය. මින් වසර 6000කට පෙර ගුවන්යානා නිපදවිය හැකි තාක්ෂණයක් හා අදහාගත නොහැකි තරම් පුදුම සහගත වූ වෛද්‍ය විද්‍යාවක් මෙරට තිබූ බව වාල්මිකී විසින් පළමුවරට ලොවට හෙළිකරයි. එහෙත් රාම-රාවණා යුද්ධයේදී එම රහස් සියල්ල වැළලී ගිය ආකාරයත් ඔහු රාමායනය මගින් පෙන්වාදෙයි. සැබැවින්ම රාවණ යනු ලෝකයේ පහල වූ බලසම්පන්නම පුද්ගලයකු බව එම සාක්ෂිවලින් පැහැදිලි නොවන්නේද? අප මේ උත්සාහ දරන්නේ අපගේම ඉතිහාසයේ වැළලීගිය මහා යුගපුරුෂයකුගේ සැබෑ තොරතුරු අනාවරණය කිරීමටය. ඒ අප මෙතෙක් අසා තිබූ රාමායනයේ පවතින සාවද්‍ය ප්‍රකාශන නිවැරදි කිරීමට මේ හොඳම කාලය වන නිසාය.

ලංකා රාජ්‍යය ගොඩනැගුවේ රාවණ නොවේය. එය ගොඩනැගුවේ ඔහුගේ ආදීතම මුතුන්මිත්තන් විසිනි. ඔවුන් අතරින් සූර්යපුත්‍ර, සූර්ය පුත්‍රගේ පුත් ධර්මරාජ, ඔහුගේ පුත් හේතිරාක්ෂස, ඔහුගේ පුත් විද්‍යුත්කේෂ, ඔහුගේ පුත් සුකේෂ හා සුකේෂගේ පුත් සුමාලි ප්‍රධානතම වේ. සුමාලි යනු රාවණගේ මුත්තණුවන්ය. සුමාලිගේ පුත්‍රයා පුලත්‍ය ඍෂිවරයාණන් වූ අතර, ඔහුගේ පුත්‍රයා වූයේ විශ්‍රාවාස මුනිවරයා නැතහොත් රාවණගේ පියාණන්ය. රාවණ උපන්නේ ලංකාවේ නොව ඉන්දියාවේ නර්මදා නදිය අසබඩ ප්‍රදේශයකය. සුමාලි මුත්තණුවන් විසින් ඉතා දියුණු රාජ්‍යයක් බවට පත්කර තිබූ ලංකා රාජ්‍යය නැතහොත් මිණිමිහි දේශය ඒ වනවිට පාලනය කරනු ලැබුවේ වෛශ්‍රාවන නම් රජකු විසිනි. කූඨ උපක්‍රමයක් මගින් ලංකා රාජ්‍යය තමන් යටතට ගත් වෛශ්‍රාවන එහි සැබෑ උරුමක්කරුවන්ගෙන් උදුරා‍ගෙන තිබිණි. භාරතය පුරා පැතිරී තිබූ සත්ව බිලිපූජා හා බමුණන්ගේ හිංසාවාදී ආගමික පිළිවෙත් වලට විරුද්ධව යමින් සුමාලි විසින් කරන ලද යුද්ධයේදී බමුණන් පළවාහැරීමට සුමාලිට හැකිවුවත් විෂ්ණු නමැති පාලකයා විසින් සුමාලි පරාජයට පත්කර ලංකා රාජ්‍යය වෛශ්‍රාවනට පවරාදෙනු ලැබීය.

එවකට භාරතය යනු ලොව ‍දූෂිතම රාජ්‍යයන්ගෙන් එකක් බව මෙහිදී අපට මනාව සනාථවේ. රාවණගේ පරපුර යනු අතිශය අවිහිංසාවාදී හා සියලු සත්වයන්ගේ සුභසිද්ධිය උදෙසා දැවැන්ත අරගල කරන ලද පරපුරක් බව ඉතිහාසය සාක්ෂි දරයි. එහෙත් එම ඉතිහාසය විකෘති කරමින් රාමායනය ලියන ලද වාල්මිකී, බ්‍රාහ්මණයන්ගේ අවශ්‍යතාවය සපුරාලීම සඳහා රාවණගේ පරපුර රාක්ෂයින් ලෙස හැඳින්වීම කෙතරම් සාවද්‍යදැයි අපට සිතේ.

කෙසේ වුවද මිණිමිහි දේශයේ නැතහොත් ලංකාවේ සැබෑ උරුමය සියතට ගත් රාවණා ඊට වසර ගණනාවකට පසුව ලංකා රාජ්‍ය යටත් කොටගෙන ලංකාවේ රජු බවට පත්වන්නේ සියලු ශිල්ප ශාස්ත්‍රයන්ගේ කෙළපැමිණියකු ලෙසය. ඔහු වෛශ්‍රාවනට අභයදානය දී ඉන්දියාවට පිටුවහල් කරන්නේ සිරකරුවකු ලෙස නොව ඉන්දියාවේ තම පියාට අයත්ව තිබූ ප්‍රදේශයක භාරකාරත්වයටද පත්කරමිනි.

රාවණා ලංකා රාජ්‍යයේ අගරජු බවට පත්වන්නේ තනි පුද්ගලයකු ලෙස නොව ඔහුගේ සහෝදර සහෝදරියන්ද එහි භාරකාරත්වයට පත්කර ගනිමිනි. ඔහුගේ සහෝදරයන් වූ කුම්භකර්ණ, බර, දූෂණ, විභීෂණ යන අයට මෙන්ම රාවණාගේ නැගණිය වූ සුපර්ණකා කුමාරියටද රාජ්‍යයේ ඉහළ තනතුරු හිමිවිය. සුපර්ණකා යනු එකල සමස්ත ඉන්දියාවේම සිටි අභිරූමතියකි. රාවණාගේ හා සුපර්ණකාගේ බැඳීමට සමාන සහෝදර බැඳීමක් වෙනත් පුරාවෘත්ත වලින් සොයාගැනීමට අපහසුය. රාවණා රාජ්‍යය කරද්දී සුපර්ණකා ඔහුගේ උපදේශිකාව වූවා පමණක් නොව මුලසිටම ඇගේ ක්‍රියාකලාපය පරම අවිහිංසාවාදී වූ බව රාජ්‍යයේ ඇතැම් ගැටළු නිරාකරණයේදී ගත් පියවර මගින් අපට මනාව පසක්වේ. රාජ්‍ය පාලනයේදී රාවණ විසින් ගනුලැබූ වැරදි සහගත තීරණයක්ද වේ. එනම් විභීෂණට යුවරාජ තනතුර ලබාදීමය. විභීෂණ යනු කුඩාකල සිටම රාවණට ප්‍රතිවිරුද්ධ පාර්ශ්වය නියෝජනය කළ පුද්ගලයකු බව දැනදැනත් තම සහෝදරකම සලකා රාවණා විසින් ඔහුට යුවරාජ තනතුර ලබාදෙන්නේ මතුවන විපත දැනද, නැතිනම් නොදැනද යන්න මෙහිදී පැහැදිලි නොවේ.

කෙසේ වුවද රාවණ ලංකාපුරය ලෝකයේ ශ්‍රේෂ්ඨතම රාජ්‍යයේ බවට පත්කර පරම අවිහිංසාවාදය පතුරවමින් මෙතෙක් කිසිවකට සමකළ නොහැකිවූ අධිතාක්ෂණික මෙවලම් නිෂ්පාදනය කරමින්, නොයෙකුත් විද්‍යාවන් පිළිබඳ පොතපත ලියමින් රාජ්‍යයට පාලනය ගෙනයයි. යාගහෝම කරමින් බිලිපූජා පවත්වමින් තම පැවැත්ම සකස් කරගෙන සිටි ඉන්දියාවේ බමුණන් රාවණගේ නීතිරීති නිසා තවදුරටත් එම කටයුතු සිදුකරගත නොහැකිව රාවණ කෙරෙහි වෛර බඳිමින් ඔහු විනාශ කිරීමට නොයෙකුත් කූඨ උපක්‍රම ක්‍රියාත්මක කිරීමට පටන්ගන්නේ මෙම අවධියේදීය. භාරතයේද දශරථ රජුගේ පුත්‍රයන් දෙදෙනා වන රාම හා ලක්ෂ්මණ මේ කටයුත්ත සඳහා ඔහුන් යොදාගනු ලබයි. වනවාසයට ගොස් සිටින රාම හා ඔහුගේ බිරිඳ සීතා මෙන්ම ලක්ෂ්මණද දැන හෝ නොදැන බමුණන්ගේ මෙම උපක්‍රම වලට හසුවෙති. රාම යනු මහා උතුමෙක් ලෙස රාමයනයේ සඳහන් වුවද, ඔහු ස්ත්‍රීන් කෙරෙහි ලොල්වූ පුද්ගලයකු බව අපට පෙනෙන්නේ රාවණගේ නැගණිය වන සුපර්ණකා කුමරිය මහවනයේදී රාමාට මුණගැසීමත් සමඟය.

සුපර්ණකා දුටු පමණින් රාම ඇයට වශී වී සීතාද අමතක කර දමන්නට තරම් නින්දිත වේ. එහෙත් මෙය නොඉවසන ලක්ෂ්මණ බමුණන්ගේ ඉගැන්වීම් මත සුපර්ණකාගේ කන් හා නාසය කපා දමන්නට තරම් සැහැසි වේ. ගැහැනියකගේ කන් හා නාසය කපා දමන්නට තරම් පහත් හා අධම වූ මිනිසුන් දේවත්වයෙන් පුදන්නට තරම් ඉතිහාසය වැරදී ගියේ කෙසේ දැයි අපට නම් සිතාගත නොහැකිය. කෙසේ වුවද අවසානයේ දස වසරක් තරම් දීර්ඝ වූ මහා යුද්ධයක ආරම්භය සනිටුහන් වන්නේ එසේය. සුපර්ණකාගේ සිදුවීමට රාමගෙන් පළිගැනීමක් ලෙස රාවණා විසින් පුෂ්පක යානයෙන් සීතා රැගෙන ලංකාවට පැමිණෙයි. එහෙත් ඇය සිරකාරියක ලෙස සිරකර තැබීමට රාවණා කිසිම විටකදී උත්සාහ නොකරයි. සිරගෙයක් වෙනුවට අශෝක උයනේ මනරම් නිවසක් සාදවා සීතාව එහි රඳවා තබන රාවණා, රාමාත් සමඟ යුදවැදීමට කිසිදු උත්සාහයක් නොදරයි.

සාකච්ඡා කර ගැටළුව නිරාකරණය කරගැනීමට රාවණා දරන උත්සාහය අවසානයේදී අසාර්ථක වන්නේ දිගින්දිගටම රාම හා ලක්ෂ්මණ බමුණන් සමඟ එක්වී යුද්ධයකට අරඇඳීම නිසාවෙනි. මෙහිදී විභීෂණ තම සොහොයුරා වන රාවණගේ සියලු යුද රහස් රාමා අතට පත්කොට රාවණ පරදවාලීමට ඔහුගේ උපරිම දායකත්වය රාමාට හිමිකරදෙන්නේ රටත්, ජාතියත් මහා පාවාදීමකට ලක්කරමිනි. දස වසරක යුද්ධයෙන් පසුව රාවණ නම් අසහාය යුගපුරුෂයා, සුපර්ණකා කුමරියට සියලු දේ පවරා දී මිය යයි. රාමාට හෝ ලක්ෂ්මණටද මෙයින් කිසිදු යහපතක් හිමි නොවේ. සීතාව නිදහස් කරගත්තද බමුණන්ගේ‍ කේළාම් අසා රාමා ඇය අත්හැර දමයි. ඒ වනවිට ඇය රාමාගෙන් නිවුන් දරුවන් දෙදෙනකු ලබාසිටියද රාමාට ඒ කිසිවක් වැදගත් නොවේ. අග්නි පරීක්ෂණයේදී ඇගේ නිර්දෝෂීභාවය ලෝකයටම හෙළිවූ බව වාල්මිකීගේ රාමායනයේ සඳහන්ව ඇත.

