Image Caption

රාම රාවණා යුද්ධයේ සිතුවමක්

Image Caption

සක්වල චක්‍රයේ අභිරහස

Image Caption

යුද්ධය පිළිබිඹු කරන පැරණි කැටයමක්

  • ප්‍රවර්ග
    ප්‍රවර්ග ප්‍රවර්ග සියල්ල ලැයිස්තුවක් ලෙස පෙන්වයි.
  • ප්‍රවර්ග
    ප්‍රවර්ග සම්බන්ධිත ප්‍රවර්ග ලැයිස්තුවක් ලෙස පෙන්වයි.

දක්ෂිණ ලංකාවේ සුප්‍රකට ප්‍රදේශයක් වූ ගිරුවා පත්තුවේ සමාජ තත්වය විමසා බලන විට පෙනී යන්නේ එම පෙදෙස රාවණා යුගයේ සිට පොදු ජන ආකර්ශණය ලැබූ සරු බිමක්ව පැවැති බවකි. රාවණ මහ රජතුමාගෙන් පසු හෙළ දිව අග රජු බවට පත් දෙවැනි රාවණා රජතුමා ගිරුවා පත්තුවේ දෙවොලකට ගොස් දෙවියන් පිදූ බවත්, දැන් එම ස්ථානය ගැටබරු දෙවොල ලෙස හඳුන්වන බවත් "රාවණ කතා" පුස්කොළ ග්‍රන්ථයේ සඳහන් වේ. ඒ අනුව විමසා බලන විට රුහුණේ ගැටබරු දේවාලය රාවණා යුගය දක්වා ඉපැරණි අතීතයක් ඇති පුද බිමක් ලෙස සැළකිය යුතුය. රුහුණු ප්‍රදේශයේ හෙළ යක් පරපුරට අයත්, පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන රැසකි. "රම්බා විහාරය" ද මෙම පුරාවිද්‍යාත්මක අගයක් ඇති ස්ථාන අතර සුවිශේෂත්වයක් ගත් පුදබිමකි.

ලක් දිව යුධ කරදර පැවැති එක් සමයකදී ශ්‍රී දළදා වහන්සේ ආරක්ෂා කළ ස්ථානයක් ලෙස හඳුන්වනු ලබන රම්බා විහාරය රාවණ රජ සමයේ විසූ "රම් දෙව්දුව" සිහිවීම පිණිස ගොඩනැන්වූ දෙවොලක් ලෙස රාවණ කතා ග්‍රන්ථයේ එක් තැනක සඳහන් වේ. මේ අනුව විමසා බලන විට මෙම ප්‍රදේශය යක්ෂ, දේව, නාග, ගන්දබ්බ ගෝත්‍රික ජනයා සහජීවනයෙන් ජීවත් වූ පින් බිමකි.

මෙම ප්‍රදේශයේ ගෝත්‍රික ආරවුල් කිසිවක් පිළිබඳ අප රටේ සම්භාව්‍ය වංශ කතා වල පැහැදිලිවම සටහනක් නොමැත. මෙම ඓතිහාසික රම්බා විහාරයට පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිසි අවධානයක් ලැබී නැති බව කිව යුතුය. රාවණා කතා පුස්කොළ ග්‍රන්ථයට අනුව එදා ගිරුවා පත්තුව සුවිසල් පෙදෙසකි. ලක් දිව තිබෙන්නාවූ අනෙක් "පත්තු" ප්‍රදේශ වලට වඩා ගිරුවා පත්තු ප්‍රදේශය විශාලය. මෙම පත්තුවේ කොඩියේ ලාංඡනය ලෙස එදා භාවිතා කර ඇත්තේ කොළ පැහැති ගිරවකුගේ රුවකි. එබැවින් මෙම පෙදෙස එදා හඳුන්වා ඇත්තේ "ගිරවා පත්තුව" ලෙසය. හම්බන්තොට සිට බිංතැන්න දක්වා විහිදී තිබුණු මෙම භූමිය, අද කැඩී බිඳී වෙනස් වී ඇත.