දස වසරක් ලංකා පුරයේ රඳවාගෙන සිටි සීතාට රාවණගෙන් කිසිදු අන්ත්‍රාවක් නොවූ බව සනාථ වීමට එම ප්‍රකාශය ප්‍රමාණවත් නොවේද? එසේ නම් රාවණ යහපත් මිනිසකු නොවේ යැයි ඉතිහාසය තීන්දු කරන්නේ කෙසේද? මෙබඳු බො‍හෝ පරස් පරතා රාමායනය කෘතිය පුරාවටම ඇත. එසේ වන්නේ සත්‍ය සඟවා, හෘද සාක්ෂියට පිටුපා, රාමායනය රචනාකර ඇති නිසා බව පැහැදිලිය. කෙසේ වුවද රාමාගේ නොසැලකිල්ලෙන් සීතා හෙළකින් පහලට පැන සියදිවි නසාගන්නා අතර, ලක්ෂ්මණද රාමාගේ පිළිකුල් සහගත ක්‍රියා කලාපය නිසා අයෝධ්‍යවේ සයුර නදියට පැන සියදිවි නසා ගනී. අවසානයේ රාමාද එම නදියටම පැන සියදිවි නසාගත් බව ඉතිහාසයේ සඳහන් වේ. විභීෂණ ලංකාපුරයේ රජ වුවද, ඔහුගේ අවසාන කාලය දක්වා මිනිසුන් ඔහු රජකු ලෙස පිළිනොගත් බව සඳහන් වේ. එහෙත් මරණින් පසු ඔහු රාම මෙන්ම දෙවිකෙනකු වීම උභතෝකෝටිකයකි. යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන් මියගිය රාවණ අතීතයේ වැළලී යද්දී රාම හා විභීෂණ අනාගතයටත් පැමිණියේ කෙසේදැයි අපට නම් ගැටළුවකි. එයට සැබෑ හේතුව නම් එකල සිටම අද දක්වාත්, ඉන්දියානු බලපෑමෙන් තොරව මෙරට ජනයාට හුස්ම ගැනීමටවත් නොහැකිවීම නිසා වන්නට ඇතැයි අවසානයේ අපට සිතේ.

Lankagamdoranews

උපුටා ගැනීම - http://lankacnews.com/sinhala/main-news/93212/

ආශ්‍රිත ප්‍රවර්ග: රාමායනය රාවණ ඉතිහාසය රාවණ රජු
වැදුම්: 2217
0

ගුවන්යානා තාක්ෂණය

හැදින්වීම

ගුවන් යානා තාක්‍ෂණය පුරාණ ශිෂ්ඨාචාර සමග අත්වැල් බැඳගත් තාක්‍ෂණයකි. පුරාණ ශිෂ්ඨාචාර වල මෙවැනි ගුවන් තාක්‍ෂණ පිළිබඳ දීර්ඝ විස්තර ඇත්තේය. මෙම පුරාණ විස්තර විශ්ලේශණයේදී මෙම ගුවන් තාක්‍ෂණය දේව කොටස් හෝ විශේෂ ජීවින් සමග ගලපා ඇත්තේය. නමුත් හෙළ ඉතිහාසය විශ්ලේෂණයේදී එම තාක්‍ෂණය රාවණා රජුන් සමග ගලපා ඇත්තේය.

පුරාණ ග‍්‍රන්ථ වල සඳහන් මෙම ගුවන් තාක්ෂණය කුමක්ද? කෙසේ ආවේද? පුරාණ මූලාශ්‍ර වන වේද, රාමායන, මහා භාරතය, බගවාත් පුරාණය වැනි ග‍්‍රන්ථ වල සඳහන් ගුවන් විමාන සම්බන්ධ කරුණු පුදුම උපදවන සුලූය. උදාහරණයකට ඉන්දීයාවේ පුරාණ ග‍්‍රන්ථ වන ර්ගි වේදයේ පරිච්ජේද 20 ක මෙවැනි වාහන ගැන සඳහන් වේ. මෙම ග‍්‍රන්ථ වල විමාන කියන සඳහන් නොකලත් එක් තැනක කාර්මික කුරුල්ලෙක් පිළිබඳ විස්තර සඳහන් වේ. (රිග්වේද 164.47 – 48) මෙයට අමතරව ප‍්‍රවාහන ක්‍රම කිහිපයක් ගැන සඳහන් වේ.

  • ජලයන් - වතුරේ හා ගොඩ යන වාහන (ඍග්.වේද 6.58.3)
  • කාර - පොලොවේ හා ජලයේ යන වාහනය (ඍග්.වේ. 9.14.1)
  • ත‍්‍රිනල - තට්ටු 3 වාහන (ඍග්.වේ. 3.14.1)
  • ත‍්‍රිචක‍්ර රථ - රෝද තුනේ අහසේ යන රථ (ඍග්.වේ. 4.6.1)
  • වා රථ - ගෑස් හෝ වායු බල රථ (ඍග්.වේ. 3.14.1)

ඍග් වේදයේ මෙවැනි යානා තැනිය හැකි ඉතාම දක්ෂ වඩුවන් රාජ්‍යදාර් හා ප‍්‍රනධාර ලෙස නම් කර ඇත. මොවුන් කොපමණ දක්‍ෂයන් සාගර තරනයට වාහන හා 1000ක් මගින් ගෙන ගිය හැකි ගුවන් වාහන තැනූ බව කතසරින් සාගරයේ සඳහන් වේ.

ඉතාම පෞරාණික ග‍්‍රන්ථ වල විමාන වචනය භාවිතා කල නැති අතර කරත්තය වචනය යොදා ඇත. උදාහරණයකට සූර්ය්‍යා ගමන් කලේ අසුන් ඇදි කරත්තයකි. මෙවදික දේවියෙක් වන පූසාන එලූවන් ඇදි කරත්තයකින් යන්නේය. (නෝස් කථාවල එන තෝනර් මෙන්) රාමායනය සමග විමාන නාමය භාවිතය ව්‍යප්ත විය. රාමායනයේ විමාන පිළිබඳ දීර්ඝ විස්තර වේ. උදාහරණයකට හනුමන් දුටු ලංකාපුරයේ පුෂ්පක විමාන නවතා තිබුණු සැටි සඳහන් කරන්නේය. පුෂ්පක විමානය රත්තරනින් කැටයම් කොට දියමන්තියෙන් හා මුතු වලින් සරසා තිබුනි. තවද එහි කානුවලූ ඉතාම අලංකාරව කැටයම් කර සරසා තිබුණි. එය විශාල යන්ත‍්‍රයකි. එය නගරයක් මෙන් විශාල අතර ඉතාම අධික වේගයකින් ගමන් කල හැක. එය කිසි දන්නා බලයකට විනාශ කල නොහැක. එයට වායු ගෝලයේ කිසිම ආධාරකයක් නැතිව සිටීමට හැකිය.

රාමායනයට අනුව මෙම විමානය පළමුව විශ්වකර්ම විසින් මහා බ‍්‍රහ්මයට දෙන අතර, මහා බ‍්‍රහ්මයා එය කුවේරට තෑගි කරන ලදි. රාවන ලංකාපුර ආක‍්‍රමනයේදී පුෂ්පක විමානය ලබා ගත්තේය. එම ග‍්‍රන්ථයේම රාම හා සීතා පුෂ්පක විමානයේ නැග අයෝධය බලා ගිය බව සඳහන් වන්නේය. රාමායනයේ රාවන හමුදා විමාන පිළිබඳ සඳහන් වේ. උදාහරණයකට සහසග‍්‍රැති යානය. එම යානය යුද්ධයකට පෙර ඉන්ද්‍රජිත් වෙත මහා බ‍්‍රාහ්මයා විසින් ලබා දෙන බව සඳහන් වේ.

 

වේද ග්‍රන්ථ වල අහස් කරත්ත ලෙස නම් කර රාමායන රචිත කාලයේදී විමාන දක්වා මෙම වාහන විකාශනය වූයේ කෙසේද? මහා භාරතයේ සඳහන් විමාන පිළිබඳ විස්තර බහුලව ඇත. උදාහරණයකට බිෂ්ම තම විමානයෙන් ඉතාම බලගතු ආලෝක කිරණ දහරක් මත වේගයෙන් ගමන් කල බව සඳහන් වේ. වර්ථමානයේ ලේසර් ප්‍රචලිත රෝකට අත්හදා බලන අතර මෙම විස්තර වලට සමානය. මහා භාරතයේ ශල්වා නම් බලගතු සතුරෙකු ගැන සඳහන් වේ. ඔහුට විශාල යුධ ගුවන් විමානයක් විය. ඒ පිළිබඳ මෙසේ සඳහන් වේ.

එය විශාල යන්ත‍්‍රයකි. එය නගරයක් තරම් විශාලය. එයට ඉහල අහසේ අධි වේගයෙන් යා හැකි නිසා පහර දීමට අපහසුය. එය අදුරෙන් ආ අතර නියමුවාට ඕනෑම තැනක දාවනය කල හැකිය. මෙවැනි බලගතු යානයකින් සන්දන ශල්වා ද්වාරක වෙත ගියේ යාද්වයන් සමග වූ වෛරය නිසා එය විනාශ කිරිමටය. යානය එක මොහොතක අහසේද එක මොහොතක පොලවේද, අනෙක් මොහොතේ ජලය මත පෙනිනි. එම නිසා යාදේව සටන් කාමීන්ට මෙය සොයා ගැනීමට නොහැකි විය. ක‍්‍රිෂ්ණා විසින් විනාශ කරන ලද මොවුන් සතුරන් ලෙස හදුන්වා ඇත. ඔවුන් නිවටක ටාකස ලෙස හදුන්වන අතර ගගන ගාමී ඇදුම් ඇද සිටි බව සඳහන් වේ.

මහා භාරතයේ අභ්‍යවකාශයේ පාවෙන කිසිම ලෝකයකට සම්බන්ධ නැති අභ්‍යවකාශ මධ්‍යස්ථාන ගැන සඳහන් වේ. අර්ජුන හිරන්යපුර නම් අභ්‍යවකාශය මධ්‍යස්ථානයකට පහර දුන් බව සඳහන් කරයි. එම පුරය පාලනය කලේ ඉතාම භයානක දිනයන්ය. අර්ජුනනගේ ප‍්‍රහාරයෙන් බේරීමට මෙම ජීවින් පෘථිවියේ සැගවුනේය. එය ප‍්‍රථමයෙන් වගුරට දෙවනුව පොලව යට සැගවුනි. නමුත් අර්ජුනගෙන් බේරීමට නොහැකි නිසා අභ්‍යවකාශයට පැනගැනීමට තැත් කලේය. එම අවස්ථාවේදී අර්ජුන විසින් එම නගරය විනාශ කලේය. යානයේ පිපිරුණු කැබලි පොලවට වැටුනු අතර අර්ජුන පොලවට ගොඩබැස එම ජීවින් සැගවී සිටිදැයි බැලිය. මහ භාරතයට අනුව අසුර මයාට ක්‍යුබිට් 12 විෂ්කම්භයක් ඇති විමානයක් වූ බව සඳහන් වේ.

එයට ශක්තියමත් රෝදකි. මහාභාරතයේ එක් තැනක විමාන හදන්නේ සියල්ල දත් යවනයන් ලෙස චෝදනා කර ඇත. බගවන් පුරානයේ කර්දම මුනි ඔහුගේ බිරිද වන දෙව්හත් සමග මුලූ විශ්වයේ සැරි සැරීමට සියාඹන මාලිගා විමානයක පිටත් වූ බවත් මුලූ විශ්වයේම සැර සැරූ ඔහු දෙවියන්ටත් වඩා බතු වූ ව සඳහන් වේ.

ජෛන ආගමික ග‍්‍රන්ථ වල විමාන වාසීන් උර්දව ලෝක වාසීන් ලෙස නම් කර ඇති අතර ඔවුන් ත‍්‍රිර්තම්කර මහාවීරට උපස්ථාන කරනව සඳහන් කරයි. මෙම විස්තර විද්‍යාත්මක ඇසින් බලන විට අපට පෙනී යන්නේ ගුවන් තාක්ෂණය පිළිබඳ දැනීමක් නැතිව මෙවැනි යානා, විමාන හා යන්ත්‍ර නිෂ්පාදනය වූයේ කෙසේද? ඉන්දීය ග‍්‍රන්ථ වලට අමතරව මෙසපොනේමියාව, මිසරයෙන් හා දකුණු ඇමරිකාවෙන් විමාන, ගුවන් යානා පිළිබඳ විස්තර සඳහන් වේ.