ගිරවාපත්තුවට අදාල ගිරවා කොඩිය අද බිංතැන්නට හිමිව ඇති අතර හම්බන්තොට, මුල්කිරිගල ප්‍රදේශයේ වෙනත් ප්‍රාදේශීය ධජයක් භාවිතා වේ.

එදා රාවණා රජ දවසේ ගිරුවා පත්තුවට අයත් ප්‍රදේශ හම්බන්තොට, බිංතැන්න, මුල්ගිරිගල, තංගල්ල, කිරම, වීරකැටිය, බුද්ධියගම ආදී පෙදෙස් රැසක් වූ අතර බෙලිඅත්ත ප්‍රදේශයෙන් එක් කොටසක් ද වූ බැව් පුරාණ පුස්කොළ ග්‍රන්ථ අනුව පෙනී යන සත්‍යයකි. පාන බොක්ක ග්‍රාමය සහ මඩුවන්වෙල ග්‍රාමය ද එදා ගිරුවා පත්තුවට අයත්ව තිබුණි. මෙම ප්‍රදේශයේ ගල් කුළු රැසක් ඇති බැවින් එය ගිරුවා පත්තුව යනුවෙන් හැඳින් වූ බැව් ඇතැමෙක් කියති.

දකුණු පළාතේ ඉතා සුප්‍රසිද්ධ ග්‍රාමයක් වූ විතාරන්දෙණිය ද අයත් වන්නේ මෙම ඓතිහාසික ගිරුවා පත්තුවටමය. යුරෝපීය ජාතික සිවිල් නිලධාරියෙකු වූ ලෙනාඩ් වුල්ෆ් මහතා ද මෙම ප්‍රදේශයේ සේවය කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස "බැද්දේ ගම" කෘතිය ජාතියට තිළිණ කර ඇත. ගිරුවා පත්තුවේ මීගහ ජදුර ග්‍රාමය රාවණ පා පහස ලද ග්‍රාමයක් ලෙස ඔහු හඳුන්වා ඇති අතර එහි ජනතාව රාවණ රජතුමාට මහත් ආදරයක් මෙන් ම ගෞරවයක් ද දක්වන බැව් ලෙනාඩ් වුල්ෆ් සඳහන් කර ඇත.

අම්බලන්තොට සිට සැතපුම් හයක් පමණ දුරකින් පිහිටා ඇති කරඹගල ලෙන ඈත අතීතයේ දී හේට් නැමැති යක්ෂ ගෝත්‍රික ප්‍රභූවරයාගේ වාස භවනය වූ බැව් රාවණ කතාවේ සඳහන්ය. වීර කැටිය, වීර රකුසා ජීවත් වූ පෙදෙස බැව්ද එහි සඳහන් වේ. වීර රකුස් ප්‍රභූවරයාගේ මාළිගය පිහිටා තිබුනේ කොණ්ඩගලය. චින්තාමණී මොහොට්ටි දොන් ක්‍රිස්ටීන් ද සිල්වා නැමැති ප්‍රභූවරයාගේ වලව්ව පිහිටා තිබුණේ, වීර රකුස් මාළිගය පැවැති භූමියේ යැයි මේ ලියුම් කරු සමඟ විජේසිංහ බෙලිගල්ල (1965 මාර්තු 10 දින ටයිම්ස් මන්දිරය, කොළඹ 10) මහතා පවසා ඇත.

ශ්‍රී නම්මුණි නැමැති යක්ෂ ගෝත්‍රික බ්‍රාහ්මණයා එදා පදිංචිව සිටියේ කටුවන ප්‍රදේශයේ ආශ්‍රමයකය. (පුරාණ පුස්කොළ පොත් අනුව) "රදනි ආර" ග්‍රාමය ද පුරාණ යක්ෂ ගෝත්‍රික බ්‍රාහ්මණ ග්‍රාමයකි. ශ්‍රී වල්ලි මුණි සහ අසුර මුණි බ්‍රාහ්මණ ගුරුවරු එහි ජීවත් වූ බැව් කිව යුතුය. (ගුරු ශතකය. 32 පිටුව)

කන්ද උඩරට යක්ෂ ගෝත්‍රික ප්‍රභූ පවුල් සමඟ ආවාහ විවාහ සබඳතා ගොඩ නගා ගෙන දිවි ගෙවූ මෙම යක්ෂ ගෝත්‍රික හෙළයෝ භීම මණ්ඩලයේ හෙළයන් සමඟද පැවැත් වූහ.

සිතුල්පව්ව අද බෞද්ධ පූජනීය ස්ථානයකි. නමුත් එය රාවණා යුගයේ සූර්ය වන්දනාව කළ ස්ථානයකි. දක්ෂිණ ලංකාවේ යක්ෂ ගෝත්‍රික හෙළයන් වර්ශයකට වරක් සරත් සමයේ පුන් පෝ දිනක සිතුල් පව්වට ඒකරාශී වූ අතර, සූර්ය දෙවියන්ට පුද පූජා පවත්වා භාවනායෝගීව හැසිරෙණ බැව් රාවණා කතා ග්‍රන්ථයේ මා කියවා ඇත. සිතුල්පව්ව බෞද්ධ ආයතනයක් වූයේ දෙවැනී පෑතිස් යුගයේ සිටය. පුරාණ තලගුරු වෙහෙර රාවණ යුගයට අයත් අධ්‍යාපන මධ්‍යස්ථානයක් බැව් පුරාණ මූලාශ්‍ර අනුව කිව හැක. මෙම ස්ථාන සියල්ලක්ම වත්මන් ගිරුවා පත්තුවට අයත් නොවන නමුත් පුරාණ කාලයේ ගිරවාපත්තුවට අයත් ප්‍රදේශ වෙයි.

අද ගිරවා කොඩිය මෙම පෙදෙසින් ඈත් වී ඇති නමුත් එදා රුහුණේ විශාල පෙදෙසක් ගිරවා ප්‍රදේශයට අයත් වී තිබිණි. මාල ගිරවෙකුට එක් දිනයක් තුළ දී පියාසර කළ හැකි දුර ප්‍රමාණය ගිරවා ප්‍රදේශයට ඇතුලත් බැව් රාවණා කතා පුස්ථකයේ සඳහන් වේ.

ලක්දිව විවිධ පෙදෙස් පත්තු වශයෙන් කොටස් කිරීම ආරම්භ කරන ලද්දේ නුදුරු අතීතයේ සිටී සංහල රජවරු විසිනි. මෙම බෙදීම නිසා ගිරවා ප්‍රදේශයේ ඇතැම් කොටස් කැඩී ගිය අතර එය පත්තුවක් බවට පත් විය. පසු කලෙක එය ගිරවා පත්තුව නොව ගිරුවාය විය. එය ගල් කුළු සඳහා නොවූ නාමයක් වන අතර ගිරවා සඳහා යෙදූ නාමයක් බැව් රාවණා කතා ග්‍රන්ථය අනුව කිව යුතුය.

මෙම ගිරුවාය හෙළ යක්ෂ ගෝත්‍රික ප්‍රභූන්ගේ මධ්‍යස්ථානයක් බවත්, හෙළ දිව ආරක්ෂා කළ ජන නායකයින් ඈත අතීතයේ ද මෙම පුණය භූමියේ සිටි බවත්, ඈත අතීතය විමසා බලන විට පෙනී යන සත්‍යයකි.

ක්‍රිෂාන් වීරසිංහ.

(ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර මහතා විසින් පුවත්පතකට ලබා දුන් ලිපියක් අනුව සකස්කරන ලදි)