පුරාණ ගුවන් යානා තාක්ෂණය පුරාණ ශිෂ්ඨාචාරයන්හි ප‍්‍රචලිත වූ බවට සාධක එමටය. පුරාණ ශිෂ්ඨාචාරයන් (මෙසපොනේමියාව, ඊජිප්තු, ඉන්කා, කේමා, ඉන්දු හා ලංකා) වලින් මෙම සාධක හමුවී ඇත. එම සාධක වටා ගෙතුණු කථා පුවත් පුරාණ අටුවාවේ සඳහන් වේ. දැනට පවත්වනා පර්යේෂණ වලට අනූව ඊජිප්තුවෙන් හා කොලොම්බියාවේ ටෝලීමා වලින් සොයා ගත් ගුවන් යානා ආකෘති පුරාණ ගුවන් යානා තාක්ෂණය මනාව විදහා දක්වයි. මෙම ආකෘති අතර ප‍්‍රධාන වන්නේ "සකාරා" (Saqqara) ගුවන් යානයයි. සකාරා කයිරෝ සිට 20Km දුරකින් පිහිටා ඇති අතර ජෝෂප් රජුගේ පඩි වලින් සමන්විත පිරමීඩය (Step Pyramid) පිහිටා ඇත. මෙම පිරමීඩය වර්ෂ 4000කට වඩා පැරණි වන අතර ඊජිප්තුවේ පිරමීඩ 97ක් ඉපැරණිම වේ. පුරා විද්‍යා සාධක වලින් පිරුණු මෙම ප‍්‍රදේශ City of the dead ලෙස නම් කර ඇත.

1891 කැනීම් කල ප්‍රංශ ජාතික ලොරනට් විසින් පසිඉමන් සොහොන් කොතකින් මෙම Saqqara ආකෘතිය සොයා ගන්නා ලදී. 1969 ආචාර්ය කලීල් මෙසිහා (Dr. Khdil Messiha) විසින් සිදු කරන ලද පරීක්ෂණ මගින් මෙම ආකෘතිය කුරුල්ලෙක් නොවන බව සොයා ගන්නා ලදී. මෙම ආකෘතිය පිලිබඳ දීර්ඝ පර්යේෂණ සිමන් සැන්ඩස් 2006 පැවැත්වූ අතර පස් ගුණයක් විශාල ආකෘතියක් පරීක්ෂණයට ලක් කලේය. මෙම පරීක්ෂණ වලට අනූව සකාර ආකෘති AOA - 10Y දී සතර ගුණයක එසවුම් බලයක් පෙන්වීය. එනම් ගුවනේ පියෑඹීමයි. මෙම යානයේ සැලසුම් බැලූ කල මනා ගුවන් තාක්ෂණ (Aero Dynamics) අවබෝධයක් තිබූ බව පෙනේ. මෙහි කඳට ආසන්නව තටු ගණකම වීමත්, තටු අග තුනී වීමත්, කෙලවර නැමී තිබීමත් (Reverse Dihedral Wing) නිසා කාර්යක්ෂම ගුවන් ගමනකට අවශ්‍ය සාධක විය. මෙම ආකෘතිය කාර්යක්ෂම ග්ලයිඩරයක් ලෙස භාවිත කල හැකිය. නමුත් මෙම යානය ගුවන් ගත කල හැකි ක්‍රම හඳුනා ගැනීමේදී කැටපල් භාවිත කල බවට කැටපල් භාවිතා කරන ලදී.

b2ap3_thumbnail_8.jpg

දෙවන පූර්ව සාධකය කොලොම්බියාවේ මැග්ඩලීනා ගංගා ආශ‍්‍රිත ටෙලීමා නටඹුන් ප‍්‍රදේශයෙන් සොයා ගන්නා ලදී. අඟල් 2-3 අතර රත්තරන් ආකෘති අතර ගුවන් යානා ආකෘති 12ක් සොයා ගන්නා ලදී. "Golden flyer" ලෙස නම් කර ඇති මෙම ආකෘතියට වර්ථමාන ගුවන් යානා කොටස් සියල්ලම විය. මෙම යානයට ප‍්‍රධාන තට්ටුව, සිරස් ස්ථායී කාරකය (Vortical Stabilizer/Rudder), තිරස් ස්ථායී කාරකය (Horizonal Stabilizer/Elevater) හා බඳ කොටස (Fuselage) ඇත. මෙම යානය ස්වභාවික වස්තුවකට, මාලූවෙකුට, කෘමියෙකුට හෝ කුරුල්ලෙකුට ආදේශ කල නොහැකි අතර තටු පහල බඳට සම්බන්ධ වීමෙන් (Law wing) මෙය ගුවන් යානයක් බව පෙනේ. 1997 ජර්මනියේ විශේෂඥයින් සමඟ පරීක්ෂණ පැවැත්වූ "පීටර් බෙල්ට්" මෙම යානයේ ආකෘතියක් තනා ගුවන් ගත කලේය. ඔවුන් මෙම ආකෘතිය විශාල කොට දුරස්ථ පාලකයකින් පාලනය කලේය. (Radio Control) මෙම පර්යේෂණ වල ප‍්‍රථිපලය වූයේ මෙම යානයේ මනා ගුවන් තාක්‍ෂණයයි.

ඉතාම ඉහල තාක්‍ෂණයකින් නිමවා මනාව සාදන ලද ගුවන් ආකෘතියක් ලෙස මෙය පිලිගැනේ. ආකෘතියේ එන්ජින් සම්බන්ධ සඳහනක් නොමැති නිසා පීටර් බෙල්ට්ගේ කණ්ඩායම දැනට භාවිත වන දුරස්ථ පාලක ගුවන්යානා එන්ජිමක් (Radio Control Aircraft Engine) යොදා ගත්තේය. Ducted fan එන්ජිමක් යානයේ මධ්‍යම කඳේ සවි කල අතර මුල් ආකෘතියේ ව්‍යුහය මෙම එන්ජිම ස්ථාන ගත කිරීමට ආධාර විය. මෙම එන්ජිම 5 වන ජායරූපයේ දකුණෙ ආකෘතියේ පෙනේ.

මෙම උදාහරණ දෙක පුරාණ තාක්ෂණය පිලිබඳ උදාහරණ දෙකකි. කිසිදු සම්බන්ධකමක් නැති සැතපුම් 7000ක් පමණ දුරින් පිහිටි ස්වාධීන ශිෂ්ඨාචාර දෙකක් ලෙස විශේෂඥයන් හඳුන්වා දුන් "මිසර" හා "මායා" ප‍්‍රදේශ වාසීන්ගේ ගුවන් තාක්‍ෂණයේ දියුණුව මෙම පර්යේෂණ වලින් මනාවට පැහැදිලි වේ.

වෛමානික ශ‍්‍රාස්ත්‍ර

පුරාණයේ ගුවන් යානා පිළිබඳ කථා කිරීමේදී ප‍්‍රධාන ලෙස ගැනෙන ග‍්‍රන්ථයකි භාරද්වාජ සෘෂිගේ වෛමානික ශ‍්‍රාස්ත්‍ර ග‍්‍රන්ථය ශ්ලෝක 3000 කින් හා පරිච්ජේද 8කින් සමන් විතය. මෙය ප‍්‍රථමයෙන් පන්ඩිත සුඛර්යා ශ‍්‍රාස්ත‍්‍රී විසින් (1899-1940) 1918-1923 අතර කාලයේ රචිත ග‍්‍රන්තයකි. මෙහි හින්දි පරිවර්ථනය 1959 හා ඉංග‍්‍රීසි පරිවර්තනය ඍග ජොස්ය විසින් 1973 පලකරන ලදි. මහා රීශි ධාරාද්වාජ විසින් රච්ත යන්ත්‍ර සර්වස්ව ග‍්‍රන්ථයේ කොටසක් ලෙස වෛමාසික ශ‍්‍රාස්ත්‍රයේ හඳුන්වනු ලැබේ.

මහා රිශි බාරද්වාජ හින්දු ශිෂ්ඨාචාරයේ ශ්‍රේෂ්ඨ ගුරුවරයෙකි. ඔහු ද්විපාර යුගයේ විසූ බව මතයක් වේ. ඔහු දෝනාචාර්ය බමුනාගේ පියා ලෙස සලකන අතර එමඟින් ඔහු ද්විපාර යුගයට සීමා කළ හැකිය. හේතුව දෝනාචාර්ය මහා භාරත යුගයේ විසූ නිසාය. ඔහුගේ අනෙක් ග‍්‍රන්ථය අනූෂී බෝධිනී (විශ්වය පිළිබඳ) ය. භාරද්වාජ සෘෂි අනෙක් ආචාර්යවරුන්ගේ විස්තරය ඇතුළත් කර ඇත. උදාහරණයකට නාරායන සෘෂි විමාන චන්ද්‍රිකා යොවනක යෝමායන තන්ත්‍ර විශ්වමිබර සෘෂී ගර්ග සෘෂී යන්ත්‍ර කල්ප වාචස්පති - යාන බින්දු චක‍්‍රයානි - තේන - යාන (ප‍්‍රඩික දුන්ඩිනාත - යොමොයාන - අර්ක ප්‍රකාරණ.

ප‍්‍රථමයෙන් භාරද්වාජ් සෘෂි විසින් අශෝක රජු සමයේ රචිත ග‍්‍රන්ථයක් ලෙස සලකන වෛමානික ශ‍්‍රාස්ත්‍ර ග‍්‍රන්ථය පන්ඩිත සුබර්යා ශ‍්‍රාස්ත‍්‍රී විසින් ධිමානසින් පනිවුඩ හුවමාරු කර ලබාගත් බවට සඳහන් වේ. කෙසේ වෙතත් එම ග‍්‍රන්ථයේ කරුණු සැලකිල්ලට ගත යුතුය. එනම් නොයෙක්විමන යානා හා එන්ජින් පිලිබඳ සඳහනයි. මෙම ග‍්‍රන්ථයේ ප‍්‍රධාන විමාන යානා ගැනත් කොටස් 10ක් නියමුවන් පුහුණු කිරීම මාර්ග සේ වීම, ගුවන් යානා කොටස්, ඇදුම් හා දීර්ඝ ගමන් සඳහන් වේ. මෙම යානා තනන ලෝහ වර්ග පිළිබඳවත්, එම ලෝහ වල ව්‍යුහය පිළිබඳවත් සඳහන් කර ඇත.

මෙම ග‍්‍රන්ථයේ ප‍්‍රධාන විමාන හතරක් පිළිබඳ සඳහන් වේ.

  1. ශකුණ විමාන
    කුරුල්ලකුගේ හැඩය ඇති මෙම යානය වේගයෙන් යන විට තටු හැකිලිමද සෙමින් යන විට තටු දිග හැරීමද සිදු කරයි. මෙම ක්‍රමය වර්ථමානයේ මෝපින් වින්ග් ලෙස යොදා ගන්නා ඉතාම අධි තාක්ෂණ ක‍්‍රමයකි. එමගින් යානයේ ක‍්‍රියාකාරීත්වය ඉතාම ඉහල කාර්යක්ෂම තාවයක තබාගත හැක.
  2. සුන්දර විමාන
    වෘත්තාකාර හැඩයෙන් යුතු විමාන බහුලව දකින ඹත්ධ යානා වලට සමානය. දෙවන ලෝක යුද්ධ සමයේ ජර්මනු හමුදාව විසින් නිෂ්පාදිත හා විරිල් පියාඹන පිරීසි වලට සමාන වේ. සිල්වර් පාට වාහන වේ.
  3. ත්‍රිපුර විමාන
    තට්ටු 3කින් යුක්ත විමාන මෙහි පහල කොටස රෝද 20කින් (10 2) සමන්විත අතර, දෙවන කොටස වතුරේ හෝ වතුර යටින් කිමිදීමට හැකිය. උඩ කොටස අහසේ පියාසර කල හැකිය.
    b2ap3_thumbnail_11.jpg
  4. රුක්ම විමානය
    ඊ පැහැයෙන් යුතු Canicel හැඩ යානයකි.

"වෛමානික ශාස්ත්‍ර" විමාන යානා යුග ගනනය අනුව වෙන් කර ඇත. එම ග්‍රන්ථයට අනුව කෘත (සත්ය) යුගයේ මිනිසුන්ගේ මනස දියුණු වූ නිසා එර්දි බලයෙන් යෑමට හැකි විය. ඔවුන්ට විමාන යානා අවශ්‍ය නොවීය. පහල වන්නේ එම බෙදීමය.

  • කෘත යුගය - අනවශ්‍යයයි
  • ත්රිත යුගය - මන්ත්රික කාණ්ඩයට අයත් විමාන
  • ද්විහාර යුගය - තන්ත්රික කාණ්ඩයට අයත් විමාන

නෙත්ර යුගයේ මන්ත්රික විමාන වර්ග 25ක් වේ. පුෂ්පක යානය පටන් ගනී. ද්විහාර යුගයේ තන්ත්‍රික යානා වර්ග 56කි. පළමු යානා පටන් ගන්නේ බිරරාජ් ලෙසය. කලි යුගයේ යානා වර්ග 25කි. එම වර්ග පටන් ගන්නේ සකුණ යානා වලිනි.