උපුටා ගැනීම - http://helasuraorg.blogspot.com/2013/07/blog-post.html

වැදුම්: 2583
0

රාවණා රජු පිළිබඳව විවිධ වූ කථා ඈත ගම්වල ජනතාව අතර තවමත් ඇත්තේය. මේ ඇතැම් පුරාවෘත්ත එම ගම්වල යම් යම් ස්ථාන හා බැඳී පවතී. මේ කියන්නට යන කතාවද එසේමය. මෙහි කොතරම් දුරට සත්‍යතාවක් ඇද්ද යන්න අපි නොදනිමු. එහෙත් මේ ස්ථානයේ ඇති අරුම පුදුම බවත්, සුන්දරත්වයත්, නිසාම මෙතැන ආරක්ෂා කරගත යුතුය යන්න පිළිබඳව වගකිවයුත්තන්ට කියන්නටත්, දෙස් විදෙස් සංචාරකයන්ගේ නෙත සිත මේ කෙරෙහි යොමු කරවීමේ අරමුණ ඇතිව අපි මෙය ඔබට කියන්නෙමු.

මේ අතීත කතාවයි, ඒ කතාව අපට කීවේ පණ්ඩිතයාකුඹුර ගමේ ධර්මසේන,

රාවණා රජ්ජුරුවෝ සීතා කුමරිය පැහැරගෙන ඇවිත් ලංකාවේ තැනින් තැන සඟවා තබාගෙන ඉඳලා තියෙනවා. රාවණා රජු සොරා ගෙන ආ සීතා කුමරිය සොයන්නට ලංකාවට ආවේ 'හනුමාන්' නම් වානර රජු. ඔහු දවසක් සීතා කුමරිය සොයමින් යන අතරේ රාවණා රජු ඔහු දුටුවා. ඒ වනවිට සීතා කුමරිය හිටියේ දියපහරක් අද්දර. රාවණා රජු කල්පනා කළා හනුමාන් සීතා දුටුවොත් ඔහුට ඇය දෙන්නට සිදුවන බව. ඒ නිසා ඔහු කපටි කමක් කරන්නට සිතා සීතා රෙදිකඩකින් වසා දැමුවා.

ඉන්පසුව රාවණා රජු හනුමාන්ට කිව්වලු සීතා කුමරියට බෝවන කුෂ්ට රෝගයක් තියෙනවා. ඒ රෝගය සුවකිරීමට නම් දඹදිව ඇති ගරුඬ පාෂාණයෙන් කෑල්ලක් ගෙනැල්ලා දෙන්න කියලා. හනුමාන් එසැනින්ම ඉන්දියාවට ගිහින් තිබෙනවා. නමුත් ඔහු ගරුඩ පාෂාණය ගෙනෙන විට සීතා හෝ රාවණා රජු එහි දකින්නට ඉඳලා නැහැ. හනුමාන් ගරුඬ පාෂාණය ඒ දියපහර අද්දරම දමලා ගිහින් තියෙනවා.

ඔය අතර රාවණා රජු ඊට ඈතින් පෙනෙන කඳු උඩ තිබෙන ගල්ලෙන් පංචයේ (ගල්ලෙන් පහක) සීතා කුමරිය සඟවා තබා තිබෙනවා. අදටත් මේ ගමේ අය අතර තිබෙන විශ්වාසයක් තමයි සුව නොවන කුෂ්ට රෝගයක් තිබුණොත් ඊට ප්‍රතිකාරයක් ලෙස ගරුඩ ගල් කෑල්ලක් දෙහි ඇඹුලෙන් උරච්චි කර ගෑවහම රෝගය සුවවෙනවා කියන එක.

මේ කතාව බොහෝ පැරැණිය. එහෙත් අතීතයේ සිට පැවත එන ගරුඩ පාෂාණය සහිත දියපාර නම් තවමත් නිරුපද්‍රිතව අපට දැකගැනීමට හැකිය.

කොහේද මේ ගරුඩ පාෂාණය හෙවත් ගරුඬගල තිබෙන්නේ? ඔබේ හිතට කුතුහලයක් ගෙනෙනු ඇත.

නුවරඑළියේ සිට රාගලට ගිය අපි රාගලින් මන්ත්‍රිතැන්න හරහා වැටී ඇති මාවතේ ගමන් කළෙමු. කැරට්, බීට්, අල, ගෝවා ආදී වගාබිම් මැදින් ද තේ වතු, මැදින් ද යන ගමන බෙහෙවින් සොඳුරුය. මධ්‍යහනයේ වුවද සීතලෙන් ආරක්ෂා වීමට උඩු කබා හැඳගනිමින් එළවළු පාත්තිවල යුහුසුළුව වැඩ කරන ගැහැනුන් පිරිමින්ගේ දසුන අපූරු ය. අපි රාගල සිට කිලෝමීටර් තුනක් පමණ ගියෙමු.

"මෙතැනින් එහා නම් යන්න බැහැ. පේනවනේ පාරේ හැටි"

අපට මඟ පෙන්වන්නට ගිය මන්ත්‍රීතැන්නේ මේනක ධර්මප්‍රිය හා ධර්මදාස මැසිවිලි නඟති.

එතැන් සිට කිලෝමීටර් එක හමාරක් පමණ අප ගියේ ත්‍රිරෝද රියකිනි.

"මේ ගමේ කෙනෙක්ට ලෙඩක්, හැදුණොත් තිබෙන ලොකුම ප්‍රශ්නය තමයි රෝහලකට රැගෙන යන එක. පාර අබලන් නිසා යන්න අමාරුයි. ත්‍රිරෝද රථවල යට ගල්වල වදිනවා. ඒත් අමාරු ලෙඩෙක් ගෙනියන කොට පුළුවන් තරම් ඉක්මනට රෝහලට යන්නයි බලන්නේ."

අසීරු මඟේ ත්‍රිරෝද රථය ධාවනය කරමින් සඳරුවන් පවසයි. අපි ඔහු හා කිලෝමීටර් එකහමාරක් පමණ ඔබ්බට ගියෙමු.

ගරුඬ පාෂාණය නැරඹිමට පැමිණි අය එයට හානිකරන අයුරු

එතැන් සිට අපි ගරුඩගල සොයා පා ගමනින් ගමන ඇරැඹුවෙමු. දුර්ලභ ඖෂධ වර්ග මෙන්ම වටිනා දැව ශාඛයන්ගෙන් හෙවණ වූ මඟ ඇත්තේ නිසොල්මන් බවකි. පරිසරය බෙහෙවින් නිහඬය. පාළුය. පල්ලම් බසිමින් ගිය අපි එක්තැනකදී මඟ නතර වුනෙමු. එතැන බෙහෙවින් ලිස්සන සුළුය. රූස්ස ගසක අත්තක එල්ලී පහළට බසින්නට අපි උත්සාහ දැරුවෙමු. වේලාව සවස තුනහමාරට හතරට පමණ ඇත. එහෙත් ඒ අවට පරිසරය බෙහෙවින් අන්ධකාරය. ඈතින් හඹා වැටෙන දියඇල්ලේ හඬත් රැහැයියන්ගේ හඬත් පරිසරයේ ඇති නිසලතාව බිඳ දමයි. බිඳී යන ඒ නිසලතාව මැදින් ඇසෙන්නේ ගලකින් ගලකට ගසන හඬකි.

තෙතබරිත පාරේ ගිය අපි ගරුඩ පාෂාණය සහිත දියපහරට ළංවුණෙමු. ගමනේ දුෂ්කරතාව එතැනින් නිමා විය. නෙතට හසුවූයේ අපූරු පාෂාණ තලාවක සොඳුරු බවකි. එහෙත් එහි සුන්දරත්වය බිඳිමින් සිතට ආවේ සියුම් කනගාටුවකි.

"ඕක තමයි වෙලා තියෙන දේ. මේක බලන්න යන එන අය ගල කඩාගෙන යනවා. කාලෙකට කලින් හාමුදුරුවෝ කෙනෙකුත් මෙතන මහා පරිමාණයෙන් ගල කැඩුවා. ඒත් කවුරුවත් ඒ ගැන අවධානයක් යොමු කළේ නැහැ. පත්තරවල මේ ගරුඩගල ගැන ගියාට පස්සේ ක්‍රමයෙන් මෙතැනට එන පිරිස වැඩිවෙලා තියෙනවා."