කෘත යුගයේ මිනිසා දහම තුල නිවැරදිව ජීවත් වූ නිසා උසස් ලෙස, බල සහිත උපත් ලැබූ බව පැරණි ග්‍රන්ථ සඳහන් වේ. නේත්රා යුගය වන විට මෙම හැකියාවෙන් 1/4 අඩු වී ඇත. මිනිසාට අහිමිවූ ප්‍රධාන හැකියාවක් වූයේ අහසින්යාමය. එම නිසා ගුවන් යානා නිපදවන්නට සිදුවිය. මෙම දැනුම ලැබුවේ. මුනිවැන් තම ශූනයෙන් විෂ්වයේ ජීවින් සමඟ ගනු දෙනු කර හා විශ්ව විද්‍යාව අවබෝධ කර ගැනීමෙනි.

රාවන සමය (ද්විපාර යුගය) වන සමය වන විට විමන වර්ග පුෂ්පක, අජමුඛ, ජ්යෙතීර්මුඛ, භිෂ්, ද්යුත, කාලාහල, මයුර, ත්රිනේත හා භේරුන්ඩ නම් විමාන වර්ග විය. දේවයානිගේ දියණියක අරමුඛ වර්ගේ විමා, පාතාලය යටත් කිරීමට යැවූ සුපර්ඛෙගේ ස්වාමියාවන විද්‍යුතගේ විමානය "ද්යුත" විය. රාන රජුට මයුරනම් පෞද්ගලික භාවිතයට විමාක්විය. ද්විපාර යුගයේ වූ මෙවැන තන්ත්‍රික විමාන වලට බලය ලැබුන් යන්ත්‍ර මගිනි. තන්ත්‍රික විමාන වර්ග 56ක.

කලියුගය වන විට ත්රිටක කාණ්ඩයට අයත් විමාන වර්ග 25කි. මෙම විමාන සම්පූර්ණයෙන් යන්ත්‍රානු සරයේ ක්‍රියාත්මක වන වර්ගය. ත්‍රිරික විමාන තැනීමට යොදාගත් ප්‍රධාන ලෝහය රාජ ලෝහ වේ. එය තැනීමට සෝම, සෞන්දල මෞත්වික යන ප්‍රධාන ලෝහ 3.8.2 අනු හයට බෝරක්ස් සමඟ මිශ්‍ර කර 272 උණු යුතුය. පහල වත්තේ ක්රිටක කාණ්ඩයටෙ අයත් විමාන 25කි.

1 සකුණා 13 නන්දක
2 සුන්දර 14 කුමද
3 රැක්ම 15 මන්දර
4 මණ්ඩල 16 හම්ස
5 වක්රතුන්ද 17 ශුකාස
6 බදද්රක 18 සොටියක
7 රුචක 19 කොවුන්චක
8 විරාජක 20 පද්මක
9 බස්කාර 21 සිමිහික
10 අජාවර්ථ 22 පංචබන
11 පෞෂ්කාල 23 ඔවිරියායන
12 විරන්චික 24 කොඩන්ඩ

මෙම වර්ගීකරණයට අනුව කලියුගයට සම්බන්ධ ක්රිතක විමාන වර්ග වලින් ත්රිපුර විමාන පිළිබඳ සම්බන්ධයක් සඳහන් නොකිරීම පුදුමයකි. "වෛයිමානික ශාස්ත්‍ර" අනුව ශකුණ, සුන්දර, රැක්ම හා ත්රිපුර විමාන ප්‍රධානිතක විමාන වර්ග වලින් ත්රිපුර විමාන පිළිබඳ සම්බන්ධයක් සඳහන් නොකිරීම පුදුමයකි. "වෛයිමානික ශාස්ත්‍ර" අනුව ශකුණ, සුන්දර, රැක්ම හා ත්රිපුර විමාන ප්‍රධාන ලෙස නම් කර ඇත.

සකුණ විමානව

සකුණ විමාන කොටස් 28කින් සමන් විතය. එයට පීනනොහොත් පහත තට්ටුව (Floor Boord), පයිප්ප ආකාර කුඹ ගස, සිදුර සහිත රෝද තුන, හීටර් උපකරණ 4 වායු අවශෝෂන පයිප්ප, ජල කරාම, තෙල් ටැංකි, වායු රත්කරණය, වුලී නැමැති රත්කරණය, වාෂ්ප බොයිලේරුව, විදුලි ජනකය, වායුව රව්මට කරකවන යන්ත්‍රය (Toroid) වාත්යා යන්ත්‍රය, මාලිමා යන්ත්‍රය, ශකුණ යන්ත්‍රය, පියාපත් දෙක, යානය උඩට යාමට උදව් වන වලිග කොටස, එන්ජිම, කිරණාකර්ශණ මනි හිරු රැස් ආකර්ෂණ මැනික. සකුණ විමානයක් නිෂ්පාදනයේදී ප්‍රධාන ලෙස රාජ - ලෝහ භාවිතා කල අතර එහි හැඩය වෘතාකාර, චතුරස්‍රාකාර හෝ තොටිල්ලක හැඩය විය. පීත හේවත් පහත තට්ටු යානයේ හරින් 1/100 ගස පිත මධ්‍යයේ සුදුසු ක්‍රමයකට සවිකර යුතුය. කුඹ ගස තැනිය යුත්තේ "බාටකස්ය" ලෝහයෙනි.

මෙම කුඹ ගස තට්ටු 3 කට නිර්මාණය කර ඇත්තේ ඉහලට යන විට විෂ්කම්භය අඩුවන අයුරිනි. භාතකාස්ය ලෝහය සෑදීමට සුවර්වල කොටස් 8ක්, ලඝු-ශ්වින්ක නොහොත් සැහැල්ලූ බෙලෙක් (Zinc) කොටස් 16ක්,  ලඝු - බම්භාරි කොටස් 18ක් තඹ කොටස් 100ක් ගෙන කුර්ම - ව්‍යාසතික උදුනක තබා, මහෝමි පිබිනයන් මගින් 30'0 උෂ්ණයකට උණු කර පෙරා ගනු ලැබේ.

සුන්දර විමාන

සුන්දර විමාන කොටස් 8ක් සඳහන් වේ. පීතගෙන පහත තට්ටුව දුම් නලය, චර්යා ලෝහ පයිප්ප 5, වායු විදුලි ජනන යන්ත්‍රය, 4ක් පිටත "හීටර්" පද්ධතිය. පීත තට්ටුව රාජ ලෝහයෙන් තනා ඇති අතර මෙය රවුම් හෝ හතරැස් වේ. දුම ප්‍රසාරන නලය මැදි කොට ඇත. කුඹල සහිත කුඹ ගස තුල ගෑස්, වතුර ටැංකිය හා තෙල් ටැංකිවේ. හදය ලග විදුලි ගබඩාව වේ. තෙල් ටැංකියේ තෙල් (ඉන්දන) 3කි. දුමන්ජන, ශූකටවන්දලික (වම්බටු තෙල්) හා රතු ආසනික් තෙල්ය. මෙය 12.20.19 අනුපාතයට කලවම් කර විදුලි ක්‍රමයට ගිනි තියනු ලබයි. දුමෝගර්ම යන්ත්‍රය හිමසම් වර්ධක, සොම හා සෞන්දල ලෝහ එක් කර තනා ඇත. පිටකුරු වේගය පාලනයට රොකට් නොසල වර්ථමාන රොකට් යන්ත්‍රයකට සමානව ඇත. රොකට් නොසල සුන්දර ලෙස නම් කර ඇති අතර මෙය තනා ඇත්තේ ලෝහ ආලේපිත රෙද්දකය. (Merol Inpregneted Fabric) මෙම නොසල අනවශ්‍ය අවස්ථා වලදී හකුලා තැබීමට හැකිය.

එකල විදුලිය උත්පාදන ක්‍රම ලෙස කිහිපයක් විය. උදාහරනයකට ප්‍රතිරෝධ ක්‍රමයට, තාල ක්‍රමයට, දිය ඇල්ල හා සූර්ය තාපය වර්ථ මානයේ විදුලි උත්පාද ක්‍රම පුරාන ක්‍රම වලට සමානය. "වෛයිමානික ශාස්ත්‍ර" ග්‍රන්ථයේ විදුලි උත්පාදන යන්ත්‍ර 32කි. අගස්ත්ය සෘෂි සම්පාදනය කල "ශක්තිතන්ත්ර" යයි මෙම යන්ත්‍ර ගැන සඳහන් වේ. විදුලි උත්පාදකයට ටැංකි 4ක් හතර කොනේ යානයේ හා මධ්‍යම ටැංකියක් යොදා ගනී. මෙම ටැංකියට අමතරව මධ්‍යම ටැංකියක් වේ. විදුලි උත්පාදනයට අමිල වර්ග, හා ද්‍රව්‍ය යොදා ගනී. විද්‍යුත්ගම හා ජොතිමුඛ පලිගු යොදා ගනී. සූර්ය ශක්තිය උරාගන්නා පලිගුව මගින් තාපශක්තියට හරවා එය විදුලි ශක්තියට හරවා රැහැන් මගින් යානාවහි ඇති උපකරණ වලට ලබාදේ. විදුලිය ගබඩා කිරීමට රසදිය යොදා ගෙන ඇත.

යානය ඉහලට එසවීම සම්පිතිත වායුව යොදා ගන්නේය. "වටප්රසාරන යන්ත්‍ර" මේ සඳහා යොදා ගන්නා අතර කොටස් 12කින් සමන්විත වේ. එම යන්ත්‍රයෙන් සුලං සම්පින්ඩනය කර නල මගින් විදිනු ලබයි. මෙම උපකරණයක ක්‍රියාව වර්ථමානයේ ගුවන් යානයකට සමානය.

සකුණ විමානයට සමානව සුන්දර විමානය තනා තිබෙන්නේ රජ-ලෝහ වලිනි. චතුර්මුඛ හා ඌෂ්න යන්ත්‍ර ප්‍රධාන එන්ජින් දෙකය. මෙම යානයේ ප්‍රධාන කොටස් 18කි. පීත, දුම් එක්තරනය, උදුන, වතුර ටැංකි, කපාට පාලක, දුම් කුඹුලූ, කපාලක, පාලක උපකරණ, ඌෂ්න මීටර, ඔරලෝසු, වෙග මටර, ශබ්ද වාහිනිය, අන්තර්දන්ඩ ගත, වායු ටැංකි, සුන්දල නල, තඹ නල වේ.

රුක්ම විමාන

මෙම විමාන වර්ගය පිළිබඳ විස්තර අවමය. නමුත් මෙම විමාන රන් පාට වේ. යන්ත්‍ර බිංදු හා වර්ණ සර්වස්ව ග්‍රන්ථ වලට අනුව රන් ආලේප ක්‍රමයක් යොදාගෙන නැත. රාජ ලේහයට රත්රන් ආරෝපනය කරන වැඩ සටහනක් ලෙස හැගේ.

පීත හැඩය ඉබ්බකුට සමානය. මෙහි දිග 1000 ය. මෙය ගුවන් යානයකට විශාල වැඩිය. එනම් ගුවන් යානාගෙන යන නැවත ප්‍රමානයයි. විද්‍යුත්-කාර්මික ප්‍රචලන පද්ධතියක් වේ. වාහනය පාලනයට "අරිත්‍රය" යොදා ගනී. මෙම යානයට 105 ක්රෝශා (250 සැතපුම්) මිනිත්තු 24 යා හැක. (725 සැ/පායට) රාමායනයේ සඳහන්වන පුෂ්පක විමානය රත්‍රන් ආලේපිත අලංකාර විමානයක් විය. රුක්ම විමානයන් රන්/රජ ලෝහ යොදා තනා ඇත.

ත්‍රිපුර විමානය අසම සම යානයකි. එම යානයට සමාන තට්ටු 3කට තනා ඇත. පළමු තට්ටුව ගොඩයාමටද, දෙවන තට්ටුව වතුර මත හා යට යාමටද, තුන්වැනි තට්ටුව අහසේ යාමට තනා ඇත. මෙම තට්ටු 3ම එක් වූ විටත් අහසේ යාහැක.

මෙම යානයේ පළමු තට්ටුව මයිකා වලින් තනා ඇති අතර දෙවනි හා තෙවනි තට්ටු ත්‍රිනේත්ත්‍ර ලෝහයෙන් තනා ඇත. මයිකා නිෂ්පාදනය පිළිබඳ දීර්ඝ විස්තරයක් ඇත. පළමු තට්ටුව නවීන ගුවන් යානයක් මෙන් මැදිමග, මගීන්ට අසුන් කාමර වෙන් කිරීම වැනි සියල්ලම වේ. ගමන් මලූ සඳහා වෙනම කොටස් විය. දෙවන මාලයට සම්පූර්ණ විදුලි බලය ඇත. වතුරට යන විට සියලූ දොරවල් හා ජනේල සීල් තබන්නේය. පීඩනය කල වායුව සම්පාදනය කිරීමෙන් වතුර යටදී හා ආකාශයදී මගින්ට අපහසු වේ. මගින් හා යන්ත්‍රයේ ආරක්ෂාවට යන්ත්‍ර 3නක් ඇත. කුනාටු දේශගුණයෙන් ආරක්ෂාවට සූර්ය කිරණයෙන් ආරක්ෂාවට දෙවන යන්ත්‍ර හා තෙවන යන්ත්‍ර වැහි වලාවන්ගෙන් ආරක්ෂාවට වේ.

තෙවන තට්ටුවේ විශේෂත්වය වන්නේ විදුලි ජනකය වීමයි. මෙම කාමරය තනා ඇත්තේ සෝමක ලෝහයෙනි. අන්ෂුප හා සන්ජිරක පලිගු සූර්ය බලය යොදා විදුලිය නිපදවීමට යොදා ගනී. වර්ථමාන යානා තාක්ෂණය සමග සසදන විට ත්‍රිපුර යානයට සම යානයක් නොව. එම යානයහි බලය ලබා ගැනීමට විදුලි බලය වීම තවත් විශේෂිත කරුණකි. එම යානය තනා ඇති ත්‍රිනේත්ත්‍ර ලෝහය බර අඩු, උපරිම ශක්තිය ඇති වතුරට ඔරෝත්තු දෙනවීම විශේෂිතය.

විමානයක තාක්ෂණය

නමුත් මෙම යානා වල ප්‍රධාන දුර්වලතාවය වූයේ එන්ජිමය. මෙම ආකෘති වලට බලය ලැබුණු ක්‍රම පිළිබඳ සාධක නොවීම මෙම යානා පිළිගැනීමට තිබූ බාධාව විය. නමුත් පුරාණ ගුවන් යානා තාක්ෂණය පිළිබඳ සම්පූර්ණ සඳහනක් ඉන්දු ශිෂ්ඨාචාරයෙන් ලැබෙන්නේය. "විමානක ශාස්ත්‍රය" ග්‍රන්ථයෙන් මේ පිළිබඳ සම්පූර්ණ සඳහනක් කර ඇත. ඉන්දියානු මහාර්ෂි භාරද්වාජ විසින් රචිත "වෛමානක ශාස්ත්‍ර" වර්ථමාන ගුවන් තාක්ෂණ ග්‍රන්ථයකට සමානය. එම ග්‍රන්ථයේ වර්ෂ 6000ක් පමණ පැරණි ක්‍රම සඳහන් කර ඇත. මෙම ග්‍රන්ථයේ විමාන යානා තැනූ අමු ද්‍රව්‍ය, විදුලි බලය, නියමුවන් හා නියමුවන්ගේ ඇඳුම්, භාවිතා කල කෑම වර්ග සහ භාවිතා කල ආයුධ සඳහන් වේ. එම ග්‍රන්ථයේ ගුවන් යානා පාලනය කල හැකි ක්‍රම පවා සඳහන් කර ඇත. මෙම ග්‍රන්ථයෙන් පුරාණ ගුවන්යානා බල ගැන්වූ ක්‍රම සඳහන් කර ඇත. මෙම බල ගැන්වීමේ ක්‍රම වලට සාධක තුනක් සඳහන් වේ.

  1. Gyrascope
  2. විද්‍යුත් බලය. (Electricity)
  3. රසදිය. (Mercury)

පුරාණ ගුවන් යානා සම්බන්ධව කල පර්යේෂණ වලින් මෙම සාධක සොයා ගැනීම පලමුව සඳහන් වන්නේ රාමායනයෙහි (යුධ). රාමායනයේ ගුවන් විමාන සඳහන් වන අතර එය ලාංකික තාක්ෂණයක් ලෙස හඳුන්වා ඇත. හෙල ශිෂ්ඨාචාරයේ චක්‍රවර්ථි රජ වූ රාවණ රජුගේ ප්‍රධාන ආයුධයක් ලෙස සඳහන් වේ.

හෙල අසුර ශිෂ්ඨාචාරයේ ව්‍යාප්තියට ඉවහල් වූ මෙම ගුවන් තාක්ෂණය රාවණ සමයේ දස දිසා පාලනයට උපකාරී විය. පුරාණ හෙල අටුවාවේ සඳහන් පරිදි රාවණ අධිරාජ්‍යයා තම රාජධානිය පුරා මෙම යානා වලින් සැරිසැරූ බවත් එය ශිෂ්ඨාචාර පැවැත්මට උපකාරී වූ බවත් සඳහන් වේ. රාවණ අධිරාජ්‍යයාගේ වඩාත් ජනප්‍රිය තාක්ෂණය ගුවන් තාක්ෂණයයි. මෙම තාක්ෂණය මයා, අසුර, විශ්වකර්ම විසින් තනන ලද බව සඳහන් වේ. රාමායනයට අනූව රාවණ පුෂ්පක රථය වෛශ්‍රාවන කුවේර ගෙන් අල්ලා ගත් බව සඳහන් වේ. නමුත් ලංකා ඉතිහාසයේ ගුවන් යානා වූ බව ඉන්දියාවට වඩා සාධක වේ. මෙම යානයෙන් රාවණ රජු ඉන්දියාවට ඇතුලූ රාජධානියේ පුරා ගවේෂණය කල බව සඳහන් වේ.

මෙම යන්ත්‍රය රාවණ අධිරාජ්‍යයේ මත වාදයට තුඩු දුන් ප්‍රධානතම තාක්ෂණය වේ. මෙම යන්ත්‍රය සාදා තිබුණු ද්‍රව්‍ය හා උපකරණ පිලිබඳ විවිධ මතයන් විය. දඩු මොණර යන්ත්‍රයට එම නම ලැබුණේ "රාවණ කථා" ඉපැරණි පුස්ථකයට අනූව හිමාලය කන්දේ උතුරු දෙසට ගව් 7ක් ගිය විට "මයුර දණ්ඩ" වෘක්ෂයෙන් පිරුණු වනයක් ඇති බවත් එම ලී ඉතාමත් සැහැල්ලූ හා ශක්තිමත් බවත් සඳහන් වේ. මෙම ශාකයේ කොල අතු මොණර පිල් හැඩයට ඇති නිසාත් මොණරුන් බෙහෙවින් එම ගස ආශ්‍රිතව ජීවත් වන නිසාත් "මයුර දණ්ඩ" ලෙස හඳුන්වා දෙන ලදී. රාවණ යුගයේ ගුවන් යානා වර්ග රැසක් වූ බව හෙල අටුවාවේ සඳහන්ය. "විමන්" නමින් විශාල ගුවන් යානාද, වායු පා යානාද, ගිරි මුදුන් වල සිට බසින යානාද, කන්දක සිට තවත් කන්දකට යා හැකි යානාද වේ. මෙම යානා වලින් නැගෙන්නේ හෙල නිමැවුම් කරුවන්ගේ මනා ගුවන් තාක්ෂණ විද්‍යාවන් (Aerodynamics) දැන සිටි බවයි.

විවිධ වර්ග වල ගුවන් යානා බල ගැන්වූ ක්‍රම කිහිපයකි. සුලන් බලයෙන් ක්‍රියා කරන විමන් පණ ගන්වන්නේ පාපැදියකිනි. එහි බඹර කිහිපයක් ක්‍රියා කිරීමෙන් යානය ඉහලට එසවේ. යායුතු දිශාව, ගමන් කල යුතු උස, නැවැත්වීම, බැස්වීම සියල්ල නියමුවා විසින් සිදු කල හැකි පරිදි ඝන රිදී ලෝහයෙන් නිපැයුණු උපකරණ මගින් කල හැකිය. "විමාන" හා "හිරු" යානා හිරු බලයෙන් ක්‍රියා කරන අතර රසදියෙන් ක්‍රියා කරයි. රසදිය යානය (Mercury Vortex) රසදිය ත්වරණය කර ලබා ගන්නා බලයෙන් ක්‍රියා කරන්නේය. මෙම යානා වලට අභ්‍යවකාශයේ පවා යා හැකිය.

දඩුමොණර යන්ත්‍ර හෝ විමාන යානා පිලිබඳ සාක්ෂි හා රූ සටහන් ප්‍රධාන ශිෂ්ඨාචාර වල සඳහන් වේ. එම සෑම ශිෂ්ඨාචාරයක්ම අහසින් ආ ජීවීන් පිලිබඳ සඳහන් කර ඇත. මෙම සෑම ශිෂ්ඨාචාරයක්ම මෙම ජීවීන් දේවත්වයේ ලා සලකා ඇත. මෙයට ප්‍රධාන හේතුව ඔවුන්ට ගුවනෙන් යාමට හැකි වීමයි. මෙම දෙවියන් ගැන බැලීමේදී ඔවුන් රොකට් යානා භාවිතා කර ඇති බව පෙනේ. "විමාන ශාස්ත්‍ර" ග්‍රන්ථයේ මෙම රොකට් බලය පිලිබඳ සඳහන් වේ. වර්ථමාන ගුවන් තාක්ෂණය සමඟ සසදන විට රොකට් හා ජෙට් ගුවන් තාක්ෂණය පිලිබඳ ප්‍රශ්ණ නැත. නමුත් රසදිය එන්ජිම වර්ථමානයේ භාවිතා නොවන්නකි. එසේනම් එවැනි එන්ජිමක් තැනීම හා පරීක්ෂණ කිරීමෙන් මෙම ගුවන් යානා තාක්ෂණය පිලිබඳ තහවුරු කිරීමක් සිදු කල හැක.

(රසදිය කේන්ද්‍රප්‍රසාරි බලය) ඉතාමත් සංකීර්ණ එන්ජිමකි. මෙම එන්ජිමේ ප්‍රධාන අරමුණ අධිවේග ද්‍රව්‍යයක් භ්‍රමණය කර ගුරුත්වයට ප්‍රතිවිරුද්ධ බලයක් ඇති කිරීමයි. මෙවැනි එන්ජිමක ප්‍රධානය වන්නේ එයට යොදන ද්‍රව්‍යයයි. හෙල අටුවාවේ මෙම ද්‍රව්‍යය රසදිය වර්ගයක් ලෙස නම් කර ඇත. මෙම ද්‍රව්‍යය භ්‍රමණය වන විට ප්‍රතිරෝධ බලයක් නොමැත. පහත සඳහන් වන්නේ එවැනි ද්‍රව්‍යයයක තිබිය යුතු ගුණාංගයි.

ඉහත සඳහන් ගුණාංග තිබිය යුතු ද්‍රව්‍යයක් තැනිය යුත්තේ Bose-Einstein Condensates හෝ Fyda Bosons (forced) අංශු මගිනි. මෙම අංශු "Pauli Exclusion Principal" අනුගමණය නොකරයි. භෞතික විද්‍යාව සීමා කර සඳහන් කිරීමේදී ඉහත ගුණාංග ඇති ද්‍රව්‍ය Super Fluid ගුණාංග විය යුතුය.

මෙම සුපිරි ද්‍රව්‍යය (Super Fluid) & point එකෙන් පහල නම් ගැලීමේ දී ප්‍රතිරෝධය ශුන්ය වේ. (Zero Resistance). ද්වාරය ප්‍රථමයෙන් අධිශීතනය කල යුතුය. (Super Cooled). & Electro-Magnetic එකෙන් පහලට ශීතල කිරීමට Crygenic ක්‍රම භාවිතා කල හැකිය. නමුත් මෙම ද්වාරය (Fluid) කරකැවීමට නොහැක. හේතුව ප්‍රතිරෝධය නොමැති වීමයි. එම නිසා මෙම ද්‍රව්‍යය Ferro Fluid කල යුතුය. එවිට වුම්භක ක්ෂේත්‍රය දමා කැරකැවිය හැක. තෙවනුව මෙම ද්‍රව්‍යය අධි ශීතලට ඔරොත්තුදිය යුතුය.