මන්ත්‍රීතැන්න ගමේ මේනක පවසන්නේ කනගාටුවෙනි. ගරුඩ පාෂාණය ඔවුන්ගේ ගමට ආඩම්බරයකි. ශ්‍රී ලංකාවේ හැරුණ විට මෙවැනි නිල් ගරුඩ පාෂාණයක් දැකිය හැක්කේ ඉන්දියාවේදී පමණක් බව ඔවුන්ගේ මතයයි.

අප එහි යනවිටද දේශීය සංචාරක දෙපිරිසක්ම එහි පැමිණ සිටියහ. ගරුඩ පාෂාණය තෙමාගෙන වැටෙන දියපහර බෙහෙවින් සීතලය. එමෙන්ම පරිසරයද සිහිලැල්ය. අපේ ගමේ පවුල් එකසිය විස්සක් විතර ජීවත් වෙනවා. රාගල ඉඳලා ගරුඬ ගල ගාවට කිලෝමීටර් දහයක් විතර එන්න ඕන. මන්ත්‍රීතැන්න ගම පහුකරලා ආවට පස්සේ පණ්ඩිතයාකුඹුර ගමට තමයි මේ නිල්ගරුඬ ගල අයිතිය තිබෙන්නේ. මෙතැනට එන්න තවත් පාරවල් දෙකක් තියෙනවා. එකක් තියෙන්නේ වලපනේ, රුපහා පාර හරහා. අනෙක් පාර තියෙන්නේ උඩුපුස්සැල්ලෑව හරහා. කොහොම වුණත් එතැනට යන්න ළඟම පාර තමයි රාගල මන්ත්‍රීතැන්න හරහා පාර. මේ දියපාර පටන් ගන්නේ පණ්ඩිතයා කුඹුර ඉහළ කොටසින්. දියපහර ගලාගෙන යන්නේ රූපහා ඔය හරහා මහවැලි ගඟට. මේ පාෂාණයේ විවිධ පාට වර්ග තිබෙනවා. අපිට පැහැදිලිවම දකින්න පුළුවන් පාට වර්ග කිහිපයක් ම තිබෙනවා. කිරිපාට, සුදුපාට, තදකොළ පාට, කළු පාට හා රෝස පාට ඒ අතර වෙනවා. මේක ගැන තවමත් හරියට සොයා බැලීම් කෙරිලා නැහැ. නමුත් මේ කලාපය රක්ෂිත කලාපයක්. මේවගේ දුර්ලභ ගනයේ පාෂාණයක් අපේ ගම ආශ්‍රිතව තිබෙන එක අපිට ලොකු ආඩම්බරයක්. නුවරඑළියට බොහෝ සංචාරකයෝ එනවා. ඒ එන අයට මෙතැන බලන්න එන්න පුළුවන්. ඒත් තිබෙන ලොකුම ප්‍රශ්නය තමයි හරිහමන් මාර්ගයක් නැතිකම.

පණ්ඩිතයාකුඹුර ගමේ ආරියපාල පවසන්නේය.

ගම්මුන්ට ඇති ලොකුම අඩුපාඩුව ගමට හරිහමන් පාරක් නොමැතිකමය. එහෙත් ගරුඬ පාෂාණය බැලීමට කැමැත්තෝ ඒ දුෂ්කර ගමන කෙසේ හෝ පැමිණෙති. එසේ පැමිණි කෙනෙකි. එස්.එම්. නයනා.

"මම දැන් පදිංචිවෙලා ඉන්නේ නුවර. අපේ අම්මගෙ ගම කරඳගොල්ල. මම පුංචි කාලේ මෙතැනට ඇවිත් තියෙනවා. එතකොට මගෙ වයස අවුරුදු නවයයි. දැන් මගෙ වයස අවුරුදු තිස් අටයි. ඉස්සර මෙතැනට එන්න හරිම අමාරුයි. අඩිපාරක් විතරයි තිබුණේ. අපි පොඩි කාලේ එනකොටත් එක එක්කෙනා මේක කඩාගෙන යනවා. ඒ කාලේ මීට වඩා ගරුඬ ගල තිබුණා. මම නව වතාවක් විතර මෙතැනට ඇවිත් තියෙනවා. මගෙ දුවට අවුරුදු නවයයි. මේ පාර මගෙ දුවත් ආවා. මේ පරිසරය හරිම සිහිලැල් මං මෙතැනට හරිම ආසයි. ඒ හින්දමයි ගමන අමාරු වුණත් ගමට ආවහම මෙතැනට ගොඩවෙලා යන්නේ."