අධි ශීතලට භාජනය කරනවිට ඝනීභවනය වුවහොත් මෙය වැඩ නොකරයි. එම නිසා Anti-Freeze වර්ගයක් දැමිය යුතුය. මෙම ද්වාරය බේරියම් (Barium) හෝ තැලියම් (Thalium) දැමීමෙන් ලබා ගත හැකිය. එන්ජිමට දෙවනුව අවශ්‍ය වන්නේ (Coil Assembly) ඉහල ද්‍රව්‍ය කැරකැවීමට අවශ්‍ය භාජනය හා චුම්භක ක්ෂේත්‍රය මෙම පද්ධතියට ලබා දෙන්නේය. චුම්භක ක්ෂේත්‍රයේ ක්‍රියාකාරීත්වය අනූව ද්‍රව්‍ය අධි වේගයෙන් කැරකැවීම සිදු කරයි. කොයිල් එකේ කම්බි ඔතා ඇත්තේ මෙම ද්වරය වේගයෙන් ත්වරණය කිරීමටය. විද්‍යුත් බලය යොදා චුම්භක ක්ෂේත්‍රයේ පාලනය කිරීමට හැකි නිසා ද්‍රව්‍ය මනා ලෙස පාලනය කිරීමට හැකිය. මෙම භාජනය Electro-Magnetic (විද්‍යුත් චුම්භක) පද්ධතියකින් තනා ඇත.

මෙම කොයිල් එකෙන් වන චුම්භක ක්ෂේත්‍රයෙන් ද්රාවය වේගයෙන් කැරකැවීමට හැකිය. ක්ෂේත්‍රය (Field Control Unit) පාලනය කරවන පද්ධතියෙන් ද්රාවයේ වේගය මනා ලෙස පාලනය කල හැකිය. මෙම ද්රාවය  60"000 r.p.m. කැරකැවිය යුතුය. මෙම වේගයට වැඩි වේගයෙන් කැරකැවීමෙන් (Centrifugal force) නිසා භාජනය (Toroid) විනාශ වී යා හැකිය. මෙම සරල හැඳින්වීම රසදිය කේන්ද්‍රපසාරී එන්ජිමක ප්‍රධාන ද්‍රව්‍යයන්ය. මෙවැනි යානයක් තුල තිබිය යුතු ගුණාංග පහත දැක්වේ.

  • ද්‍රව ටැංකිය - Liquid Storage Tank
  • අධි ශීතන පද්ධතිය - Cryogenioc Unit උෂ්ණත්වය 170C - 150C දක්වා පහත දැමීම
  • Toroid Accelerator. Equipped with magnetic coil
  • විදුලි ජනකය - චුම්භක ක්ෂේත්‍රය පටන් ගැනීමට හා පාලනය කිරීමට
  • ගුවන්යානා පාලනය කරන පද්ධතිය

ද්‍රව ටැංකිය කරකැවෙන ද්රාවය ස්ථාන ගත කිරීමට යොදා ගන්නා අතර ද්රාවය යොදා නොගන්නා විට මෙම ටැංකි වල ස්ථාන ගත කොට ඇත. මෙම ටැංකි ශීතකරණය (Refrigerated) නිසා ශීත කිරීමට අවශ්‍ය වන ශක්තිය අඩුය. එම එන්ජිම ක්‍රියා කිරීමේදී පලමුව ද්රාවය අධිශීත (Super Cool) කරයි. (170-150k). මෙයට Cryogenic උපකරණ යොදා ගනී. ඉන් පසු Toroid Accelerator එකට යොමු කරයි. චුම්භක ක්ෂේත්‍රය යොදා ගෙන මෙම ද්රාවය අධිවේගයට (60,000 rpm) කරකවයි. විදුලි ජනකය චුම්භක පාලකය මනා පාලනයකින් මෙම වේගයට ද්රාවය ගෙන එන්නේය. ගුවන්යානා පාලක පද්ධතියෙන් ගුවන් යානය පාලනය කල හැක.

මෙම එන්ජිම මගින් ක්‍රියා කරන යානා අධිවේග, අධි ජවයක් ඇති යානා වේ. Super fast & Super agile). ගුරුත්ව ප්‍රවාහක එන්ජිම නිසා අභ්‍යවකාශයට යාමට හැකිය. රාවණ සමයේ රස දිය උණු කිරීමට සූර්ය බලය යොදා ගත් බව සඳහන් වෙතත් හිරු රශ්මියෙන් මෙපමණ බලයක් යොදා ගත නොහැක. එම නිසා සූර්ය ශක්තිය ලෙස හඳුන්වා ඇත්තේ පරමාණු විඛණ්ඩනය (Nuclear fusion) ක්‍රමයයි. එමගින් එන්ජිමට අවශ්‍ය ද්රාවය (Plasma) ලබා ගැනීම හෝ බලය ලබා ගැනීම සිදු කර ඇත.

"රසදිය කේන්ද්‍රපසාරී බලය" යොදා ක්‍රියා කරන ගුවන් යානා ගැන ජර්මාන් ජාතිකයන්

රසදිය කේන්ද්‍රපසාරි එන්ජිමේ තවත් වර්ගයකි "රසදිය අයන එන්ජිම" Mercury-Ion Engine මෙම එන්ජිම නාසා ආයතනය විසින් දීර්ඝ පරීක්ෂණ වලට භාජනය කර ඇත. මෙය චන්ද්‍රිකා කක්ෂගත කරන එන්ජින් වලට සමානය. මෙම එන්ජිම පිළිබඳ සංස්කෘත ග්‍රන්ථයේ විස්තර කර ඇත්තේ පහත සඳහන් ක්‍රමයටය. "වක්‍රාකාර යානය තුල රසදිය-එන්ජිම හිරු බල රසදිය බොයිලරය යානයේ මධ්‍යයේ සවි කර ඇත. රත් වූ රසදිය තුල අන්තර්ගත ශක්තියෙන් වේගයෙන් කරකැවෙන අතර මෙම බලයෙන් මනුෂ්‍යයෙක්ව පුදුමාකාර ලෙස විශාල දුරකට ගෙන යාහැක. ඉතාම ශක්තිමත් රසදිය ටැංකි හතරක් ඇතුලත තිබිය යුතුය. සූර්ය හෝ වෙනත් ශක්තියකින් රත් කල විට රසදියෙන් විශාල බලයක් ලැබේ."

මෙම විස්තරයට අනූව මෙම එන්ජිමට අවශ්‍ය කොටස් ලුහුඩින් සඳහන් කලහොත්,

  • බලය රසදියේ අන්තර් ගත බලයයි.
  • රසදිය එන්ජිම යානයෙහි අන්තර්ගත වේ.
  • රසදිය ගබඩා හතරක් ඇත.
  • රසදිය සූර්ය එලියෙන් රත්කර අකුණු බලය, එනම් විදුලිය ලැබේ.
  • අධික වේගයෙන් කැරකැවීමෙන් ඇතිවන බලයෙන් විදුලි බලය ලැබේ. (පිටකර පිටකුරු බලයක් ලැබේ.)

මෙම විස්තරය හා සංසන්දනය කිරීමට නාසා ආයතනය විසින් නිෂ්පාදිත "අයන" එන්ජිමේ විස්තර අනූව, "එන්ජින් ක්‍රියා කරන්නේ ඉලෙක්ට්‍රෝන යොදා රසදිය වාෂ්ප කිරීමෙනි. (මෙයට රසදියට අමතරව සීසියම් හෝ ආගන් යොදා ගත හැක). ඉලෙක්ට්‍රෝන සූර්ය කෝෂ වලින් ලැබේ. ඉලෙක්ට්‍රෝන රසදිය අයනීකරණය කරයි. අයනීකරණ ටැංකි වලදී මෙම විපර්යාසයට භාජනයවේ. එම විපර්යාසයේදී රසදිය රත් වී, ප්‍රසාරණය වී රොකට්ටුවක් මෙන් පිට කරයි."

  • බලය රසදියේ අන්තර්ගතය. (අයන)
  • එන්ජිම යානය තුල අන්තර්ගතය.
  • රසදිය ගබඩා කරන ටැංකි යානය තුල සවි කර ඇත.
  • රසදිය වෙතට ඉලෙක්ට්‍රෝන විද වාෂ්පීකරණය කරන්නේය. ඉලෙක්ට්‍රෝන ලබා ගන්නේ සූර්ය බලයෙනි.
  • අධිවේග, වාෂ්ප වූ, අයනීකරණය වූ රසදිය රොකට් නොසලයකින් පිට කරයි.

මෙම විස්තර දෙක සංසන්දනාත්මකව බැලීමෙන් පෙනෙන්නේ එක සමාන බවයි. පුරාණ ග්‍රන්ථයක මෙවැනි අධිතාක්ෂණ විස්තර ගැබ් වූයේ කෙසේද? මෙවැනි සංකීර්ණ එන්ජිමක් පිළිබඳව එකල දැන සිටියේ කෙසේද?

හෙල-අසුර රාජධානියෙන් ආරම්භ වූ මෙම අනගි තාක්ෂණය ලොව වටා ව්‍යාප්ත වී රාජධානියේ අවසන් රජු වූ රාවණ අධිරාජ්‍යයා සමඟ සතුරන් අතට පත්විය. මෙම සංග්‍රාමයෙන් පසු එම මහා තාක්ෂණය සහමුලින්ම විනාශ නොවූවත් මහා පරිමාණ යුධ ආයුධයක් ලෙස භාවිතා නොවීය. බුදුන් සමය වන විටත් මෙම තාක්ෂණය ලංකාවේ තිබූ බවට සාක්ෂි බෞද්ධ පොත පතෙහි සඳහන් වේ. මෙවැනි තාක්ෂණයක පුරෝගාමී ජාතියක් වූ පුරාණ හෙලයන් වර්ථමානයේ ඒ පිලිබඳ උනන්දුවක් නොගැනීම කණගාටුවට කාරණයකි. වර්ථමාන ශ්‍රී ලාංකීය පුනර්ජීවනයත් සමඟ එවැනි තාක්ෂණයක් නැවත හඳුන්වා දීම කාලෝචිත වේ.

රාවණ ගුවන් හමුදාව හා ගුවන් ජාලය

රාවණ අධිරාජ්‍යයට අයත් ගුවන් බලය එම රාජ්‍යයට ආවේණික වූ හමුදාවකි. පුරාණ ග්‍රන්ථ අධ්‍යයනයෙන් වැටහෙන්නේ රාවණ අධිරාජ්‍යයා මෙම තාක්ෂණය උපරිමයෙන් භාවිතා කල බවය. රාමායනයට අනූව රාවණ අධිරාජ්‍යයා මෙය කුවේර ගෙන් පැහැර ගත් බව සඳහන් කලද හෙළ පුරාණය අනූව මෙම තාක්ෂණය ඉහල තාක්ෂණයකි. රාවණ හමුදාව මෙම ගුවන් යානා තාක්ෂණය ඉහල තාක්ෂණය තම හමුදාමය සැලසුම් වලට යොදා ගන්නා ලදී.

ගුවන් යානා පිළිබඳ පුරාණ ශිෂ්ඨාචාරයන්හි වාර්ථා වී ඇත. අන්ග්කෝ, මිසර, බැබිලෝනියා, මොහෙන්දෝජාරෝ හා හරප්පා වැනි ශිෂ්ඨාචාර වලත් ඉන්දු හා ලංකා ශිෂ්ඨාචාරයන්ද මෙම යානා පිළිබඳ සඳහන් කරයි. පුරාණ ග්‍රන්ථයන්ගේ ද, වේදයේ ද මෙම යානා පිළිබඳ සඳහන් වේ. නමුත් රාවණ අධිරාජ්‍යය තුල පැතිරුණු ගුවන් යානා තාක්ෂණය සුපතලය.

එකල වූ යුද්ධ ක්‍රම හෝ සාම්ප්‍රධායික ක්‍රම සමඟ සසඳන විට ගුවන් යානා තාක්ෂණය විශාල වෙනසකි. සාමිප්‍රධායික සටන් ක්‍රම අනූව ගුවන් යානා සටන් ක්‍රම සැසඳිය නොහැක. හේතුව එම යානා භාවිත කිරීම විශාල වාසියක් වීමයි. සාමිප්‍රධායික ආයුධ වලට මෙවැනි යානයකට ප්‍රහාර එල්ල කිරීමට නොහැකි වීමයි. නමුත් ගුවන් යානයක සිට සාම්ප්‍රධායික ආයුධ භාවිත කල හැක. මෙවැනි අහස් ප්‍රහාර වලින් සාම්ප්‍රධායික හමුදාවක් පහසුවෙන් විනාශ කල හැක. මෙවැනි ප්‍රහාරයකින් බේරීමට නම් ආවරණ සහිත ප්‍රදේශ වල එනම් වනාන්තර ආශ්‍රිත ප්‍රදේශ වල සටන් කල යුතුය. නමුත් එකල සටන් ක්‍රම අනූව විවෘත ප්‍රදේශ වල සටන් සිදු විය. එසේනම් ගුවන් යානා වලින් සිදු කල හානිය විශාල වේ.