ගරුඬගල බලන්නට යන කවුරුත් පාහේ නිතර දෙවේලේ එහි යාමට කැමැතිය. විශේෂයෙන්ම ප්‍රදේශයේ කොලු කුරුට්ටන් නිතර එහි ගැවසෙති. ඔවුහු තම ගමේ සම්පත රැක ගැනීමට මෙන් ගරුඬගල බැලීමට යන අයගේ පසුපසම යති. මේ නිසා සීතල ජලයේ වුවද දවසට දෙවරක් තුන් වරක් පැන නෑමට ඔවුහු මැලි නොවෙති. අපත් සමඟම ගඟ පෙන්වන්නට ගිය අසංක, උෂින්, ඉසුරු තිදෙනාද එසේමය.

ගමේ අය කවුරුත් එක හඬින් කරන්නේ එකම ඉල්ලීමකි. හැත්තෑ හැවිරිදි ආර්.එම්. ධර්මසේනගේ ද ඉල්ලීම ඒකය.

"මම පුංචි කාලේ ඉඳලම ඔතැනට යනවා. පුංචි කාලේ අපි යද්දී අඩි පාරක් තිබුණේ. මේ ගරුඬ පාෂාණය ආරක්ෂා කරගන්න, ඒක තමයි වැදගත්ම දේ. අපේ ගමට ඒක ආඩම්බරයක්.

සවස පහ හය වන විට පරිසරය අන්ධකාරයට හැරෙයි. ඈත නම නොදන්නා කඳු පේලි මීදුමින් වැසී ගොස්ය. කාලයක් තිස්සේ කැලයෙන් වැසී තිබූ පණ්ඩිතයාකුඹුර ගම හා ඒ අවට ගම්මාන හඳුනාගෙන තිබූ නිල් ගරුඬ ගල ක්‍රමයෙන් ජනාකීර්ණ වන්නට පටන් ගෙන ඇත. හෙට අනිද්දා වනවිට එහි යන එන පිරිස වැඩිවේවි. ඉතින් කරන්නට එක ඉල්ලීමක් ඇත. මේ දුර්ලභ පාෂාණය හා ඒ ආශ්‍රිත දියපහර බොහෝ වටින්නේය. එය සුරැකීම එහි යන එන හැමගේම වගකීමයි.

"විශේෂ ස්තුතිය" රාගල මේනක ධර්මප්‍රිය, කුරුවිට නිහාල් වික්‍රමරත්න හා රත්නපුර කමල් ගුණරත්න සොයුරන්ට.

ඡායාරූප - විමල් කරුණාතිලක

උපුටා ගැනීම - http://www.silumina.lk/2012/03/18/_art.asp?fn=as1203183

වැදුම්: 2871
0

ගෞතම බුදුන්ට කළින් සිට පැවත එන එනම් කාශ්‍යප බුදුන් සමයේ යැයි සිතිය හැකි ආරාම සංකීර්ණයක් විය යුතුයි. මෙම ස්ථානය ගෞතම බුදුන්ටත් කලින් මෙරට සිරිලක පහළවූ ශ්‍රේෂ්ඨ රජකෙනෙකු විසින් පරිහරණය කොට පසුව මහා සංඝයාට පිදූ පුදබිමක් ලෙස විශ්වාස කෙරේ.

වැදුම්: 2422
0

ඓතිහාසික සාධක

ITN වෙනස වැඩසටහන රාවණ රජු හා රාවණ ගුහාව අලලා සකස් කල වාර්තාමය වැඩසටහන.

වැදුම්: 3747
0

ලිපි


විද්‍යුත් ලිපි මගින් සම්බන්ද වෙන්න

315406
යාවත්කාලීනය: 05-09-2014