රාම-රාවණ සංග්‍රාමය පිළිබඳ විශාල සටහන් ඇති රාමායනය රාවණ ගුවන් තාක්ෂණය ගැනද සඳහන් කර ඇත. රාම ග්‍රන්ථයට අනූව මෙම සංග්‍රාමයේදී ගුවන් යානා (විමාන) බහුලව යොදා ගෙන ඇත. විමාන යානා රාවණ පමණක් නොව රාම හමුදාවේද තිබී ඇත. උදාහරණයක් ලෙස විභීෂණ ගේ ඉල්ලීම පිට බටහිර වෙරලේ නාග ගෝත්‍රිකයන් රාමගේ උදව්වට විමාන යොදා ගෙන ඇත. එවැනි විමානයක් කඩා වැටුණු තැන උණවටුන යයි මතයක් වේ. රාම-රාවණ සංග්‍රාමයේ දී රාවණ හා ඉන්ද්‍රජිත් මෙම යානය බහුලව භාවිත කල බව හැඟේ. රාමායනයට මුල් වූ සීතා පැහැර ගැනීමේ "කථාවට" විමාන යානයක් (දඩු මොණරයක) සම්බන්ධය.

රාමායනයට අනූව ඉන්ද්‍රජිත් මහා බ්‍රාහ්මයාගෙන් ලබා ගත් "සහස්ඝ්රති" නැමති යානයෙන් යුද්ධයට පිවිසෙන බවත් එම යානයේ ගමන් කරන විට ඔහුව මරා දැමීමට නොහැකි බව සඳහන් වේ. ඔහු එම යානයේ සිට ඊතල දස දහස් ගනනින් යැවිය හැකි ආයුධයකින් වළාකුලූ අතරින් ප්‍රහාර එල්ල කල බවද සඳහන් වේ. මෙම විස්තරයට අනූව වර්ථමානයේ මෙවැන්නක් කල හැක්කේ ඇමරිකානු ගුවන් හමුදාවේ A-10 Thunderbolt II යානය හා එහි ඇති 8GAU-8 30mm තුවක්කුවටය. ඉන්ද්‍රජිත් මෙවැනි යානයක සිට ආලෝක ධාරා මගින් සටන් කල බව සඳහන් වේ (Laser) මෙවැනි ගුවන් ප්‍රහාර හමුවේ සාම්ප්‍රධායික ආයුධ වලින් සමන්විත හමුදාවක් නිරුත්තර වේ. ඔවුන්ට එවැනි ප්‍රහාරයක් හමුවේ ප්‍රතිප්‍රහාර දිය හැකි ක්‍රමයක් නොවීය.

මෙම කරුණු කාරණා මුල් කරගෙන රාවණ ගුවන් හමුදාව හෝ විමාන හමුදාව යුධ ජයග්‍රහණයට මුල් වූ සාධකයකි. එසේ නම් එවැනි හමුදාවක් විනාශ කිරීම හෝ අක්‍රිය කිරීම යුද්ධය ජයග්‍රහණය කිරීමට සාධකයක් වේ. රාවණ ගුවන් හමුදාව විනාශ කල හැකි ආකාර 3කි.

  • ගුවන් යානා නවතා තබන විට විනාශ කිරීම.
  • විමාන යානා පදවන්නන් විනාශ කිරීම.
  • විමාන නිෂ්පාදනය කරන හෝ අලූත්වැඩියා කරන කර්මාන්ත විනාශ කිරීම.

රාවණ අධිරාජ්‍යයට අයත් ගුවන් යානා රහස් විභීෂණ හරහා රාමට ලැබුණි. ඉහත සඳහන් කල පරිදි නාග විමාන යානා රාමගේ සේවය පිණිස යොදා ගන්නා ලදී. විභීෂණට රාවණ හමුදාවේ ගුවන් යානා විනාශ කිරිම අපහසු නොවේ. හේතුව ඔහු ආරක්ෂක ඇමති ලෙස කටයුතු කිරීමයි.

රාවණ අධිරාජ්‍යය ලොව විශාල අධිරාජ්‍යයකි. මෙවැනි අධිරාජ්‍යයක් පරිපාලනයට විශාල පරිපාලන ජාලයක් තිබිය යුතුය. මෙම ජාලය හරියාකාරව ක්‍රියා කිරීමට නම් ඉතාම කාර්යක්ෂම සම්බන්ධීකරණයක් තිබිය යුතුය. එම සම්බන්ධීකරණය සිදු කල යුත්තේ මහා මාර්ග හරහාය. (Lines-of-Communications) රාවණ අධිරාජ්‍යයේ මූලස්ථානය වූයේ හෙළදිවය. හෙළදිව තුලද විශාල සම්බන්ධීකරණ ජාලයක් වූවේය.

හෙළදිව මෙම සම්බන්ධීකරණ ජාලය කොටස් 3කට බෙදිය හැක.

  • බිම් මාර්ගය.
  • නාවික මාර්ගය.
  • ගුවන් මාර්ගය.

මෙම ක්‍රම තුන යටතේ හෙලදිව තුල කාර්යක්ෂම පරිපාලනයක් පවත්වාගෙන යාමට රාවණ අධිරාජ්‍යයාට හැකි විය. බිම් මාර්ග තැනීමේදී රාවණ රජු වර්ථමානයේ භාවිත කරන ක්‍රම වලට හාත්පසින්ම වෙනස් ක්‍රම යොදා ගත්තේය. එතුමා ස්වභාවික සම්පත් මැනවින් අගය කල, ලොව ප්‍රථම වන රක්ෂිතය පවා බිහිකල උදාර නායකයෙකි. එම නිසා මාර්ග සඳහා කැලෑ හෙලි පෙහෙලි කිරීමට එතුමා කැමැත්තක් නොදැක්වීය. නමුත් මාර්ග පද්ධතිය වර්ථමානයේ සීගිරිය, ලක්ගල, මාතලේ දිස්ත්‍රික්කය හරහා කතරගමට විහිදී තිබුණි. එමගින් එතුමාට සීඝ්‍රයෙන් හමුදාව රට පුරා රැගෙන යාමට හැකි විය. දැනට පුරා විද්‍යා කැනීම් වලින් මෙම උමං මාර්ග මතුවී ඇත. එක් දොරටුවක් මාතලේ හුලංගමුව වලව්ව වත්තේ ඇත.

නාවික මාර්ග පද්ධතිය ඉතාම වැඳගත් වූයේ එමගින් බර ප්‍රවාහණයට පහසු වීම නිසායි. උදාහරණයකට කතරගම, වෙල්ලස්ස වැනි රෝහණයේ ප්‍රදේශ වලින් නිෂ්පාදනය කරන වී, ධාන්‍ය හා අලි ඇතුන් වැනි බර ද්‍රව්‍ය ප්‍රවාහණය කර ඇත්තේ නාවික මාර්ග හරහාය. එකල නාවික ජාලයට විශාල තොටවල් සමූහයක් රට පුරා විසිරී තිබුණි. රාවණ රජු සමයේ මෙම තොටවල් හරහා ජාත්‍යයන්තර වෙළඳ ජාලයක් පවත්වාගෙන ගියේය. රාම-රාවණ යුධ සමයේ රාවණ රජුගේ නාවික හමුදාව සමඟ 1000ක් යුධ නැව් ගෝකණ්ණ නාවික සටනේදී රාම හමුදාව විසින් පරාජය කල බව පුරාණ ග්‍රන්ථ වල සඳහන් වේ.

තෙවන හා විශේෂිතම සම්බන්ධීකරණ ආකාරය ගුවන් පද්ධතිය වේ. මෙය හෙලදිව සුවිශේෂ වූ සම්බන්ධීකරණ ජාලයකි. මෙම ගුවන් ජාලය හරහා රාවණ රජු තම පරිපාලන මධ්‍යස්ථාන සම්බන්ධ කලේය. මෙම ගුවන් තාක්ෂණය මගින් එතුමා ජාත්‍යයන්තර සබඳතාද පවත්වාගෙන ගියේය. හෙළදිව තුල එතුමාගේ මාලිගා 25 ක් මෙම ජාලයට සම්බන්ධ කරගෙන තිබුණි. ගුවන් නිළධාරීන් හා පවුල්වල සාමාජිකයන් මෙම මධ්‍යස්ථානය හරහා ප්‍රවාහණය කර ඇත.

ගුවන් සම්බන්ධය ඉතාම වැඳගත් වන්නේ රාවණ රජු ප්‍රථම සිවිල් ගුවන් සේවය ආරම්භ කිරීමයි. එම සේවය අභ්‍යන්තරව (Dometic Network) හා ජාත්‍යයන්තර (International Network) ලෙස වෙන් කල හැකිය. අභ්‍යන්තර ගුවන් සේවය හරහා රාවණ මාලිගා 25 සම්බන්ධ කල අතර අනෙකුත් ප්‍රධාන මූලස්ථාන සම්බන්ධ විය. එතුමා හෙළ දිව තුල පරිපාලන කටයුතු කිරීම සඳහා මෙම ගුවන් පද්ධතිය හරහා එතුමා ගමන් කලේය. එතුමා ගුවන් යානයෙන් ගොස් කඳු මුදුනට බසින නිසා ජනතාව එතුමාට "කඳු කුමාරයා" ලෙස නම් කලේය. පසු කාලීනව මෙය "ස්කන්ධ කුමාරයා" වූ බවටද මතයක් පවතී. මෙම අභ්‍යන්තර ගුවන් සේවය මගින් එතුමා විධිමත් පාලනයක් පවත්වාගෙන ගියේය.

ජාත්‍යයන්තර ජාලය එතුමා තම යටත් විජිත පාලනයටත් මිත්‍ර රටවල් හා සම්බන්ධ වීමටත් යොදා ගත්තේය. මෙය ලොව ප්‍රථම ජාත්‍යයන්තර ගුවන් ජාලයයි. මෙම ජාලයේ ක්‍රියාකාරීත්වයට අසුන් 200ක ගුවන් යානයක් (විමානයක්) වූ බව පුරාණ ග්‍රන්ථ වල සඳහන් වේ. එම යානයේ වැසිකිලි හා මුලූතැන් ගෙයක්ද වූ බව සඳහන් වේ. මෙම යානය වර්ථමානයේ මැක්ඩොනල්ඞ් ඩග්ලස් DC-10 යානයට සමානය. මේ සඳහා බලය ලැබී තිබුණේ රසදිය කේන්ද්‍රපසාරී බලයයි.


ජාත්‍යයන්තර ගුවන් ජාලය

රාවණ ගුවන් හමුදාව හා ගුවන් ජාලය

රාම රාවණ යුද්ධයෙන් පසු රාම පුෂ්පක රථය ඉන්දියාවට ගෙන ගියේය. අධිතාක්ෂණික ආයුධ හෙල ශිෂ්ඨාචාරයට අහිමි විය. නමුත් එම තාක්ෂණය අභාවයට නොගියේය. හේතුව බුදුන් සමය වන විට ආලවක, සතාගිරි යක්ෂ සෙන්පතියන් ගුවන් යානා (විමාන) මගින් ඉන්දියාවට ගොස් බුදුන් දුටු බව සඳහන් වේ. ඔවුන් කෑගල්ල අලූලෙනේ සිට ගිය බව සඳහන්ය. බුදුන් ශ්‍රී පාදයට සුමනගේ ගුවන් යානයෙන් වැඩිය බව එක් මතයකි.

රාවණ සමයේ සිට ගුවන් යානා සම්බන්ධ ප්‍රදේශ රාශියක් ලංකාවේ වේ. එම සමයේ ගුවන් යානා තොට වාරියපොල නම් වේ. දැනට සොයා ගෙන ඇති සෙල්ලිපි රාශියක ගුවන් යානා සහ නියමුවන් ගැන සඳහන් වේ. එකල නියමුවන් හැඳින්වූයේ "¥තක" නමිනි. නුවරඑලියේ, කොත්මලේ, ගුවන් යානා තොටක් විය. වත්මන් තොප්පිගල සැහැල්ලූ ගුවන් යානා තොටක් විය. (එකල කාල ගිරි ලෙස මෙම ගල හැඳින්වීය).

එහි ගුවන් සමාගමේ ලාංජනය සහ ගුවන් නැවක චිත්‍රය කලූ ගලින් කොටා තිබේ. රත්නපුරයේ බොල්තුඹේ දේවාලයේ රාවණ රජුගේ ගුවන් යානයක සුන්බුන් ඇති බව සඳහන් වේ. විමානයක ආකෘතියක් එම ස්ථානයේ පිටත වේ. එම ආකෘතිය "විමානක වස්තු" ග්‍රන්ථයේ යානයකට සමාන වේ. රාම රාවණ යුද්ධයේදී විමාන යානයක් රූමත්සල සිට බෙහෙත් ප්‍රවාහණයේදී කඳු ගැටයක වැදී උණා වැටුණු තැන "උණවටුණ" ලෙස නම් කල බවත් එම යානය නාග ගෝත්‍රිකයන්ට අයිති බවත් විභීෂණ ගේ ඉල්ලීමෙන් රාමට උදව් කල බවත් මතයක් වේ.

රාවණ රජුගේ ගුවන් යානා ගැන විස්තර බැබිලෝනියාවේ හා ඊජිප්තුවේ හා සුමාර්වල සඳහන් වේ. මෙම විමාන යානා ප්‍රවාහණයට හා යුද්ධයට යොදා ගෙන ඇත. රාමායනයට අනූව ඉන්ද්‍රජිත් (මේඝනාද) සහසුග්‍රති නැමැති යානයකින් නැග අහසේ වලාකුලූ අතර හැංගී වරකට ඊතල 12,000ක් යැවිය හැකි දුන්නක් යොදා ප්‍රහාර එල්ල කල බව සඳහන් වේ. මෙම වාර්ථා විශ්ලේෂණයේදී එම ආයුධය වර්ථමාන GAU-8 Gatling Gatling වර්ගයේ කාල තුවක්කුවකට (Canon) සමානය. මෙම යානය මහා බ්‍රාහ්මයාගෙන් ඉන්ද්‍රජිත් සෑම යුද්ධයකටම පෙර ලබා ගන්නා බවත් යුද්ධයෙන් පසු නැවත භාරදිය යුතු බවත් සඳහන් වේ. බෞද්ධ සූත්‍ර පිටකයේ මහා බ්‍රහ්මයා ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන් ආ ජීවියෙක් බව සඳහන් වේ. එයට අනූව ඉන්ද්‍රජිත් පිටසක්වල ජීවියෙකු ගෙන් ආයුධ ගෙන ඇත.

රාම-රාවණ යුද්ධයෙන් පසු මෙම තාක්ෂණය ඉන්දියාවට ගොස් ඇත. ඇලෙක්සැන්ඩර් ඉන්දු නිම්නය ආක්‍රමණය කරන විට අහසින් සහ ගුවන් යානා වලින් ප්‍රහාර එල්ල කල බව සඳහන්ය. එම කාලය චන්ද්‍රගුප්ත අධිරාජ්‍යයාගේ තරුණ කාලයයි. (අශෝක රජු ගේ මුත්තා චන්ද්‍ර ගුප්තයි). අශෝක අධිරාජ්‍යයා ධර්මානුකූල මාවතකට එළඹීමෙන් පසු මෙවැනි අධිතාක්ෂණික  ක්‍රම 9ක් පොත් කර ටිබැටයේ සැඟවූ බව සඳහන් කර ඇත. මෙම තාක්ෂණය ටිබැටයේ වූ බව දැනගත් හිට්ලර් පුරා විද්‍යා කණ්ඩායමක් යවා මෙම තාක්ෂණයෙන් කොටස් කිහිපයක් ලබාගෙන ඇත. මෙම කොටස් වල "රාම සර" තාක්ෂණය අනූව යමින් V-1 රොකටය තැනූ බවට මතයක් වේ.

  • "TR-3B" යානය

චීනය 1960 දශකයේ ටිබෙටය ආක්‍රමණය කිරීමේදී මෙම ග්‍රන්ථ සොයා ගන්නා ලදී. එම ග්‍රන්ථ පරිවර්ථනය කිරීම ඉන්දියාවේ කල බවත් එහි පිටපතක් ඇමරිකාවට ලැබුණු බවත් එහි ප්‍රථිපලයක් ලෙස "TR-3B" යානය නිෂ්පාදනය කල බවත් සඳහන් වේ. ඇමරිකාව නාසා ආයතනය සමඟ එක්ව මෙම ග්‍රන්ථ වල සඳහන් "රසදිය කේන්ද්‍රපසාරී බලය" යොදා යානා කිහිපයක් තනා පර්යේෂණ පවත්වන බවද සඳහන් වේ.

  • "Hytle" අධිතාක්ෂණ සටන්/ප්‍රහාරක යානය

 "Hytle" අධිතාක්ෂණ සටන්/ප්‍රහාරක යානය වර්ථමානයේ ගුවන් තාක්ෂණයේ ඉහලම ශිකරයයි. නවීන ගුවන් තාක්ෂණය පිළිබඳ අධ්‍යයනයේදී 5 වැනි පරපුරේ ගුවන් යානා තිබෙන අතර (J-20" F-22" T-50 PAK FA, F-35). 6 වන පරපුරේ යානා පරීක්ෂණයේ වේ. (J-13 Nemesis). යානා 7 වැනි පරපුරේ කීවොත් නිවැරදිය. මෙම යානය සුවිශේෂ යානයක් වන්නේ එහි අන්තර්ගත තාක්ෂණයයි. නවීන විද්‍යාවට අනුකූලව බැලීමෙන් ගුවන් තාක්ෂණයේ හිනි පෙත්තටම නැග ඇති අතර එහි වර්ෂ දහස් ගණනක් පුරා පැවත ආ පුරාණ විමාන තාක්ෂණයක් වේ. "හයිට්ල්" යානායේ ප්‍රධාන කාර්යය වන්නේ ගුවන් යානා කිහිපයක් කල යුතු කාර්යයන් සාර්ථකව එක් යානයක් මගින් සිදු කිරීමයි. (Multi-mission capability). මෙම කාර්යය කිරීමට සුවිශේෂ හැකියාවක් විය යුතුය.

"හයිට්ල්" පංතියේ යානය ප්‍රධාන එන්ජින් පද්ධති තුනකි. එයට මර්කරි වෝටෙක්ස් එන්ජිමක් (Mercury Vortex Engine) හා "පල්ස් ඩෙටොනේෂන්" එන්ජිමක් (PDE) වේ. එන්ජිම ඉතාම බලගතු එන්ජිමක් වන අතර අධි ධ්වනික වේගය (Hypersonic Speed) සඳහා යොදා ගන්නා එන්ජිමකි. මෙම එන්ජින් ක්‍රියා කරනුයේ අධිවේග වාතය සංකෝචනය කර ඉන්ධන සමඟ මිශ්‍ර කර දවාලීමෙනි. දවාලූ වායුව ඉහල පිටකුරු වේගයකින් පිටවන්නේය. මෙම එන්ජිමට එම නම ලැබුණේ එන්ජිමේ ක්‍රියාකාරිත්වය කුඩා පිපිරුමක් ලෙස පිටවන නිසාය.

මෙම එන්ජින් දෙකටම අවශ්‍ය වායුව ඉදිරිපස ඇති වායු චූෂණයෙන් ලබා ගනී. මෙම එන්ජින් සැලසුම් කර ඇත්තේ අධික වේගයෙන් යන විට ක්‍රියාකරවීමටය. අධික වේගයෙන් යානය යන විට වාතය චූෂණය (intake) හරහා එන්ජිමට පිවිසීම සිදු වන අතර පීඩක පද්ධති (compressor) අනවශ්‍ය වේ. එම නිසා එන්ජින් බර අඩුය. මෙම යානයට ඉහල අහසට යා හැකි අතර වෛමානික ශාස්ත්‍ර වලට අනූව වායු ගෝලයේ බ්‍රහ්ම ක්ෂේත්‍රයට යා හැක. නවීන විද්‍යාවට අනුව මෙම වායු ගෝලස්ථරය 90 නප ඉහලින් වන අතර මෙය අයන ගෝලය ලෙස හඳුන්වයි (Ionosphere). මෙම එන්ජින් වලට වායු ගෝලය පසු කර යා නොහැක. "හයිට්ල්" යානයේ ප්‍රධාන එන්ජිම රසදිය කේන්ද්‍රරාපසාරී බලයෙන් ක්‍රියා කරන එන්ජිමය. මෙම එන්ජිම මගින් රසදිය ප්‍රසාරණය කර වේගයෙන් ත්වරණය කර අධි බලයක් නිෂ්පාදනය කරයි. මෙම එන්ජින් විමාන යානා වල බහුලව ඇති එන්ජිමකි.

යානය නිෂ්පාදනයේදී යොදා ගන්නේ අධික උෂ්ණත්වයකට ඔරොත්තු දෙන ද්‍රව්‍ය වේ. (Thermoplastics yd Composite/Ceramics). විමාන යානා නිෂ්පාදනයේදී ප්‍රධාන ලෝහ තුන (සෝම, සෞන්දල, මෞර්ත්වික) සංයෝග කර නිෂ්පාදනය කරන අතුරු ලෝහ වර්ග 16ම අධික උෂ්ණත්වයට ඔරොත්තු දෙන, සැහැල්ලූ ලෝහ වේ. වර්ථමානයේ "හයිට්ල්" යානය නිෂ්පාදනයටත් මෙවැනිම ගුණ ඇති ද්‍රව්‍ය යොදා ගනී.

"හයිට්ල්" යානයේ ප්‍රධාන විශේෂත්වය වන්නේ එහි සෙන්සර් පද්ධතියයි (යන්ත්‍ර පද්ධතිය). මෙම පද්ධතිය හරහා මෙම යානයට ස්වයංක්‍රියව පාලනය වීමට හැකියාව ඇත. මෙම සංවේදක උපකරණ, මාර්ග උපකරණ, පණිවිඩ උපකරණ (Sensor, Navigation, Communication) එක පද්ධතියකට ඒකාබද්ධ කර ඇත. යානයේ සංවේදක උපකරණ වලට රේඩාරය, ලේසර් රේඩාරය, අධෝරක්ත මාපකය, ශබ්ධ ආකර්ෂණ යන්ත්‍ර (Acoustic) ඇත. මෙම සෙන්සර් හරහා යානය වටා තිබෙන සියලූ තොරතුරු නියමුවා වෙත ලබා දෙනු ලැබේ. මෙම නවීන උපකරණ විමාන යානා වල තිබුණු දර්ෂණ තාක්ෂණයට සමානය. පහත වගුවේ විමාන තාක්ෂණය හා "හයිට්ල්" තාක්ෂණය සංසන්දනාත්මකව විග්‍රහ කර ඇත.

උපුටා ගැනීම - http://piyasara.com/content/aviation.html

වැදුම්: 3981
0

මහා රාවණ ඉතිහාසයේ එන පුලතිසිපුරය හෙවත් දෙමළ බසින් පුලත්නරු නම් වන පුලතිසි සෘෂිවරයාගේ නගරය මෙරට ස්වර්ණමය යුගයකට උරුමකම් කියන භූමියකි. එහි ඇති පුලතිසි ප්‍රතිමාව ලංකා ඉතිහාසයේ අනාදිමත් කාලයක් නිරූපණය කරන ප්‍රබල පුරාවිද්‍යා සාධකයකි. කිසිදු රාජ්‍ය ආභරණයක් නොපළඳින උතුම් යෝගිවරයකු ගේ ස්වරූපය පිළිබිඹු වන මෙම ප්‍රතිමාව පරාක්‍රමබාහු රජුගේ යෑයි පැවසීම ලක් වැසියන් මුළා කිරීමක් වන අතර එම නගරය පොළොන්නරුව යනුවෙන් ව්‍යවහාරයට හුරු කිරීම මෙරට ඉතිහාසය වසන් කිරීමේ තවත් වෑයමකි. වර්තමාන පරාක්‍රම සමුද්‍රය පිහිටි භූමිය අතීතයේ පුලතිසි සෘෂිවරයාගේ තපෝවනය වේ.

පරාක්‍රමබාහු මහා අධිරාජ්‍යයා පවා මෙම ප්‍රතිමාවට පුද සත්කාර කළ රාජ්‍ය පාලකයෙකි. වර්තමාන පොත්ගුල් විහාරය අතීතයේ මෙරට බෞද්ධ, වෛද්‍ය ග්‍රන්ථ හා යන්ත්‍ර මන්ත්‍ර රැස් කළ ප්‍රධාන පුස්තකාලයව පැවැති අතර කාලිංග මාඝගේ ආක්‍රමණයෙන් මෙහි පැවැති රාවණ යුගයට අයත් ශ්‍රී රාවණ, පුලතිසි මහා සෘෂිවරුන්ගේ අත් අකුරු සහිත ග්‍රන්ථ කොටස් පවා විනාශයට පත්විය.

ආශ්‍රිත ප්‍රවර්ග: ඓතිහාසික සාධක රාමායනය
වැදුම්: 2385
0

ලිපි


විද්‍යුත් ලිපි මගින් සම්බන්ද වෙන්න

344084
යාවත්කාලීනය: 05-09-2014